ටයුන්ඥ (1531 – 1752)


15 වන ශතවර්ෂයේ අගභාගයේ දී නිතරම ෂාන් ගේ බලවත් ක්ෂණික පහරදීම් වලට ලක්ව තිබූ අවා රාජධානියෙන් ටයුන් ගු සහ ප්‍රෝම් යන කොටස් 16 වන ශතවර්ෂයේ මුල් භාගයේ දී බිදී ගියේය. 1527 දී මොන්හයින් ෂාන් විසින් අවා හි රාජ්‍ය බලය තමා නතු කර ගැනීමෙන් පසුව බොහෝ බුරැම ජාතිකයින්ගේ ලේ හැලීම් වලින් පසු නිරිත දිග රජු වූ බොහෝ මින්ගින්යොෝගේ මයුන්ගු නගරය බුරැම පාලනයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය.

මයින්ගු රාජධානියේ අලුතින් පාලකයා බවට පත් වූ ටැබින්ෂ්වෙට්ටි රජු 1539 වර්ෂයේ දී බොහෝ බලවත් පැවති පෙගු රාජධානියක් 1546 දී අරකන් හා 1548 දී සියම් යන රාජධානි ඔහුගේ පාලනය යටතට ගැනීමට ඔහු අපොහොසත් විය. යුරෝපීය වෙළදුන් ගේ පැමිණිමත් සමග බුරැමය නැවතත් ඉතා වැදගත් වෙළද මධ්‍යස්ථානයක් බවට පත්වූ අතර මැබින්ෂ්වෙට්ටි ඔහුගේ අගනගරය ආර්ථිකමය වශයෙන් ඉහල වටිනාකමක් ඇති පෙගු වෙත ගෙන ගිය ලදි.

බයින්නවුන්ගෙේරජු බුරැම ඉතිහාසයේ විශාලතම අධිරාජ්‍යයා වීමට කටයුතු කරන ලදි. එහි දී ඔහු ආවා 1555 දීත්, ෂාන් ජනපදය 1557 දීත්, ලාන් නා (මියැව්ග් මායි) 1558 දී ත්, මනිපූර් 1559 දී ත්, අවුත්තය (සියම්) 1564, 1569) දීත්, ලාන් ෂ්‍යාන්ග් (ලාඕඩ්) (1574 ) දී ත් තමාගේ පාලනයට නතු කරගත් අතරම එහි ප්‍රතිඵලයක් වශයෙන් ගිණිකොන දිග ආසියාවේ බටහිර හා මධ්‍යම ප්‍රදේශ වලින් වැඩි ප්‍රමාණයක් ඔහුගේ පාලනයට යටත් විය. 1581 දී බයින්නවුන්ග් මියයාමත් සමග ඔහුගේ අතිවිශාල අධිරාජය බිදී ගියේ ය. 1584 දී සියම, නිදහස ප්‍රකාශයට පත් කල අතර 1605 දක්වා බුරැමය සමග යුධ වදින ලදි. සියම, ලාන්, ෂ්‍යාන්ග් සහ මනිපුර් තුල 1593 සිට මයුන්ගු හි ආධිපත්‍යය නැති වී ගියේ ය. බුරැමට, සියම සමග තිබෙන එදිරිවාදිකම් ප්‍රයෝජනය ට ගෙන අරකනීස් බලකායන් පෘතුගීසි කුලී හේවායන්‍ගේ උදව් ලබාගෙන 1599 දී පෙගු නතුකරගන්නා ලදි. ප්‍රධාන කුලී හේවායා වූ ෆිලිස් දි බ්‍රිටෝ ඉ නිකෝට් 1603 දී කාන්ලයින් හි පෘතුගීසි ආධිපත්‍ය යටතේ ගෝවා නැවතත් පිහිටුවන ලදි. එයින් රට අවුල් වියවුල් විය.

බයින්නවුන්ගේ වැඩිමහල් පුත් වූ අනව්ක්පෙට්ලුන් ‍රජු 1613 දී පෘතුගීසි පරාජය කොට මනා කලමණාකාරීත්වයකින් යුතු කුඩා රාජධානියක් නැවත පිහිටවූ අතර එය ආවා කේන්ද්‍ර කොටගත් උත්තර බුරැමය පහත බුරැමය, ශාන් ජනපදය, හා ලාන් නා ප්‍රදේශය වට කොට ගත් එකක් විය. ඔහුගේ සහෝදරයා වූ කලුන් රජු යුද්ධයෙන් හෙම්බත් වූ රටක් ගොඩනගන ලදි. 1665 දී බර්මා විසින් ලාන් හා නහි රාජ්‍ය බලය ලබාගැනීමට සියම විසින් ගත් උත්සාහය පරාජය කරන ලදි. 17 ත් වන සියවස ආරම්භයේ දී රාජධානිය ක්‍රමානූකූලව බිදවැටුනි. 1730 න් පසු ඉහල චයින්ඕවින් මිටියාවත මැනිපියුරින් කොට්ඨාශයේ වරාර්ෂික ක්ෂණික බලවත් පහරදීම් වලට ලක්ව පැවැතුනි. ඩරාවැඩ්ඩි මිටියා‍වතේ පහත ප්‍රදේශයේ වාසය කල මොන්ස් කොට්‍ඨාශය විසින් 1740 දී පාලන බලය ට විරැද්ධව විවෘත ප්‍රතිරෝධයක් දියත් කරන ලදි. 1747 දී නව හත්තාවඩ්ඩි රාජධානිය පෙග්‍ර මුලිකකරගෙන පිහිටුවන ලදි. මයුන්ගු රාජධානිය අවසානයට පත්කර 1752 දී හන්තාවඩ්ඩි විසින් ආවා යටත් කර ගන්නා ලදි.

"https://si.wikipedia.org/w/index.php?title=ටයුන්ඥ_(1531_–_1752)&oldid=471457" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි