ජෛව ඉන්ධන - ඉතිහාසය හා ක්‍රියා මාර්ග

මනුෂ්‍යයන් විසින් ගින්දර සොයා ගැනීමේ සිට රත් කිරීම හා ආහාර පිසීම සඳහා ඝන ජෛව ඉන්ධන ආකාරයෙන් ජෛව ස්කන්ධ ඉන්ධන භාවිතා කර ඇත. විද්‍යුතයේ සොයා ගැනීමෙන් පසුව විදුලි බලය ගණනය කිරීමට ද ජෛව ඉන්ධන යොදා ගැනීමට හැකි විය. කෙසේ නමුත් පොසිල ඉන්ධනවල (ගල් අඟුරු, වායු හා තෙල්)සොයා ගැනීමත් සමඟ ප්‍රවාහනය තාපය හා ජවය සඳහා දියුණු වූ ලෝකයේ යොදා ගන්නා ජෛව ස්කන්ධ ඉන්ධන ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වී ඇත.

ද්‍රව ජෛව ඉන්ධන වාහන කර්මාන්තයේ මුල් දිනවල සිටම භාවිතයට ගෙන ඇත. අභ්‍යන්තර දහන එන්ජිමෙහි නිර්මාතෘ වූ ජර්මානු ජාතික නිකොලස් ඕගස්ට් ඔටෝ ඔහුගේ හඳුන්වාදීම ධාවනය කළේ එතනෝල් වලිනි. ඩීසල් එන්ජිමෙහි නිර්මාතෘ වූ ජර්මානු ජාතික රුඩොල්ෆ් ඩීසල් එය රටකජු තෙල් මත ධාවනය වීමට නිර්මාණය කළ අතර හෙන්රි ෆෝඩ් විසින් 1903- 1926 දක්වා නිෂ්පාදිත කාරයක් වූ Ford Model T කාරය නිර්මාණය කළේ සම්පූර්ණයෙන්ම කංසාවලින් නිපදවන ලද ජෛව ඉන්ධන මඟින් ධාවනය වන ලෙසය. කෙසේ නමුත් පෙන්සිල්වේනියා හා ටෙක්සාස්වල බොරතෙල් විශාල සැපයුම් සොයා ගැනිමත් සමඟ පෙට්‍රෝලියම් ඉන්ධන මිළෙන් අඩු වූ අතර ඉක්මනින් බහුලව භාවිතා කිරීම ආරම්භ විය. මෝටර් රථ හා ට්‍රක් මඟින් ඛනිජ තෙල් / පෙට්‍රෝලියම්: ගැසොලයින්/ පෙට්‍රල් හෝ ඩීසල් මඟින් නිෂ්පාදිත ඉන්ධන යොදා ගැනීම ආරම්භ කරන ලදී.

කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධයට පෙර හා අතිශය වැදගත් යුධ කාලය තුළ දී ජෛව ඉන්ධන ආනයනික තෙල්වලට විකල්පයක් ලෙස අගයනු ලැබීය. යුධ කාලයේ දී ජර්මනියට අතිශය තෙල් හිඟවලට මුහුණ දීමට සිදු වූ අතර එමනිසා ශක්ති නව නිපැයුම් සිදු විය. මෙයට අර්තාපල්වලින් පැසවූ ඇල්කොහොල් සමඟ ගැසොලයින් මිශ්‍ර කිරීමෙන් සෑදු Reichskraftsprip ලෙස හැඳින්වූ මිශ්‍රණයක් යොදා ගෙන වාහන ධාවනය කිරීම ඇතුළත් විය. බ්‍රිතාන්‍යයේ දී ඩිස්ටිලර්ස් සීමා සහිත සමාගම විසින් discol යන නම යටතේ ධාන්‍ය ඇල්කොහොල පෙට්‍රල් සමඟ මිශ්‍ර කර ඊසෝගේ අනුබද්ධ ක්ලේව්ලන් හරහා වෙළඳපොළ ගත කිරීම සිදු කරන ලදී.

සාම පසු යුධ කාලයේ දී මැද පෙරදිග මිළෙන් අඩු තෙල් මඟින් ජෛව ඉන්ධනවල ආර්ථික හා භූ දේශපාලනික උනන්දුව අඩු කරන ලදී. ඉන්පසුව 1973 දී හා 1979 දී මැදපෙරදිග භූ දේශපාලනික ගැටුම් නිසා ඔපෙක් සංවිධානය විසින් අපනයනය කිරීම් නැවැත් වූ අතර එමනිසා ඔපෙක් සංවිධානයට අයත් නොවන රටවල් ඔවුන්ගේ තෙල් සැපයුම්වල ඉතා විශාල අඩු වීම්වලට ‍මුහුණ දුනි. මෙම ශක්ති අර්බුදය ප්‍රබල හිඟ වීම්වලට හේතු වූ අතර අධි වැදගත්කමකින් යුත් තෙල් මත පදනම් වූ නිෂ්පාදන සීඝ්‍රයෙන් වර්ධනය විය. (විශේෂයෙන් පෙට්‍රල්/ ගැසොලින්) ශක්ති අර්බුදය හා ජෛව ඉන්ධන පිළිබඳ ආණ්ඩු හා අධ්‍යාපන අංශ යොමු කරන අවධානය ද ක්‍රම ක්‍රමයෙන් වැඩි විය. සැපයුමෙහි හා ඉල්ලුමෙහි අඩු වැඩි වීම්, ශක්ති ප්‍රතිපත්ති, යුධ ගැටුම් හා පාරිසරික බලපෑම් යන සියල්ල ශක්තිය හා ඉන්ධන සඳහා වූ අතිශය සංකීර්ණ හා චංචල වෙළඳපොළ සඳහා දායක වී ඇත.

වසර 2000 දී හා ඉන්පසුව ජෛව ඉන්ධන පිළිබඳ අලුත් වූ අවධානයන් දක්නට ලැබුණි. ජෛව ඉන්ධන පර්යේෂණ හා දියුණු කිරීම්වලට දායක වූ සාධකවලට දිනෙන් දින වැඩි වන තෙල් මිළ විය හැකි තෙල් උද්ධමනය, හරිතාගාර වායු විමෝචනය ‍(ගෝලීය උණුසුම්කරණය හා දේශගුණික වෙනස් වීම් ඇති කරන) , ප්‍ර‍දේශීය ප්‍රදේශ දියුණු කිරීම හා මැද පෙරදිග අස්ථායී බව ඇතුළත් වේ.

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Biofuel#History_and_policy