ජොහෝර්හී ඊබ්‍රාහීම් ඉස්කන්දා

සුල්තන් ඊබ්‍රාහීම් ඊබ්න් අල්මර්හුම් සුල්තන් ඉස්කන්දා (ජාවි: سلطان إبراهيم ابن المرحوم سلطان إسکندر; උපත 1958 නොවැම්බර් 22) යනු, මලයාසියාවෙහි දහහත්වන සහ වර්තමාන යං ඩී-පර්තුවාන් අගොං (රජ) වෙයි. ඔහු නවීන ජොහෝර්හී පස්වන සුලතන්වරයාද වන අතර, ඔහුගේ පියාවූ සුලතන් ඉස්කන්දා 2010 වසරෙහිදී මියයෑම සමගම සිංහාසනාරූඨ විය.

මෝටර්සයිකල් උද්‍යෝගියෙක් වන සුල්තන් ඊබ්‍රාහීම්, වාර්ෂීක මෝටර්සයිකල් චාරිකා උත්සවාංගය, කෙම්බාරා මාකෝටා ජෝහෝර් උත්සවාංගයෙහි සමාරම්භක වෙයි. [1]

2023 ඔක්තොම්බර් 27 දිනදී වසර-පහක ධූර කාලයක් සඳහා තෝරා පත් කර ගනු ලදුව, ඔහු 2024 ජනවාරි 31 දිනදී, මලයාසියාවෙහි දහහත්වන යං ඩී-පර්තුවාන් අගොං ලෙසින් දිවුරුම් දෙන ලදි. [2] [3][4]

යොමු කිරීම් සංස්කරණය

  1. ටුන්කු මාකෝටා ටු ලීඩ් ටුවර් ෆො ටෙන්ත් ඉයර්, 16 ජූලි 2008, ද ස්ටාර්
  2. "65-ඉයර් ඕල්ඩ් සුල්තන්ඊබ්‍රාහීම් එසියුම්ස් ද ත්‍රෝන් ඈස් මැලේෂියාස් නිව් කිං". ලොක්මෑට් ටයිම්ස්. 31 ජනවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 ජනවාරි 2024.
  3. "මැලේෂියා පික්ස් පවර්ෆුල් රූල ඔෆ් ජොහෝර් ස්ටේට් ඈස් කන්ට්‍රීස් නිව් කිං අන්ඩර් රොටේෂන් සිස්ටම්" (en බසින්). ඒපී නිව්ස්. 27 ඔක්තොම්බර් 2023. https://apnews.com/article/malaysia-king-johor-rotation-c6e942eaa60e18804e12e46c922cead3. 
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; cna yda නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි