"ඩෙස්පසීටෝ" යනු පුවටො රිකෝ ජාතික ගායක ලුයිස් ෆොන්සි සහ පුවටො රිකෝ ජාතික රැප් ගායක ඩැඩි යැන්කී විසින් ගායනය කරනු ලබන ගීතයකි. 2017 ජනවාරි 12 දින Universal Music Latin මගින් "Despacito" ගීතය සහ එහි මියුසික් වීඩියෝව (ගායකයින් දෙපල පුවටෝ රිකෝ හි ලා පෙර්ලා සහ ලා ෆැක්ටෝරියා නමැති මත්පැන් අලෙවිසලෙක ගීතය ඉදිරිපත් කරන අයුරු දැක්වෙන) නිකුත් කරන ලදී. ගීතය රචනා කරන ලද්දේ ෆොන්සි, එරිකා එන්ඩර් සහ යැන්කී විසිනි. නිෂ්පාදනය කර ඇත්තේ මොරිෂියෝ රෙන්ගිෆෝ සහ අන්ද්රෙස් ටොරෙස් විසිනි. කැනේඩියානු ගායක ජස්ටින් බිබර් ගායනය කරනු ලබන "Despacito" රීමික්ස් ගීතය 2017 අප්‍රේල් 17 දින නිකුත් කරන ලදී. "ඩෙස්පසීටෝ" ගීතය බොහෝ රටවල, විශේෂයෙන්ම ඉංග්‍රීසි කතා කරනු ලබන රටවල ගීත දර්ශකයන් හි ඉහළට ගෙන ඒමට එය සමත් විය.

"ඩෙස්පසීටෝ"
Single ගයන්නේ Luis Fonsi featuring Daddy Yankee
භාෂාවස්පාඤ්ඤ
ඉංග්‍රීසි තේමාව"Slowly"
මුදාහැරුණේජනවාරි 12, 2017 (2017-01-12)
ආකෘතිය
පටිගත කළේ2016
ගණය
දිග3:47
ලේබලයUniversal Latin
ගීතරචක(යන්)
Producer(s)
  • Mauricio Rengifo
  • Andrés Torres
Luis Fonsi singles කාලානුක්‍රමය
"Tentación"
(2015)
"ඩෙස්පසීටෝ"
(2017)
"Wave Your Flag"
(2017)
Daddy Yankee singles කාලානුක්‍රමය
"La Rompe Corazones"
(2017)
"ඩෙස්පසීටෝ"
(2017)
"Hula Hoop"
(2017)
සංගීත වීඩියෝ
"Despacito" යූ ටියුබ් වෙත
"https://si.wikipedia.org/w/index.php?title=ඩෙස්පසීටෝ&oldid=479276" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි