ජෝන් කීට්ස් ඉංග්‍රිසි රොමැන්තික ව්‍යාපාරයේ ප්‍රධාන කිවිඳුන්ගෙන් කෙනෙකි. ඔහුගේ කෙටි ජීවිත කාලය තුල වාර ප්‍රකාශන මගින් ඔහුගේ කෘතින් නිරතුරුව ම තදබල ලෙස විවේචනයට ලක් විය. එහෙත් ඇල්ෆ්‍රඩ් ටෙනිසන් වැනි කවීන්ට ඔහුගේ මරණයෙන් පසුව කෙරුණු බලපෑම් අති මහත්ය. අලංකාර වචන තෝරා ගැනීම සහ අනුරාගී නිරූපණය කීට්ගේ කාව්‍ය වල සුවිශේෂි ලක්ෂණයක් විය. ඔහුගේ ගීත කාව්‍යයන් කිහිපයක් ඉංග්‍රිසි සාහිත්‍යයේ විශිෂ්ඨ කෘතින් ලෙස සැළකේ.

ජෝන් කීට්ස්
විලියම් හිල්ටන් විසින් නිර්මිත ජෝන් කීට්ස්ගේ ආලේඛ්‍ය චිත්‍රය. ජාතික ආලේඛ්‍ය චිත්‍රාගාරය, ලන්ඩනය
උපත31 ඔක්තෝබර් 1795(1795-10-31)
මූර්ගේට්, ලන්ඩනය, මහා බ්‍රිතාන්‍යය
විපත23 February 1821(1821-02-23) (වයස 25)
රෝමය, පාප්වහන්සේගේ රාජ්‍යය
වෘත්තියකවියා
උගත් ශාස්ත්‍ර ශාලාවකිංස් කොලේජ් ලන්ඩනය
සාහිත්‍යමය සංවිධානයරොමැන්ටික්වාදය


"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_කීට්ස්&oldid=381265" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි