ජෝන්ද සිල්වා ( 1857 – 1922) යනු විශිෂ්ට ශ්‍රී ලාංකීය නාට්‍යය රචකයෙකි.

මුල් කාලීන ජීවිතය සංස්කරණය

ද සිල්වා 1857 ජනවාරි 13 වනදා ‍කෝට්ටේහිදී උපත ලැබීය. ඔහු නාට්‍ය කලාවට පිවිසීම‍ට පෙර ගුරුවරයෙකු හා නීතීඥයෙකු ලෙස සේවය කර ඇත. ඔහුගේ ප්‍රථම නාට්‍යය වූ ප්‍රභව නාටකය උස් පන්තිය මත වූ උපහාසාත්මක එකක් විය.

නාට්‍යය රචනය සංස්කරණය

ඔහු විසින් නූර්ති හා නාඩගම් සම්ප්‍රධායන් ඇසුරුකරගනිමින් ‍ඓතිහාසික හා ආගමික නාට්‍යය කිහිපයක් ලිවීම හා නිෂ්පාදනය සිදු කරන ලදී. මෙම නාට්‍යය අතරට සිරිසඟ බෝ (1903), ශ්‍රී වික්‍රම රාජසිංහ (1906), දේවානම් පියතිස්ස (1914), විහාරමහා දේවිය (1916 ) හා දුටු ගැමුණු යන නාට්‍යය වේ. තවද ඔහු විසින් රාමායනය, සකුන්තලා, වෙස්සන්තර, උත්තර රාම චරිතය, රත්නමාලි හා නගානන්ද පිටපත් කරන ලදී.

ද සිල්වා විසින් සිංහල ආර්ය සුබෝධ නාට්‍යය සංගමය සමග මහජන ශාලාවේදී (පසුව එම්පයර් සිනමා ශාලා බවට පත් විය) ඔහුගේ නාට්‍යය වේදිකා ගත කරන ලදී. පසුව ඔහු විජය රංග පදනම පිහිටවන ලද අතර ගින්තුපිටිය රංග ශාලාවේදී ඔහුගේ නාට්‍යය වේදිකා ගත කරන ලදී.

මරණය සංස්කරණය

1922 ජනවාරි 28 වන දින ජෝන් ද සිල්වා අභාවප්‍රාප්ත විය.

උපහාර සංස්කරණය

ජෝන් ද සිල්වාගේ කැපවීම්වලට උපහාරයක් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතෙහි ජෝන් ද සිල්වා සමරු රඟහල ගොඩ නගන ලදී. 1987 ජනවාරි 31 වන දින අනුස්මරණ මුද්දරයක්ද නිකුත් කරන ලදී. වසර 2000 දී සිංහල පොප් කණ්ඩායමක් වන භාතිය හා සංතුෂ් විසින් සිරිසඟ බෝධි තේමා ගීතය පොප් ගීතයක් ලෙස නැවත සකස් කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_ද_සිල්වා_‍&oldid=598669" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි