තම්මිට බිසෝ බණ්ඩාර
මාදම්පේ තම්මිට බණ්ඩාර රජු ගේ ඌව පළාතෙන් ගෙනා රන්දෝලියට දියණියන් දෙදෙනෙකු විය.මැණික් එතනා පළමු දියණිය වූ අතර ළමා එතනා දෙවැනි දියණිය විය. දෙවනි දියණිය වූ ළමා එතනා මාදම්පේ මාළිගය තුලදී හැදින්වූවේ තම්මිට බිසෝ නමින. ඇය පසුකාලයේ සීතාවක රාජධානිය ට අයත් ධර්ම බණ්ඩාර කුමරුගේ බිසව වූවේය. ඔවුන් අල්ලාගත් රයිගම යකුන්දූව ග්‍රාමයේ වාසය කළ බව රිසිමන් අමරසිංහ ශූරීන්ගේ අදහසයි.මහදම්පාගම ටිප්පණිය ට අනුව තම්මිට බිසව් බණ්ඩාර යනු රයිගම මහ රයිගම බණ්ඩාර ගේ පුත් කුඩා රයිගම් බණ්ඩාර ගේ බිසවයි. ඇයව පසු කාලයේ සීතාවක රජුන් පැහැරගෙන ගිය බවත් පසුව සොලොස්වස් වයස ධර්ම බණ්ඩාර ගේ යකඩ දෝලි ලෙසින් ධර්මසේන බණ්ඩාර කුමරුට ජන්මය ලබා දුන් බවත් කියැවේ. වීරසුන්දර බණ්ඩාර විසින් ධර්ම බණ්ඩාර කුමරුව ඝාතනය කළ සමයේ කොත්මලේ බෙරමාන ග්‍රාමයේ සැඟව සිට ඇත්තේ ගැබිණියක්ව සිටියදීමය.තවමත් කොත්මලේ ප්‍රදේශයට අධිපති බණ්ඩාර දේවින් ලෙසින් වන්දනාවට පාත්‍ර වන්නේ "ළමා බණ්ඩාර" නමිනි. ඇතමුන් භාවිත කරන්නේ ගැබ්බර බණ්ඩාර නාමයයි.ඇතැමුන් භාවිත කරකරන්නේ "බඩ බණ්ඩාර"නාමයයි.බෙරමාන ග්‍රාමයෙ වෙසෙන සමයේ දී කුසතුල සිටි දරුවා කා මරා දැමීමට පැමිණි කොත්මලේ මලී බණ්ඩාර යක්ෂණිය කඩුගා විනාශ කළ බැවින් ගම් වැසියන් තම්මිට බණ්ඩාර බිසෝ වන්දනාව ඇරඹූ බව ජනප්‍රවාදයේ කියැවේ. බෙරමාන ග්‍රාමයේ වාසය අහවර කර ධර්ම බණ්ඩාර කුමරුගේ රයිගම ප්‍රාදේශීය රාජධානිය වෙත යළි කුමරිය පැමිණියත් එහි වාසය කළ හැකි වටපිටාවක් නොවූ බැවින් රයිගම හැරදා ආරක්ෂිත දූපතක් වූ රයිගම යකුන්දූවේ පදිංචි විය. යකුන්දූවේ දී ධර්ම බණ්ඩාර කුමරු දාව උපන් ධර්මසේන කුමරුන් බිහි වූ අතර කළුතොට ප්‍රතිගාල් කපිතාන් වෙත ලිවූ ලිපියක ප්‍රතිපල ලෙස වස්කඩුව නින්දගම ලද්දේය. ක්‍රි.ව.1616දී පමණ බණ්ඩාරගම කොතලාවල ග්‍රාමයේදී මියගිය බව කියැවෙයි.බොල්ගොඩ තොටින් චිතකයක් දල්වා පානදුරා ගඟේ පාකර යැවූ බව රමුක්කන දේවපාද රමුක්කන රජ මහා විහාරයේ විහාරාධිපති හිමි සඳහන් කරයි.