තක්ෂිලාව යනු, එකල පුරාණ භාරතයේ පැවති අධ්‍යාපනික මූලස්ථානයයි. මෙහි එවකට සිටි සමාජයේ උසස්කුලයන් වන බ්‍රාහ්මණ හා ෂශ්‍රීය යන කුලයන් වල දරුවන්ට අධ්‍යාපනය ලබා දී තිබේ. මෙහි ගුරුවරුන් ලෙස එකල භාරතයේ සිටි බ්‍රාහ්මණපඩිවරුන් කටයුතු කර අැති අතර මෙහිදී බොහෝ විෂය පථයන් ගැඹුරින් උගන්වා අැති බව සදහන්ය. එ් අතරට යුද්ධ ශිල්පය, දුනු ශිල්පය, වෙදකම හා දේශපාලනික විද්‍යාව වැනි විෂය පථයන් අැතුලත්ය. තක්ෂිලාව ලෝකයේ ප්‍රථම විශ්වවිද්‍යාලය[university] ලෙස හැදින්වෙන අතර එහි අධ්‍යාපනය සදහා ලෝකයේ විවිධ රටවලින් පිරිස් පැමිණ අැති බව සඳහන්ය. ධර්මාශෝක රාජ්‍ය සමයේ සුවිශේෂ වු මෙම තක්ෂිලා භූමිය එවකට විදේශිකයන්ට ඉන්දියාවට අැතුල්වීමට තිබූ සුවිසල් ප්‍රධානම දොරටුව විය. මෙම තක්ෂිලා විද්‍යාලය අැතුලු භූමි ප්‍රදේශය එවකට මෞර්ය අධිරාජ්‍ය සමයේ මගධයේ ප්‍රාන්ත රාජ්‍ය අතුරින් එකක් විය.

"https://si.wikipedia.org/w/index.php?title=තක්ෂිලාව&oldid=496400" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි