ඩ්‍රීම් හයි (කොරියානු: 드림하이) යනු 2011 දී කේ බී එස් 2 ආයතනය විසින් ප්‍රචාරණය ලද දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවකි. මෙහි මිස් ඒ කණ්ඩායමේ බේ සුසී, කිම් සූ හ්යන්, ටී-ආරා කණ්ඩායමේ ඉඋන් ජන්ග්, අයි යූ, සහ 2 පී එම් කණ්ඩායමේ ටේසියොන් සහ වූයංග් යන නලු නිලියන් මුහුනුවර ගෙන තිබෙයි.[6][7][8]

ඩ්‍රීම් හයි
ඩ්‍රීම් හයි ප්‍රවර්ධන පෝස්ටරය
ප්‍රභේදයසංගීත
නව යොවුන්
සුඛාන්ත
ප්‍රේමවෘතාන්ත
රචනය කලේපාක් හ්යේ ර්යුන්
අධ්‍යක්ෂණය කලේලී ඉයුංග් බොක්
රඟපෑමබේ සුසී[1][2]
කිම් සූ හ්යන්
ටේසියොන්
ඉඋන් ජන්ග්
වූයොංග්
අයි යූ
ඇරඹුම් තේමාව"ඩ්‍රීම් හයි"
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාවාර සංඛ්‍යාව2
කථාංග ගණන16 (විශේෂ 1)
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)බේ යංග් ජූන්
පාක් ජින් යංග්[3]
ස්ථානය(න්)සෝල්, දකුණු කොරියාව
ධාවන කාලයසඳුදා සහ අහහරුවාදා දින වල වේලාව 21:55 ට
නිෂ්පාදන සමාගමකී යීස්ට්[4]
ජේ වයි පී එන්ටටේන්මන්ට්[5]
සී ජේ මීඩියා
බෙදාහරින්නාකොරියානු රූපවාහිනී ප්‍රචාරණ පද්ධතිය
ප්‍රචාරණය
මුල් නාලිකාවකේ බී එස් 2
රූප ආකෘතිය480i SDTV/1080i HDTV
ශබ්ද ආකෘතියඩොල්බි ඩිගිටල්
ඩී ටී එස් ඩිජිටල් ශබ්ද
සෝනි ඩයිනමික් ඩිජිටල් ශබ්ද
මුල් ධාවනයජනවාරි 3, 2011 (2011-01-03) – පෙබරවාරි 28, 2011 (2011-02-28)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේමැරී මී, මැරී!
අනුගමනය වනුයේඩිටෙක්ටිව්ස් ඉන් ට්‍රබල්
සබැඳි දර්ශනඩ්‍රීම් හයි 2
බාහිර සබැඳි
වෙබ් අඩවිය

මෙම නාට්‍ය නව යොවුන් ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය වූ අතර එහි ද්වී මාසික තිරගත කිරීමේදී 18-20% ක නරඹන්නන්ගේ තක්සේරුවකට ලක් විය. 2011 මාර්තු 1 දින, එනම් කතා මාලාවේ අවසානයට පසු දින, ඩ්‍රීම් හයි ස්පෙශල් කොන්සර්ට් යනුවෙන් කතා මාලාවේ විශේෂ කතාංගයක් නළු නිලි කැල එකතුව සෝල් නගරය ආසන්නයේ වේදිකාවක ඉදිරිපත් කලහ.[9]

ඩ්‍රීම් හයි කතා මාලාවට අනුරූපීව වසරකට පසුව වෙනස් නළු කැලක් සමගින් ඩ්‍රීම් හයි 2 යනුවෙන් නව කතා මාලාවක්ද ප්‍රචාරය විය.[10]

කේ බී එස් 2 ආයතනයේ සහෝදර ආයතනයක් වන කේ බී එස් 1 ආයතනය මගින් 2013 අගෝස්තු 12 සිට සැප්තැම්බර් 5 වන දින දක්වා මෙම නාට්‍යයේ නැවත විකාශනය කරන ලදි.

කතා වස්තුව සංස්කරණය

කිරින් උසස් අධ්‍යාපන පාසලේ සිසුන් සය දෙනෙකු හට කේ-පොප් අයිඩ්ල් තාරකා වීමේ සිහිනයක් පවතී. පාසල් කාලය තුලදී ඔවුන් ගායන, නර්තන, සහ ගීත රචනා කිරීම පිලිබඳ තම හැකියා වර්ධනය කරගන්නා ආකාරය සහ ඔවුන්ගෙන් ප්‍රේම වෘතාන්ත පිලිබඳව මෙම කතාංග ඉදිරිපත් කරයි. සෑම සිසුවෙකුටම තමන්ගේ දක්ශතා මෙන්ම දුර්වලතාද පවතින අතර නිවැරදි මාර්ගෝපදේශයක් සහිතව තම දුර්වලතා මැඩපවත්වා තම සිහින කරා යන මෙම සිසුන්ගේ ගමන මෙම ඩ්‍රීම් හයි කතාංග ඔස්සේ ඉදිරිපත් කරයි.

නළු කැල සංස්කරණය

ප්‍රධාන චරිත සංස්කරණය

ඇයට සත්‍ය වශයෙන්ම අවශ්‍යව තිබුනේ ඔපෙරා ගායිකාවක් වීමටය. නමුත් මැරයෙකුට තම පියාගේ ඇති ණයක් හේතුකොටගෙන, පියාගේ ණය පියවීම සඳහා ඇය පොප් ගායිකාවක් වීමට තීරණය කරයි.
සංගීත ප්‍රවීණයෙකු බවට පත් වන ගම්බද පිටිසරයෙකු. මොහු හට ඉතා දුර්ලභ රෝගයක් වන කණේ දෝංකාර තත්වයක් පවතී.
මොහු හට තමාව පුතෙකු ලෙස ප්‍රසිද්ධ නොකරන ලද දේශපාලනික පියා සමග තරමක කලහකාරී දුර්සවල සම්බන්ධතාවයක් පවතී.
මුලින් ගූ හ්යේමීගේ හොඳම මිතුරිය වූයේ මැයයි. නමුත් ශ්‍රවණ පරීක්ශනයකදී හ්යේ මීගේ අපහාස කිරීම හමුවේ දෙදෙනා උග්‍ර සතුරන් බවට පත් වේ.
ඇමරිකාවේ උපත ලද නර්තන ශිල්පියෙකු වූ මොහු තම කලා වෘත්තීය කොරියාවේ සිදු කිරීමට බලාපොරොත්තු වෙයි.
ඇය තම ලැජ්ජාශීලී බව හා අධි බර හේතුකොටගෙන සංගීත ක්ෂේත්‍රය තෝරගැනීමට පසුබට වූ තරුණියකි. ගායනයට ඉහල දක්ෂතාවයක් පෙන්වන ඇය පරිපූර්ණ ස්වර මානය නම් දුලබ හැකියාව සහිත අයෙකි.

සහය චරිත සංස්කරණය

  • අන් ජිල් කන්ග් - මා දූ ශික් ලෙසින්
  • අන් සුන් යන්ග් - කන් ඕ සුන් ලෙසින් (ඕ හ්යුක්ගේ වැඩිමහල් සොහොයුරිය)
  • අන් සෝ හ්යුන් - ගූ හ්යේ සන්ග් (හ්යේ මීගේ බාල සොහොයුරිය)
  • ලී හ්යේ සූක් - සොන්ග් නම් බොන් (සම් දොංගේ මව)
  • චෝයි ඉල් හ්වා - හ්‍යන් මෝ ජින් (ජින් ගුක්ගේ පියා)
  • පාක් හ්යුක් ක්වොං - ගෝ බ්‍යංග් ජික් (හ්යේ මීගේ මව)
  • ජෑන්ග් හී සූ - කන්ග් හී සියොන් (බෙක් හීගේ මව)
  • පාක් හ්වී සූන් - ජින් ගුක්ගේ කාමර සඟයා (කතාංග 1-2, 5)

අනුහුරුව සංස්කරණය

මෙම නාට්‍ය ජපන් වේදිකා සංගීතයට එක් කතාංගයකදී අනුහුරු වීමක් පෙන්නුම් කරයි.[11] එම දර්ශනයේදී යුයා මත්සුශිතා සහ බ්‍රයිට් නම් ජපන් සංගීත කණ්ඩායමේ නන්කා විසින් වාදනය කරන සංගීත කණ්ඩයකට සොන්ග් සම් දොම් සහ ගූ හ්යේ මී ඉදිරිපත් කිරීමක් කරනා දර්ශනයක් පෙන්නුම් කරයි. මෙහි දර්ශන ටෝකියෝ නව ජාතික රංගශාලාව තුලදී 2012 ජූලි 3 සිට 20 දක්වා කාලයේ පටිගත කරන ලදි. මෙහි නිශ්පාදන කටයුතු "ඩ්‍රීම් හයි: සංගීත අධ්‍යක්ශක කමිටුව" (ミュージカル「ドリームハイ」製作委員会), සංයුග්මිකව ටී බී එස්, ඇවෙක්ස් ලයිව් ක්‍රියේටිව්, නෙල්කේ ප්ලෑනින්ග් සහ ලෝසන් එච් එම් වී එන්ටටේන්මන්ට් විසින් සිදුකරන ලදි.[12][13][14]

2011 පෙබරවාරි මස ඩ්‍රීම් හයි නළු නිලියන්තිගේ තිරය පිටුපස කතා/පින්තූර හා විශේෂ සම්මුඛ සාකච්ඡා ඇතුලත් ඩ්‍රීම් හයි ස්පෙශල් මේකින්ග් බුක් නිකුත් කිරීමෙන් අනතුරුව නාට්‍යයේ නිසල දර්ශන ඡායාරූප ඇතුලත් වෙලුම් 2කින් සමන්විත "ඡායාරූප නවකතාව"ක්ද නිකුත් විය.[15]

අනුබද්ධය සංස්කරණය

ඩ්‍රීම් හයි 2 නම් අනුබද්ධය වසරකට පසු වෙනස් නළු නිලි පිරිසක් සමගින් තිරගත විය. කංග් සෝ රා, GOT7 කන්ඩායමේ ජේ බී සහ ජූනියර්, 2 ඒ එම් කණ්ඩායමේ ජියොන් ජින් වූන්, ටී ආරාකණ්ඩායමේ පාක් ජියොන්, සිස්ටාර් කණ්ඩායමේ හ්යෝලින්, ඇයිලී, සහ පාක් සියෝ ජූන් යන නළු නිලි කණ්ඩායම මෙහි රඟ දක්වනු ලැබිණි.[16]

මූලාශ්‍ර සංස්කරණය

  1. "Cast members pose at a press event for TV drama "Dream High" at KINTEX in Goyang, Gyeonggi Province". The Chosun Ilbo. 28 December 2010.
  2. "Cast members of TV drama "Dream High" pose on the set of the show in Goyang, Gyeonggi Province". The Chosun Ilbo. 28 January 2011.
  3. Lee, Seung-han (28 December 2010). "Park Jin-young says "wants to make 'Dream High' a reality"". 10Asia.
  4. Hong, Lucia (14 April 2010). "KEYEAST, JYP, CJ Media team up for drama "Dream High"". 10Asia.
  5. Cho, Bum-ja (13 August 2010). "CJ-JYP-KEYEAST drama "Dream High" to air in January 2011". 10Asia.
  6. Kwon, Mee-yoo (28 December 2010). "Yonsama-JYP soap to reignite hallyu". The Korea Times.
  7. Lee, Seung-han (28 December 2010). "PREVIEW: KBS TV series "Dream High"". 10Asia.
  8. Sung, So-young (30 December 2010). "Networks announce new season of drama". Korea JoongAng Daily.
  9. "'Dream High' Cast Set for Musical Reunion in Japan". The Chosun Ilbo. 17 June 2011.
  10. Kim, Myung-hun (30 January 2012). "PREVIEW: KBS TV series "Dream High 2"". 10Asia.
  11. "Dream High: Musical" (Japanese බසින්). Dream High: Musical Production Committee. සම්ප්‍රවේශය November 28, 2012.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  12. Kamarudin, Syahida (22 March 2012). ""Dream High" adapted to Japanese musical". Yahoo!.
  13. "Yuya Matsushita and Cast of "Dream High Musical" Attends Press Conference". JPopAsia. 18 June 2012.
  14. "Interview with Yuya Matsushita and NANAKA for Dream High Musical". Oricon via JPopAsia. 17 May 2012.
  15. Kim, Heidi (30 March 2011). "KBS "Dream High" re-made into image novel". 10Asia.
  16. Kim, Myung-hun (30 January 2012). "PREVIEW: KBS TV series "Dream High 2"". 10Asia.
"https://si.wikipedia.org/w/index.php?title=ඩ්‍රීම්_හයි&oldid=405197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි