ඩැනියෙල් ඩේ ලුවිස්

ළු

ඩැනියෙල් ම්යිකල් බ්ලේක් ඩේ ලුවිස්
උපත 29 අප්‍රේල් 1957
ග්‍රීන් විච් ලන්ඩන් එංගලන්තය, එක්සත් රාජධානිය
රැකියාව නළුවෙකි
ක්‍රියාකාරි වර්ෂයන් 1971– වර්තමානය දක්වා
භාර්යාව රෙබෙක්කා මිලර් (1996– වර්තමානය දක්වා)

ඩැනියෙල් මයිකල් බ්ලේක් ඩේ ලුවිස්, බ්‍රිතාන්‍ය හා අයිරිෂ් පුරවැසිභාවය සහිත ඉංග්‍රීසි ජාතික නළුවෙකි. ඔහු සිනමා කර්මාන්තයේ තෝරාගත් චිත්‍රපටවල පමණක් රඟපාන නළුවෙකු ලෙස හැඳින්වේ. ඔහු 1997 සිටම රඟපා අත්තේ චිත්‍රපට 5 ක් වැනි සුළු ප්‍රමාණයක් වීම මෙයට නිදසුනකි. 1989 නිපදවු “My Left Foot” චිත්‍රපටියේ ක්‍රිස්ටි බ්‍රොවුන් චරිතයත්, 2007 දී නිපදවු “There Will Be Blood” චිත්‍රපටියේ ඩැනියල් ප්ලේන්වීව් චරිතයටත් ඇකඩමි සම්මානය , ගෝල්ඩ්න් ග්ලෝබ් සම්මානය හා හොඳම නළුවාට හිමි බැෆ්ටා සම්මානයත් ඔහුට හිමි වී ඇත. එමෙන්ම “Gangs of New York” චිත්‍රපටියේ අතිවිශිෂ්ට රංඟන කුසලතා වෙනුවෙන් බැෆ්ටා “Screen Actors Guild” සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය. ඩේ ලුවිස් ක්‍රමානුකූල නළුවෙක් වු අතර තමන් භාර ගන්නා චරිත සඳහා ඉමහත් කැපවීමක් හා අධ්‍යනයක් කොට රංඟනයේ යෙදෙන පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධයි. ඩැනියෙල් ඩේ ලුවිස් උපත ලැබුවේ ලන්ඩනයේය . ඔහුගේ මව ජිල් බැල්කොන් නම් නිළිය වු අතර පියා අයිරිෂ් ජාතික සෙසිල් ඩේ-ලිවිස් විය. ඔහුගේ මව හිටපු Ealing චිත්‍රාගාර අධිපති සර් මයිකල් බැල්කන්ගේ ගේ දියණිය විය. ඩැනියෙල් ඩේ ගේ උපතින් වසර 2 කට පසු ක්‍රෝම්ස් හිල්, ග්‍රීන් විච් වෙත සංක්‍රමණය වූ අතර එහිදී සිය වැඩිමහල් සොහොයුරිය ටමසින් ඩේ-ලිවිස් සමග හැදී වැඩුනේය. ඔහු ගේ සොහොයුරිය පසුව වාර්තා චිත්‍රපට නිෂ්පාදිකාවක් බවට පත් වූවාය.

"https://si.wikipedia.org/w/index.php?title=ඩැනියෙල්_ඩේ_ලුවිස්&oldid=586722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි