ඩී. එස්. ගුණසේකර
දොන් සැමුවෙල් ගුණසේකර (1896 නොවැම්බර් 13 – 1983 අගෝස්තු 7) හිටපු දේශපාලනඥයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
D. S. Goonesekera | |
---|---|
ගොනුව:D. S. Goonesekera.jpg | |
Minister of Labour and Social Services | |
In office 28 May 1963 – 1964 | |
අග්‍රාමාත්‍යවරයා | Sirimavo Bandaranaike |
පූර්වප්‍රාප්තිකයා | M. P. de Z. Sriwardene |
අනුප්‍රාප්තිකයා | M. H. Mohamed |
Member of the Ceylon Parliament Habaraduwa සඳහා | |
In office 1960–1964 | |
පූර්වප්‍රාප්තිකයා | Prins Gunasekera |
Member of the Ceylon Parliament Udugama සඳහා | |
In office 1956–1960 | |
පූර්වප්‍රාප්තිකයා | Neal de Alwis |
In office 1947–1952 | |
අනුප්‍රාප්තිකයා | Neal de Alwis |
Personal details | |
උපත | 13 නොවැම්බර් 1896 Habaraduwa, British Ceylon |
විපත | 7 August 1983 | (වයස 86)
ජාතිකත්වය | Sri Lankan |
දේශපාලන පක්ෂය | Sri Lanka Freedom Party |
කලත්‍රයා | Nandawathie Victoria Wickremasinghe |
ළමයි | Tilak |
Alma mater | Dharmika School, Katukurunda Mahinda College, Galle |
රැකියාව | land surveyor, politician |
දොන් සැමුවෙල් ගුණසේකර 1896 නොවැම්බර් 13 දින හබරාදුවේදී දොන් මාර්තේලිස් ගුණසේකර සහ දෝන ක්ලෙයාර් අබේගුණවර්ධන යන අයගේ එකම පුත්‍රයා ලෙස උපත ලැබීය. ඔහු හබරාදුව කටුකුරුන්ද ධාර්මික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත. ඔහු දේශපාලනයට පැමිණීමට පෙර ඉඩම් මිනින්දෝරුවරයකු ලෙස කටයුතු කළේය. 1927 දී ඔහු කෝදාගොඩ ගම් සභාවේ සභාපති විය. 1939 දී ඔහු ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස (ප්‍රධාන වීදියේ වාට්ටුව නියෝජනය කරමින්) තේරී පත් වූ අතර 1944 දී ගාල්ලේ නගරාධිපති ලෙස තේරී පත් විය. 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් උඩුගම මැතිවරණ කොට්ඨාසයට තරඟ කර එහි පළමු මන්ත්‍රීවරයා බවට පත්විය. පසුව පැවති 1952 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මාරුවීමෙන් පසු ආසනය අහිමි විය. 1956 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු නැවත ආසනය ලබා ගැනීමට සමත් විය. [1] 1959 දී අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස පත් කරන ලදී.
යොමු කිරීම්
සංස්කරණය- ^ Jayawardane, Ishara (17 July 2012). "A Politician and a Gentleman". Daily News. සම්ප්‍රවේශය 6 February 2017.