ජෝන් ස්ටිල් සීගිරි බිතු සිතුවම්

1907 දී ජෝන් ස්ටිල් මෙසේ කියුවේය. "මුළු ගල් පර්වතයම පෙනුනේ විශාල කලාගාරයක් පරිද්දෙනි. එය සමහර විට මුළු ලෝකයේම විශාල සිතුවම වියහැක".

මීටර් 140 ක් දිග 40 ක් උස පෙදෙසක් ආවරණය කරමින් ගල් පර්වතයේ බටහිර මුහුණත පුරා සිතුවම් තිබෙන්නට ඇත. කුරුටු ගීවල දැක්වෙන අන්දමට එම සිතුවම්වල කාන්තා රූප 500 ක් පමණ තිබෙන්නට ඇත. කෙසේ වෙතත් පසුව භික්ෂූ ආරාමයක් වූ නිසා භික්ෂූන්ගේ භාවනාවලට බාධකයක් වේ යයි සිතා ඇතැම් චිත්‍ර සදහටම ඉවත් කරන්නට ඇත.

අනුරාධපුර යුගයේ සිතුවම් වර්ණ ගැන්වීමේ කලාව ඉතා සුවිශේෂී ලෙස සළකනු ලැබේ. අනුරාධපුර යුගයේ සිතුවම්වල රේඛා සහ වර්ණ තැවරීමේ ක්‍රමය වෙනස් විය. රූපයේ වපසරිය ඉස්මතුවන අන්දමින් රේඛා ඇඳ තිබිණි. ගැඹුරු වර්ණය කෙළවරට එන අයුරින් එක් පැත්තකට පමණක් බර දී මිදුලක් අමදින ආකාරයට ‍තෙලිතුඩ භාවිතා කර සිතුවම් වර්ණ ගන්වා තිබිණි. අනුරාධපුර යුගයේ අනෙකුත් චිත්‍ර සීගිරි චිත්‍රවලට යම් ප්‍රමාණයක සමාන කමක් දැක්වුවද එවායේ සීගිරියේ චිත්‍රවල තිබෙන රේඛාමය ස්වරූපය දක්නට නොලැබේ. අනුරාධපුර යුගයේ චිත්‍රවල පැහැදිළිව දක්වා තිබෙන රේඛා කලාකරුවාගේ රාමුව සළකුණු කිරීමක් වූ අතර එය සීගිරි ආරෙහි සාදෘශ්‍යයක් නොවිනි.