සංගීතය විශ්ව භාෂාවකි. සංගීතය නිර්මාණය වන්නේ ක්‍රමවත් නාදරටා වලිනි. නාදරටා මැවීමට ගායනය හා වාදන‍ය අවශ්‍යය. අතීත‍යේ සිටම නාද රටා නැංවීම සදහා වාද්‍ය භාණ්ඩ යොදාගන ඇත. නවීන වාද්‍ය භාණ්ඩ එකතු ‍වෙමින්ද පැවති වාද්‍ය භාණ්ඩ නවීකරණය වෙමින්ද වර්තමානය වන විට වාද්‍ය භාණ්ඩ ගණකාවක්ම බිහිවී ඇත. එම වාද්‍ය භාණ්ඩවල ස්වාභාවය අනුව ඒවා වර්ග ‍කොට ඇත. මෙහි සදහන් වන්නේ ශ්‍රී ලංකාවේ භාවිත වන තත්වාද්‍ය භාණ්ඩ

තත් භාණ්ඩවල ඉතිහාසය

සංස්කරණය

ක්‍රි.ව.1055 දී පමණ ආරම්භ වූ පොලොන්නරු යුගය ශ්‍රී ලංකාව තුළ යම්තාක් දුරට සංගීතය ව්‍යාප්ත වූ වකවානුවකි. මෙම යුගයේදී හින්දු ආගමික කටයුතු සදහා ඉහළ රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණු බවත් එකල සංගීතය හා නැටුම් පැවැත්වීමට "සරස්වතී මණ්ඩපය" නමින් ගොඩනැගිල්ලක් වූ බවත් ඉතිහාස තොරතුරු වල දැක්වේ. බුත්සරණ කෘතියෙහිද එක් ස්ථානයක "රසනැති දණ්ඩෙන් ගැසූවද වීණාව මධුරවූ ශබ්ද පවත්නා සේ" යනුවෙන් උපමාවක් සදහන් කර තිබේ. මෙම තොරතුරු වලට අනුව තත්වාද්‍ය භාණ්ඩ අතීතයේ සිටම ශ්‍රී ලංකාව තුළ භාවිතාවූ බව පැහැදිළි වේ.

තත්වාද්‍ය භාණ්ඩ වර්ග

සංස්කරණය

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ සෙසු රටවලද සංගීතය ඉතා ජනප්‍රිය අංගයක් වී ඇත. මේ නිසා වාද්‍ය භාණ්ඩද බොහෝමයක් බිහිවී ඇත. ශ්‍රී ලංකාවේ භාවිත වන වාද්‍ය භාණ්ඩ වැඩි ගණනක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙන්නේ අපරදිග රට වලිනි. පුරාණ අවධියේ සියලුම වාද්‍ය භාණ්ඩ කාණ්ඩ තුනකට වර්ග කර තිබුණි. එනම් ඝන හා අවනද්ධ, සුසිර හා තත්වාද්‍ය ලෙසය. නව සංගීත භාණ්ඩ බිහිවීමත් සමග එය පහත පරිදි කාණ්ඩ හයකට වර්ග කෙරිණි.

  • ලෝහමය වාද්‍ය භාණ්ඩ
  • සුසර වාද්‍ය භාණ්ඩ
  • තත් වාද්‍ය භාණ්ඩ
  • ස්වර පුවරු සහිත වාද්‍ය භාණ්ඩ
  • අවනද්ධ වාද්‍ය භාණ්ඩ
  • විදුලිය උපයෝගී කොට වයන වාද්‍ය භාණ්ඩ

වයලීනය

සංස්කරණය

ඉතා ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. බටහිර, උතුරු ඉන්දීය හා කර්ණාටක ශාස්ත්‍රීය සංගීතය සඳහා මෙන්ම සරල සංගීතයේදී ද බහුලව භාවිත කරයි. කිසියම් සංගීත ශෛලියකට අනුව වාදනය කිරීමේදී එම සංගීත ශෛලියටම ආවේනික වාද්‍ය භාණ්ඩයක් ලෙස ධ්වනි නිපදවීමට හැකිවීම මෙහි සුවිශේෂී ගුණයකි. වයලීන‍යේ උපත පිළිබඳ මත කිහිපයක්ම පවතී. ඉන් එක් මතයකට අනුව වයලීනය ඉන්දියාවෙන් බිහිවූවක් බව පැවසේ. රාවණ රස්තම් නම් වූ වාද්‍ය භාණ්ඩය ඉනිදියාව, පර්සියාව, අරාබිය යන රටවල් හරහා යුරෝපයට ගොස් පරිවර්තනයට ලක්වී වර්තමාන ස්වරූපය ගත්බව තවත් මතයකි. යූරෝපීය මතයකට අනුව වියෝල් නම් වාද්‍ය භාණ්ඩය ඇසුරින් වයලීනය ඇතිවූ බව කියවේ. වියෝලා, චෙලෝ හා ඩබල්බේස් වාද්‍ය භාණ්ඩද වයලීනය පවුලට අයත්වේ.

සිතාරය

සංස්කරණය
 

ශාස්ත්‍රීය සංගීතයේදීත් සරල සංගීතයේදීත් භාවිත කෙරේ. ඉන්දීය සම්භවයක් ඇති මෙම සංගීත භාණ්ඩ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය ‍මෙරටට පැමිණිමෙන් පසුව ප්‍රචලිත වූවකි. සිතාරයේ හැඩය ඌද් නමැති පර්සියානු වාද්‍ය භාණ්ඩයට සමාන බව පැවසේ. සිතාරයේ බඳ මත පිහිටුවා ඇති පර්දා මත ඇඟිලි තබා මිස්රාබය මගින් දෙපසට තත් පම්පනය කිරීමෙන් වාදනය කරයි.

 

ඊශ්වර දෙවියන් විසින් මවන ලද්දක් යැයි විශ්වාස කරන නිසාද සරස්වතී දේවිය දෝතින් දරා සිටිනා වාද්‍ය භාණ්ඩයක් වන නිසාද හින්දූහු වීණාව පූජනීය වස්තුවක් ලෙස සලකති. ඉන්දියාවේ පළමුවෙන් ම නිර්මාණය කරන ලද වාද්‍ය භාණ්ඩය ලෙසද සැලකේ. මුල්කාලීන වීණාවල පර්දා නොතිබිණි. එහෙත් වත්මන් වීණාවල පර්දා තිබේ.ධ්වනි මංජුසා හෙවත් තුම්බා දෙකක් ද සහිතය. ඉන්දියාවේ වීණා වර්ග කිහිපයක්ම භාවිත වේ. උතුරු ඉන්දියාවේ භාවිතා වන වීණාව හදුන්වන්නේ "බීන්" නමිනි.

එස්රාජය පිළිබඳ තොරතුරැ

සංස්කරණය

ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය හා සරල යන සංගීත අංශ දෙකෙහිම භාවිත වන වාද්‍ය භාණ්ඩයකි. මෙහි ප්‍රධාන තත් හතරක් වේ. පර්දා සහිත අනුතත් හතකි. ඉන්දියානු වාද්‍ය භාණ්ඩයක් වන මෙය වැඩි වශයෙන් ප්‍රචලිත වන්නේ වංග දේශයේය. උරහිස මත පිහිටුවා තත් අළුවකින්(Bow) පිරිමැදීමෙන් වැයේ.

දිල්රුබා

සංස්කරණය
ගොනුව:DILBURA-1-.jpg

මෙය හැඩයෙන් එස්රාජ් වාද්‍ය භාණ්ඩය හා සමානය. අතීතයේදී මුස්ලිම් රාජ සභා සංදර්ශන වලදී දිල්රුබා බහුල වශයෙන් භාවිතා කළහ. උතුරු ඉන්දීය සංගීතයේදී ඒකල වාදනය සදහා යොදා ගැනේ. මෙම වාද්‍ය භාණ්ඩය වාදනය කිරීමට යොමුවන්නෝද ස්වල්ප දෙනෙකි.

සන්තූරය

සංස්කරණය
 

ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයෙන් බිහිවූ වාද්‍ය භාණ්ඩයකි. "තත් සියයක් ඇති" යන අරුතින් ශත තන්ත්‍ර වීණ නමින්ද හැදින්වේ. ජන ගායනා සදහා මෙය භාවිත වෙයි. වර්තමානයේ උතුරු ඉන්දීය ශාස්ත්‍රීය සංගීතයට ද යොදා ගැනේ.

ඉංග්‍රීසි මැන්ඩලීනය

සංස්කරණය
 
 
 

මෙම වාද්‍ය භාණ්ඩයට දීර්ඝ ඉතිහාසයක් ඇත.විසිවැනි සියවසේ ඉතාලියේ උපත ලද මෙය යුරෝපීය රටවලදට ව්‍යාප්ත විය. මුල්කාලීනව සරල ශාස්ත්‍රීය සංගීත සඳහා පමණක් භාවිත වුවද පසුව මෙය බටහිර ශාස්ත්‍රීය සංගීතයේදී ද සහය වාද්‍ය භාණ්ඩයක් සේ යොදාගැනුනි. දහසය හා දහහත්වැනි ශතවර්ශවලදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින් මැන්ඩලීනය මෙරටට ගෙන එන්නට ඇතැයි සැලකේ. ශ්‍රී ලංකාව තුළ මැන්ඩලීනය වර්ග තුනක් භාවිත වේ. එනම්

  • ඉංග්‍රීසි මැන්ඩලීනය
  • ජපන් මැන්ඩලීනය
  • බෙන්ජෝ මැන්ඩලීනය

වර්තමානයේ බහුල වශයෙන් භාවිත වන්නේ ඉංග්‍රීසි මැන්ඩලීනයත් බෙන්ජෝ මැන්ඩලීනයත්ය. යුරෝපීය රටවල විශේෂයෙන්ම ඇමරිකාවේ මැන්ඩලීනය ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. ඉන්දියාවේද වර්ෂ 1940 පමණ සිට සංගීතයේදී මැන්ඩලීනය යොදාගැනේ. මෙය වර්තමානය වන විට කර්නාටක සංගීත සම්ප්‍රදායේ ද ප්‍රචලිත සංගීත භාණ්ඩයකි. මැන්ඩලීනයේ තත් සතරකි. තත් කම්පනය කරනු ලබන්නේ ප්ලෙක්ට්‍රම් භාවිත කිරීමෙනි.

තාම්පුරාව

සංස්කරණය
 

ශාස්ත්‍රීය සංගීතයේදී මෙය බහුලව භාවිත වේ. තාන්බුරා නමින්ද හැදින්වේ.උතුරු ඉන්දීය හා දකුණු ඉන්දීය ශාස්ත්‍රීය සංගීතයේ ශ්‍රැති පිහිටුවා ගනු ලබන්නේ මෙමගිනි. තත් සතරකින් යුක්ත වේ. පිරිමි හා ගැහැණු කටහඬට උචිත වන ලෙස තාන්පුරා නිර්මාණය කිරීම විශේෂත්වයකි. සිතාරයේ මෙන් විහාල තුම්බාවක් ඇත. මෙහි පර්දාවක් නොමැත. තාම්පුරාව තත් හතරකින් යුක්තවු සංගීත භාණ්ඩයක් වන අතර එය ගායනය සදහා අවශ්‍ය ශුති ස්ථානයන් නිවරදිව පිහිටා ගායනය කිරිමට මෙය බෙහෙවින් උපකාරි වන අතර තාම්පුරාවෙන් තොරව කෙරෙන ගායනයක් කර්ණ රසායන නොවේ

සාරංගීය

සංස්කරණය

ඉන්දීය වාද්‍ය භාණ්ඩ අතර ඉතාමත් කන්කලු නාද උපදවන වාද්‍ය භාණ්ඩයක් ලෙස සැලකේ. ඉන්දීය වයලීනය නමින්ද වි්‍යවහාර වෙයි. කටහඬට වඩාත් සමීප වන අයුරින් වාදනය කළ හැකිවන මෙය ඉන්දීය ශාස්ත්‍රීය සංගීතයේද භාවිත කරයි. මෙහි ප්‍රධාන තත් තුනකි. ඇතැම් සාරංගී සඳහා අනුනත් 15-20 පමණ ඇත. මෙහි දිග අඩි 2ක් පමණ වෙයි. මෙය වාදනය කරනු ලබන්නේ අවම වශයෙනි.

 

මෙය ඒකල වාදනයට ඉතා උචිතය. ශාස්ත්‍රීය සංගීතයේදී බෙහෙවින් භාවිත වෙයි. මෙය ඉන්දියාවෙන් බිහි වූ වාද්‍ය භාණ්ඩයක් ලෙස සැලකේ. හැඩයෙන් රබාබ් නම් වාද්‍ය භාණ්ඩයට තරමක් සමානය. මෙහි තත් සතරකි. අනු තත් දොළහකි. ප්‍රධාන තත් සතර මැදින් ඇති තත්යුගලය පිත්තලින් නිමවා ඇත. තුන් හුලස් ලී කැබැල්ලක් හෝ අං කැබැල්ලක් මගින් මෙය වාදනය කරනු ලබයි. ස්වර වීණා, සූර් සිංගාර් ආදී වාද්‍ය භාණ්ඩද අයත් වන්නේ සරෝද් වාද්‍ය භාණ්ඩ පවුලටය.

ගිටාරය

සංස්කරණය

ගිටාරය බටහිර වාද්‍ය භාණ්ඩයකි. එසේ වුවද වර්තමානයේ උතුරු ඉන්දීය සංගීතයේ එන රාග වාදනය කිරීම‍ටද යෙදො ගැනේ. ඉතා ඈත අතීතයේ සිට මෙය භාවිත වූ බව සැලකුණද මේ සම්බන්ධයෙන් ලිඛිත තොරතුරු ලැබෙනු‍යේ 14 වැනි සියවසේ සිටය. මෙය ස්පාඤ්ඤයෙන් බිහිවූ වාද්‍ය භාණ්ඩයක් ලෙසද සැපකේ. 16 වැනි ශතවර්ශය වනවිට ගිටාරය ස්පාඤ්ඤ ජාතිකයින් අතර ඉතා ජනප්‍රියව පැවති බව සැලකේ. වර්තමානය වන විට මෙය බෙ‍හෝ රටවල ප්‍රචලිතව ඇත. රිදම් ගිටාර්, ලීඩ් ගිටාර්, බෙස් ගිටාර්, වශයෙන් විවිධ ගිටාර් වර්ගද තිබේ. "හවයන් ගිටාර්" නමින් ගිටාර් වර්ගයක්ද ඇත. විදුලියෙන් වයන විදුලි ගිටාර ප්‍රසංග වේදිකාවේදී බහුලව භාවිත වෙයි.

බටහිර වීණාව

සංස්කරණය

මෙය ඉන්දියානු සංගීත භාණ්ඩකි. ශාස්ත්‍රීය සංගීතය සදහා යොදා ගැනේ. ශ්‍රැති පිහිටුවා ගැනීම හා අදාල රාග , ස්වර මත සුසර කරගැනීමට සහය වාද්‍ය භාණ්ඩයක් වශයෙන් උපකාරී වෙයි. ස්වරූපයෙන් මෙය සාන්තූරයට සමානය. "මත්තකෝකිල වීණා" යනුවෙන්ද හඳුන්වයි.

ආශ්‍රිත ග්‍රන්ථ

සංස්කරණය

ඉන්ද්‍රානි එදිරිසූරිය, "සංගීත භාණ්ඩ",විජය පුවත්පත, 2008.01.01,පිටුව 24-25

සබැඳි පිටු

සංස්කරණය

අඩවියෙන් බැහැර පිටු

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=තත්_වාද්‍ය_භාණ්ඩ&oldid=582400" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි