තණ්හාව
තණ්හාව යනු වර්තමාන මොහොතේ මමත්වයෙන් භවය කෙරෙහි ඇති බැඳීමයි.
චතුරාර්ය සත්‍යයේ දෙවන සත්‍ය වන දුක්ඛ සමුදය සත්‍යයේ තණ්හාව දුකට මූලය බව සඳහන් වේ. මෙය පටිච්ඡ සමුප්පාදයේ ද පැහැදිලිව සඳහන් වේ.
පාලි ධර්ම ග්‍රන්ථ වල තණ්හාවේ ආකාරය 3 ක් දැක්වේ
- කාම තණ්හා - ලෞකික සැප පහසුකම් කෙරහි ඇලීම (රාගය). එනම් පංච කාම වස්තු හෙවත් රූප, ශබ්ද, ඝන්ද, රස, ස්පර්ශයන්ට ඇතිවන චන්ද රාගයයි.
- භව තණ්හා - වර්තමාන භවයට ඇති කැමැත්ත. එනම් භවයට ඇති චන්ද රාගයයි. සංසාරගත සත්වයාගේ මෙය මොහොතින් මොහොත වෙනස්වේ
- විභව තණ්හා - වර්තමාන භාවයට ඇති අකැමැත්ත
තණ්හාව දෙආකාරයකි. එනම් සැප හෝ තමන් කැමති දේ ලබා ගැනිමට ඇති කැමැත්ත හා තමන් අකමැති දේ දුරු කිරීමට ඇති කැමැත්තය.
තණ්හාව ලෞකික ද්‍රව්‍යමය සම්පත් වලට ඇති කැමැත්තට වඩා වැඩි දෙයකි. එය ජිවිතයට හෝ මරණයට (දිවිනසා ගැනීම) ඇති කැමැත්ත, ප්‍රසිද්ධියට ඇති කැමැත්ත, නින්ද, මානසික සතුට වැනි තමා සමීපයේ නොමැති වුවත් ඒවා ළඟා කර ගැනීමට ඇති කැමැත්ත වේ. දුකකදී වුවද අප කැමති වන්නේ එයින් දුරස්වීමටයි. එම නිසා සියළුම ආශා, සියළුම අවශ්‍යතා හා සියළුම ලෝක තුළ තණ්හාව අන්තර්ගතය.
තණ්හාවේ විපාක හා එයින් මිදීම
සංස්කරණයබුද්ධ දේශනාවට අනුව තණ්හාවෙන් නිදහස් වන තැනැත්තා සදාකාලික සතුට ලබා ගනී. යමෙකුගේ තණ්හාව තමාගේ දුකට මුලයයි. එය කෙනෙකු කෙලෙස් හෙවත් අකුසල ධර්ම වෙත යොමු කරයි. එමඟින් අන් අයටද දුක ඇතිවේ.
තණ්හාව නැති කිරීමේ මග සඳහන් වන්නේ චතුරාර්ය සත්‍යයේ තෙවන අංගය වන දුක්ඛ නිරෝධ සත්‍යයේය.
[[en:Tanha]