ඩේවිඩ් ධර්මකීර්ති

කළුකපුගේ දොන් ඩේවිඩ් (උපත 1913 සැප්තැම්බර් 1 - 1987 සැප්තැම්බර් 10), හෙවත් ඩේවිඩ් ධර්මකීර්ති, යනු ශ්‍රී ලංකා සිනමා නළුවෙකි.[1]

ඩේවිඩ් ධර්මකීර්ති
David Dharmakeerthi
උපත
කළුකපුගේ දොන් ඩේවිඩ්

1 සැප්තැම්බර් 1913(1913-09-01)
පාදුක්ක, ශ්‍රී ලංකාව
මියගිය දිනය10 September 1987(1987-09-10) (වයස 74)
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනළුවෙක්, දේශපාලනඥයෙක්
සක්‍රීය වසර1953–1987
කලත්‍රයා(යන්)නන්දාවතී ජයසූරිය
දරුවන්8
දෙමව්පියන්()
  • ඔදිරිස් අප්පුහාමි (පියා)

පෞද්ගලික ජීවිතය සංස්කරණය

ඔහු 1913 සැප්තැම්බර් 1 වැනිදා පාදුක්ක කොටිගම්ගොඩ ග්‍රාමයේ උපත ලැබීය. ඔහුගේ පියා ඔදිරිස් අප්පුහාමි ගොවියෙකි. ගමේ පාසලෙන් පාසල් ආරම්භ කර පාදුක්ක වෝනකල් විද්‍යාලයෙන් සහ අවසානයේ හෝමාගම ඉංග්‍රීසි පාසලට ඇතුළත් විය. පාසල් අධ්‍යාපනයෙන් පසු ධර්මකීර්ති මුලින්ම කොළඹ ඇල්ස්ටන් පෙදෙසේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අවේක්ෂකවරයකු ලෙස සම්බන්ධ විය.[2]

ධර්මකීර්ති විවාහ වී සිටියේ නන්දාවතී ජයසූරිය සමඟයි. මෙම යුවළට පුතුන් 5 දෙනෙකු සහ දියණියන් 3 දෙනෙකු සිටී. ඔහු 1987 සැප්තැම්බර් 10 වන දින වයස අවුරුදු 74 දී මිය ගියේය.[2]

සිනමා ජීවිතය සංස්කරණය

පාසල් කාලයේ ඔහු මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත "රෝහිණී" නවකතාව අනුව නිර්මාණය වූ නාට්‍යයක රඟපෑවේය. ඩේවිඩ් වැඩ කල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාසිංහ කියලා අධිකාරි කෙනෙක් සිටියේය. පසුබිම් සංගීතය සහ කලා අධ්‍යක්ෂණය ද නිෂ්පාදනය කළ ධර්මකීර්තිගේ රංගන කුසලතාව ඔහු දුටුවේ ගොවි හමුදාවේ නාට්‍යවලිනි. ලේක්හවුස් දිනමිණ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ රාජා තිලකරත්න මහතා අධිකාරි ජාසිංහ මහතාගේ ඥාතියෙකි. ධර්මකීර්තිට සිනමාවේ දොර විවර කළේ ජාසිංහය. ඔහුගේ ප්‍රථම සිනමා රංගනය 1953 වසරේ තිරගත වූ ටී. ආර්. සුන්දරම් අධ්‍යක්ෂණය කල සුජාතා චිත්‍රපටය හරහා සිදුවිය. ඔහු සුජාතා චිත්‍රපටිය සඳහා ඉන්දියාවේ චිත්‍රාගාරයට ගිය අවස්ථාවේදී ඔහුගේ පියා සහ මිතුරා ටී. සෝමසේකරන් දෙදෙනාම මිය ගියහ.[2]

ඔහු 1958 වසරේ සල්ලි මල්ලි සල්ලි චිත්‍රපටයේ චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයෙකු, දෙබස් රචකයෙකු සහ කතා රචකයෙකු ලෙසද කටයුතු කළේය. මෙම චිත්‍රපටයේ ඔහු චරිතාංග නළුවෙකු ලෙසින් ඉස්මතු විය. 1981 දී ඔහු ආරාධනා චිත්‍රපටයේ දයාවන්ත පියෙකු ලෙස රඟපෑවේය. එම රංගනය වෙනුවෙන් 1982 සරසවිය සම්මාන උලෙළේ හොඳම සහය නළුවාට හිමි සම්මානය ඔහුට හිමි විය. වසර 35ක සිනමා දිවියේ ඔහු ලැබූ එකම සම්මානය මෙයයි. ඔහු සිය පුත් සරත් ධර්මකීර්ති සමඟ 1984 වසරේ තිරගත වූ පරසතුරෝ චිත්‍රපටයේ රඟපෑවේය.[2] ඔහුගේ අවසාන සිනමා රංගනය 1988 සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා චිත්‍රපටය හරහා සිදු විය.[3]

දේශපාලන ජීවිතය සංස්කරණය

ඔහුගේ ප්‍රියතම දේශපාලන චරිතය වූයේ පිලිප් ගුණවර්ධන ය. ධර්මකීර්ති 1960 ජූලි ලංකා පාර්ලිමේන්තු මහා මැතිවරණයට මහජන එක්සත් පෙරමුණ වෙතින් හොරණ අසුනට තරග කළේය. කෙසේ වෙතත්, ඔහු ආසනයේ තුන්වන ස්ථානයට පත් වූ අතර ඔහුට ලැබුණේ ඡන්ද 1555 ක් පමණි.[2]

යොමු කිරීම් සංස්කරණය

  1. "David Dharmakeerthi filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 2 February 2020.
  2. 2.0 2.1 2.2 2.3 2.4 "Career of David Dharmakeerthi". Sarasaviya. සම්ප්‍රවේශය 2 February 2020.
  3. "David Dharmakirthi films". IMDb. සම්ප්‍රවේශය 2 February 2020.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඩේවිඩ්_ධර්මකීර්ති&oldid=592148" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි