ට්‍රෝජන් යුද්ධය

(ට්රෝ:ජන් යුද්ධය වෙතින් යළි-යොමු කරන ලදි)

ග්‍රීක පුරාණෝක්තිය ප්‍රකාර, ඇකියන්වරුන් (ග්‍රීකයන්) විසින් ට්‍රෝයි නගරයට එරෙහිව ට්‍රෝජන් යුද්ධය මෙහෙයවන ලද්දේ පැරිස් විසින් ඇයගේ ස්වාමිපුරුෂයාවූ ස්පාර්ටාවෙහි රජු මෙනිලියස් වෙතින් හෙලන් කුමරිය පැහැර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම යුද්ධය ග්‍රීක පුරාවෘත්තවල වැදගත් සිදුවීමක් වන අතර ඉලියඩ් හා හෝමර්ගේ ඔඩ්සිහි (ග්‍රීක සාහිත්‍යයේ) බොහෝ ලෙස කියවේ. ට්‍රෝයිහි වටලෑම ඉලියඩ් හි විස්තර කර ඇති අතර ඔඩ්සි හි ආකේයියානු නායකයකු වූ ඔඩිසියස් නිවසට කළ චාරිකාව විස්තර කර ඇත. දැනට කැබලි ලෙස ඉතිරි ව ඇති මහා වීර කාව්‍ය ග්‍රන්ථවල යුද්ධයේ වෙනත් කොටස් සඳහන්ව ඇත. ග්‍රීක ශෝකාන්තය සඳහා මෙම කොටස් පාදක වුණි. තවද රෝම කවියන් වන වර්ජිල් හා ඕවිඩ් ද මෙය පාදක කර ගති.

ට්‍රෝජන් යුද්ධය


ඇකිලීස් විසින් තුවාල ලත් පෙට්‍රෝක්ලස්හට උවටැන් කරන අයුරු
(ඇටික් රතු-රූපය කීලික්ස්, වසර 500 පමණ ක්‍රිපූ)


සටනට හි විසංවාදයට අධිපති දේවතාවිය වූ ඉරිස් “ලස්සනම තැනැත්තිය වෙනුවෙන්” ලෙස ලියා තිබූ විසංවාදයේ රත්‍රන් ඇපල් ගෙඩිය ඇතීනා, හේරා හා ඇප්‍රො‍ඩයිට් යන දේවතාවියන්ට දීමෙන් ඔවුන් තිදෙනා අතර ඇති වූ ආරවුල මෙම යුද්ධයට පාදක විය. දේවතාවියෝ පැරිස් වෙතට ගියහ. ඇප්‍රොඩයිට් ලස්සනම තැනැත්තිය යැයි කී කෙනාට ඇපල් ගෙඩිය හිමි වීමට නියමිතව තිබුණි. මාරුවීමකින් ඇප්‍රොඩයිට්, ලස්සනම කාන්තාව හෙලන්වලට ගියහ. මයිසීනයේ රජු අගමෙම්නොන් හා හෙලන්ගේ සැමියාගේ සොහොයුරා වූ මිනිලවුස් එකතුව ට්‍රෝයි වෙත ආකේයිසන් භට බලකායක් සමඟ චාරිකා කර නඟරය වසර දහයකට වටලෑහ. ආකෙයියන් ජාතික අකිලීස් හා අජක්ස් වැනි වීරවරුන්ගේ සහ ට්‍රෝජන් ජාතික හෙක්ටර් හා පැරිස් ගේ මරණ වලින් පසු ට්‍රෝජන් අශ්වයාගේ කූට උපාය හේතුකොටගෙන නඟරය පිරිහෙන්නට විය. ආකේයියන්වරු, ට්‍රෝජන්වරු මරා දමන්නටත් දේවස්ථාන අපවිත්‍ර කරන්නටත් පටන් ගත්හ. මේ නිසා දෙවියෝ කෝප වූහ. ආකේයියන්වරු ඉතා අඩු පිරිසක් නැවත ගම රට බලා ගිය අතර බොහෝ දෙනෙක් දුර වෙරළවල්වල ජනපද පිහිටුවා ගත්හ. පණ බේරාගත් ට්‍රෝජන්වරු ඉතාලියට යැවීමට පෙරමුණ ගත් එයිනියස් නම් ට්‍රෝජන්වරයා විසින් තම සම්භවය ඇති වූ බව රෝමවරු පසුව පසක් කර ගත්හ.

පුරාණ ග්‍රීකවරු ට්‍රෝජන් යුද්ධය, ක්‍රි.පු. 13 හෝ 12 වන ශත වර්ෂයේ දී ඇති වූ ඓතිහාසික සිදුවීමක් ලෙස සිතූහ. තවද ට්‍රෝයි පිහිටා තිබුණේ වර්තමානයේ ඩර්ඩනිලිස් අසල තුර්කියේ යැයි ද විශ්වාස කළහ. නවීන කාලය වන විට යුද්ධය සහ නගරය යන දෙකම ඉතිහාසයට අයත් නැතැයි විශ්වාස විය. 1870 දී ජර්මානු පුරා විද්‍යාඥ හෙයින්රිච් ස්ක්ලිමත් විසින් මෙලෙස ට්‍රෝයි ලෙස හඳුන්වන ප්‍රදේශය කැනීම්වලට භාජනය කරන ලදී. එහි ට්‍රෝජන් යුද්ධය හා සම්බන්ධ ඓතිහාසික යථාර්තයක් ඇද්ද යන්න විවෘත ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙයින් අදහස් කරන්නේ වටලෑම් පිළිබඳ කතාවස්තු හා ලෝකඩ යුග‍යේ මයිසීනියානු ග්‍රීකවරුන්ගේ චාරිකාවල එකතුවක් මෙම හොමෙර්ගේ කතාවල අඩංගු බව වුව ද බොහෝ උගතුන් විශ්වාස කරන්නේ මෙම කතාවේ කිසියම් ඓතිහාසික හරයක් ඇති බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=ට්‍රෝජන්_යුද්ධය&oldid=650175" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි