දිය යට නළ බෝම්බ ගෙන යා හැකි අයුරින් කුඩාවට සහ ඉතා ඉක්මනින් ගමන් කළ හැකි අයුරින් නිර්මාණය කරන ලද නාවික යාත්‍රාවක් ලෙස ටෝර්පිඩෝ බෝට්ටුව හැදින්විය හැකිය. පළමුව නිර්මාණය කල ටෝර්පිඩෝ ව ස්පාර් පුපුරණ ද්‍රව්‍යය මගින් සතුරැ නෞකාවක් විනාශ කර දමන ලදී. එමෙන්ම පසුව නිර්මාණය කළ ටෝර්පිඩෝ ව විසින් ˝ වයිඩ්හෙඩ්˝ නල බෝම්බ ස්වයං - ප්‍රවාලිත කිරිමේ හැකියාවකින් යුක්ත විය. (හෝ ස්වයංක්‍රියව ˝වයිටිහෙඩි˝ නළ බෝම්බ මුදා හැරිය හැකි හැකියාවකින් යුක්ත වේ) මෙම යානා නිපදවන ලද්දේ ඉතා වේගවත්ව හා කඩිසරව, අනෙකුත් විශාල, හිමින් ගමන් කරනා හා බරැති ආයුධ සන්නද්ධ සතුරු නෞකා පරාජය කිරිමයි.

ටෝර්පිඩෝ අප දන්නා පරිදි නිෂ්පාදනය කරන ලද්දේ 1860 දී කපිතාන් ˝ගියොවනි ලුවිස්˝ (Giovanni Luppis) (ඔහු ඉවාන් බ්ලෙස් ලුපින් - Ivan Blaz Luppis ලෙසද හදුන්වයි.) නම් ක්‍රෝයේෂියාව හෙවත් පැරණි ඔස්ට්‍රෝ - හංගේරියාවට අයත් රටේ රිජෙකා (Rijeka) නම් නගරයේ දීය. 1860 දි එය ප්‍රථම වරට මහජන ප්‍රදර්ශණයට විවෘත විය. 1866 දී ඔහු හා රොබර්ට් වයිට්හෙඩ් එක්ව නිර්මාණය ප්‍රදර්ශණය කරන ලදී. පළමු ටොපෙඩෝ කර්මාන්තශාලාව ˝රිජෙකා˝ හිදි ආරම්භ කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ටෝපිඩෝ_බෝට්ටු&oldid=471854" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි