ජොන් ඩේවි ක්‍රිස්තු වර්ෂ 1790 දී බ්‍රිතාන්‍යෙය් දී උපත ලැබීය.ඔහු වෛද්‍යවරයෙකු හා ලේඛකයෙකු ගවේශකයෙකු හා සංචාරකයෙකු ලෙස ප්‍රකටය.ශ්‍රී ලංකාව පිළිබද ඓතිහාසිත තොරතුරු ගවේශනය කළ කීර්තිමත් ගවේශකයෙකු ලේඛකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙකු වූ රොබට් බ්‍රවුන්රි ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයාදවිය.

ළමාවිය හා අධ්‍යාපනය සංස්කරණය

ඩේවි ක්‍රිස්තු වර්ෂ 1790 දී බ්‍රිතාන්‍යෙය් දී උපත ලැබීය.ඔහුගේ සොහොයුරා වන්නේ සුප්‍රකට ශ්‍රීමත් හම්ප්‍රි ඩේවී නම්වූ විද්‍යාඥයාය.නම්ප්‍රි ඩේවි විසින් ගල් අගුරු ආකර තුල භාවිත කළ හැකි ආරක්ෂිත ලාම්පුවක් නිපදවීය.කුඩා අවදියේ සිටම අද්‍යාපනයට දක්ෂතා දක්වූ ඩේවි තම උසස් අධ්‍යාපනය සදහා පියමනින්නේ බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයටයි.එහිදී තම උසස් අධ්‍යාපනය සදහා වෛද්‍ය විද්‍යාව තොරාගන්නා ඔහු 1814 දී එම විශ්ව විද්‍යාලයෙන්ම වෛද්‍ය උපාධිය හිමිකර ගනී.ඔහු දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු බ්‍රිතාන්‍ය යුධ හමුදාවට එක්වී තම වෘත්තීය ජීවිතය අරඹයි.

ලංකාවට පැමිණීම සංස්කරණය

1816 දී ලංකාවට පැමිනෙන ජොන් ඩේවි එවක ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ සර් රොබට් බ්‍රවුන්රි ගේ පෞද්ගලික වෛද්‍ය වරයා ලෙස සේවය කරයි.ඔහු 1816 සිට 1820 දක්වා කාලය තුල ලංකාවේ වාසය කළේය.ඔහු මෙසේ ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස සේවය කරන අතරතුර ලංකාව පුරා සංචාරය කරමින් ලංකිකයන්ගේ සමාජ ආර්ථික ආගමික හා සංස්කෘතික කාරනා පිළිබදව ඉතා සුපරික්ෂාවෙන් තොරතුරු ගවේශනය කළේය.එසේම තමා විසින් සහභාගී නිරීක්ෂනය මගින් රැස්කරගත් ශ්‍රී ලාංකික යන් පිළිබද තොරතුරු ලේඛන ගත කොට සුරක්ෂිත කිරීමට අමතක නොකලේය.

ප්‍රකාශන සංස්කරණය

 

ජොන් ඩේවි විසික් ග්‍රන්ත පහක් පමණ ප්‍රකාශයටපත්කර ඇත.මෙම ග්‍රන්ත අතරින් ඩේවි ලංකාව ගැන ලියූ විශිෂ්ටතම ග්‍රන්තය ලෙස An Account of The Interior Of Ceylon and Of its Inhabitants ග්‍රන්තය සදහන්වේ.මෙය ශ්‍රී ලංකාවේ පිළිබද විවිධ පැතිකඩයන් ඔස්සේ සමාජ මානව විද්‍යත්මක දෘෂ්ටි කොණයෙන් විමසා බැලෙන කෘතියකි.

ඩේවි දුටු ලංකාව සංස්කරණය

 

ජෝන් ඩෙවි විසින් රචිත An Account of The Interior Of Ceylon and Of its Inhabitants නම් ග්‍රන්තය ඇල්ලේපොළ එච්.එම් සොමරත්නයන් විසින් ඩේවි දුටු ලංකාව නමින් සිංහලයට පරිවර්තනය කළේය.

මෙම ග්‍රන්තයේ මුල් පරිච්ඡෙද තුන භූගෝලීය පිහිටීම කදු ඛනිජ පිළිබද විස්තර කරයි.තුන්වන හතරවන පස්වන හා හයවන පරිච්ඡෙද උඩරට රාජධානියේ දේශපාලන පසුබිම විස්තර කරයි.හත්වන පරිච්ඡේදය ආගමික පසුබිම විස්තර කරයි.අටවන පරිච්ඡෙදය කලාව හා සාහිත්‍ය විස්තර කරයි.නමවන පරිච්ඡෙදයෙන් ගැමි ජීවිතය විස්තර කරයි.දහවන පරිච්ඡේදයෙදී ඩේවි විසින් විවිධ පුද්ගලයින් හමඑී ලබාගත් තොරතුරු ජනප්‍රවාද විස්තර කරයි.

බාහිර යොමු සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ජොන්_ඩේවි&oldid=469303" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි