සමුදය යන්නේ හේතු ප්‍රත්‍යයන්ගේ බලපෑමෙන් (දුක්) හට ගැනීම සිදුවන බව ඉගැන්වෙයි. දුක් හට ගැනීමට හේතුව නම් තෘෂ්ණාවයි. "............තත්ථ කතමං දුක්ඛ සමුදය අරිය සච්චං? යායං තණ්හා පෝනොභවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දිනී , සෙය්‍යථීදං? කාම තණ්හා භවතණ්හා විභවතණ්හා ඉදං වුච්චතී භික්ඛවෙ දුක්ඛ සමුදය අරිය සච්චං..........."(විභංගප්‍රකරණයේ සච්ච විභංගය) (දුක්ඛ සමුදයයාර්‍ය්‍ය සත්‍යය යනු කවරේද යත්? යම් තණ්හාවක් නැවත නැවත භවගාමී තත්වයක් ( පෝනොභවිකා) ඇති කෙරේද? සකන්ධ පිළිබඳ සතුට ‍හා ඇලීම(නන්දිරාග සහගතා) ඇති කරයිද? ඒ ඒ භවයන්හි ඇලීම (තත්‍ර තත්‍රාභි නන්දිනී) ඇති කෙරේද? කාම තණ්හා භවතණ්හා විභවතණ්හා යනුවෙන් ත්‍රිවිධාකාර වූ එම තෘෂ්ණාව දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය නම් වේ.) තෘෂ්ණාව ප්‍රධාන කොටස් 03 කි.

  1. .කාම තණ්හා
  2. .භවතණ්හා
  3. විභවතණ්හා

කාම තණ්හා

සංස්කරණය

කාම වස්තූන් පිළිබඳව ආශාවයි.කාම වස්තූන් යනු පඤ්ච කාමයන්ය. එනම්, රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනාදියයි.චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ෂඩ් ඉන්ද්‍රියයන් පිනවීමට ඇති කැමැත්තයි.රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ,ධර්‍ම යනුවෙන් ගත් කළ එය සය වැදෑරැම් වේ. අතීත වර්තමාන අනාගත යන තුන් කාලයට අනුව රූපාදී අරමුණු සය වැදෑරැම්ව ග්‍රහණය අනුව කාම තණ්හාව (18) අටළොස් වැදෑරැම් වේ.

භවතණ්හා

සංස්කරණය

භව ගාමී වීමට ඇති ආශාවයි. මරණින් පසුවද ලබන ආත්ම වල දී පසිඳුරන් පිනවමින් පස්කම් සැප විඳීමට ඇති රුචිය මින් අදහස් කෙරේ. කාම වස්තූන් කෙරෙහි ඇති ඇල්ම අනුව ශාශ්වත දෘශ්ටිගතව සැප පැතීම භව තණ්හාවේ ලක්ෂණයකි. ෂඩ් ඉන්ද්‍රියන් තුනු කාලයට අනුව පිනවීමට යාම තුළින් භව තණ්හාව අටළොස් වැදෑරැම් වේ.

විභව තණ්හාව

සංස්කරණය

මරණින් මතු තවත් උපතක් නැත. ඒ නිසා පස්කම් සැප විඳීමට අවස්ථාවක් නොලැබෙයි.ජීවත්ව සිටියදී හැකි තරම් කම් සුව විඳිය යුතුය. මෙම දර්ශනය උච්ඡේදවාදී දර්ශනයක් වශයෙන් සලකනු ලැබේ.

ගොනුව:තණ්හා1.jpg

සවිස්තරාත්මකව තෘෂ්ණාව 108 වැදෑරැම් වේ.

  • කාම තණ්හා භවතණ්හා විභවතණ්හා=03
  • රූප,ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම=06

=03*06=18

  • අධ්‍යාත්මික, භාහිර=02

=18*02=36

  • අතීත වර්තමාන අනාගත=03

=36*03 =108 " සමුදයස්ස ආයුහනට්ඨෝ නිදානට්ඨො සංයෝගට්ඨො පළිබොධට්ඨො ඉමේ චත්තාරො සමුදයස්ස සමුදයට්ඨා තථා අවිතථා අනඤ්ඤථා" යනුවෙන් පටිසම්භිදාමග්ග සච්ච නිද්දේසයට අනුව සමුදය

සත්‍යයේ හෙවත් තෘෂ්ණාවේ මූලික ලක්ෂණ 04 කි.

01.ආයුහනට්ඨ

02.නිදානට්ඨ

03.සංයෝගට්ඨ

04.පළිබොධට්ඨ

ආයුහනට්ඨ

සංස්කරණය

දුක් උපදවන දුක් ලබා දෙන දුක් රැස් කරන අර්ථයෙන්ආයුහනට්ඨ නම් වේ.කාම ලෝක රූප ලෝක අරූප ලෝක යන කවර භවයක උපත ලැබූවද ජාති ජරා මරණාදී දුක් ලබා දෙයි. ලොව යම් දුකක් වේද ස්කන්ධ ඇසුරින්ම ඒ සියළු දුක් පවතියි.

නිදානට්ඨ

සංස්කරණය

සියළු දුක් වලට මූලික වූ තණ්හාව හේතු කොට ගෙන උපත ලද සත්වයන්ට විවිධාකාර වූ හිරිහැර දුක්පීඩා උපදවන ස්වභාවය නිදානට්ඨ නම් වේ.දුක ඇති වීමට හේතුව තෘෂ්ණාව බව තේරුම් ගෙන තෘෂ්ණාව නැති කිරීමට පිළියම් කළ යුතුය.සසරෙහි භව ගාමීව සිටින තෙක් දුක්උපදවා ලීමට තෘෂ්ණාව ඉවහල් වේ.ජාතියක් ජාතියක් පාසා අභිනව ස්කන්ධ නැවත නැවත ඇති කරන අතර ඒ නිසාම දුක් ඇති වීමද නිතැතින්ම සිදු වේ.

සංයෝගට්ඨ

සංස්කරණය

සත්වයාට සසරින් එතෙරව විමුක්ති සුවය සළසා ගැනීමට ඉඩ නොදී නැවත නැවතත් සසරට පත් කරමින් දුක්පීඩා විඳීමට සැළැස්වීම සංයෝගට්ඨ නම් වේ. ගසක බඳින ලද ගවයාට බැමි ලිහන තෙක් ඉන් ඈත‍ට ගිය නොහැක. පෘතග්ජන සත්වයා ද තණ්හාව නිසා පඤ්චස්කන්ධය පිළිබඳව පවත්නා බැඳීම නිසාම සසරගතව දුක් අනුභව කරයි.

පළිබෝධට්ඨ

සංස්කරණය

මාර්‍ග හා ඵලාධිගමනයෙන් විමුක්තිය සළසා ගැනීමේ අවස්ථාව වළක්වන ස්වභාවය පළිබොධට්ඨ නම් වේ. මේ අනුව පුද්ගලයා පාපයට නැඹුරු කෙරේ.හොඳ ක්‍රියා වලින් ඈත් කරවයි.දුසිරිතට පොළඹවයි. මෙබඳු මූලික ලක්ෂණ 04 ක් තෘෂ්ණාව ඇසුරින් දැකිය හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=තණ්හා&oldid=690339" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි