මනුෂ්‍යයන් විසින් ගින්දර සොයා ගැනීමේ සිට රත් කිරීම හා ආහාර පිසීම සඳහා ජෛව ඉන්ධන භාවිතා කර ඇත. විද්‍යුතයේ සොයා ගැනීමෙන් පසුව විදුලි බලය ගණනය කිරීමට ද ජෛව ඉන්ධන යොදා ගැනීමට හැකි විය. කෙසේ නමුත් පොසිල ඉන්ධනවල (ගල් අඟුරු, වායු හා තෙල්)සොයා ගැනීමත් සමඟ ප්‍රවාහනය තාපය හා ජවය සඳහා දියුණු වූ ලෝකයේ යොදා ගන්නා ජෛව ස්කන්ධ ඉන්ධන ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වී ඇත.

ද්‍රව ජෛව ඉන්ධන සංස්කරණය

කර්මාන්තයේ මුල් දිනවල සිටම භාවිතයට ගෙන ඇත. අභ්‍යන්තර දහන එන්ජිමෙහි නිර්මාතෘ වූ ජර්මානු ජාතික නිකොලස් ඕගස්ට් ඔටෝ ඔහුගේ හඳුන්වාදීම ධාවනය කළේ එතනෝල් වලිනි. ඩීසල් එන්ජිමෙහි නිර්මාතෘ වූ ජර්මානු ජාතික රුඩොල්ෆ් ඩීසල් එය රටකජු තෙල් මත ධාවනය වීමට නිර්මාණය කළ අතර හෙන්රි ෆෝඩ් විසින් 1903- 1926 දක්වා නිෂ්පාදිත කාරයක් වූ Ford Model T කාරය නිර්මාණය කළේ සම්පූර්ණයෙන්ම කංසාවලින් නිපදවන ලද ජෛව ඉන්ධන මඟින් ධාවනය වන ලෙසය. කෙසේ නමුත් පෙන්සිල්වේනියා හා ටෙක්සාස්වල බොරතෙල් විශාල සැපයුම් සොයා ගැනිමත් සමඟ පෙට්‍රෝලියම් ඉන්ධන මිළෙන් අඩු වූ අතර ඉක්මනින් බහුලව භාවිතා කිරීම ආරම්භ විය. මෝටර් රථ හා ට්‍රක් මඟින් ඛනිජ තෙල් / පෙට්‍රෝලියම්: ගැසොලයින්/ පෙට්‍රල් හෝ ඩීසල් මඟින් නිෂ්පාදිත ඉන්ධන යොදා ගැනීම ආරම්භ කරන ලදී.

 
ජෛව ඩීසල් දහනයෙන් ගමන් ගන්නා බසයක්.

ජෛව ඉන්ධන නිෂ්පාදනයේ සහ පරිභෝජනයේ ගැටළු සංස්කරණය

ජීව ඉන්ධන වලින් බලාපොරොත්තු වන වාසි වන්නේ ; හරිතාගාර වලින් විමෝචනය වනු ලබන වායු ප්‍රමාණය අවම කිරීම, පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම, ජාතික බල ශක්තියේ ආරක්ෂාව වැඩි කිරීම, ග්‍රාමීය සංවර්ධනය ඉහලනැංවීම, සහ අනාගතය සඳහා ඉන්ධන සැපයීම ප්‍රමාණවත් කිරීමයි. කෙසේනමුත් විවිධ පැතිකඩ වලින් බලන කල ජීව ඉන්ධන නිෂ්පාදනය ගැටලුවක්බවට පත්වී ඇත. දේශගුනිකව් වෙනස්වීම් සම්බන්ධ ජාත්‍යාන්තර කමිටුවෙහි සභාපති 'රාජේන්ද්‍ර පචෞරි' විසින් 2007 මාර්තුමසදී කරනලද නිරීක්ෂණයකට අනුව මේ සඳහා තිරිඟු වල මිල ඉහලයාම බලපැමක්ව ඇති බවයි.තවද ආහාරවල අරක්ෂාවද මේ සඳහා පොදුවේ බලපෑමක් ඇති කරයි. ජීව ඉන්ධනවල වුවද සීමාකාරී තත්වයක් දක්නට හැක.අවම පිරිවැයෙන් උපරිම නිෂ්පාදනයක් සඳහා නිෂ්පාදන සැලසුම් කඩිනමින් හඳුන්වා දිය‍යුතු අතර ඒවා උපරිම ලෙස පරිසර හිතකාමීද වියයුතුය.පළමුවරට ජීවඉන්ධන නිෂ්පාදයේදී බලශක්ති අවශ්‍යතාවයෙන් ඉතාමත් සුළු කොටසක් පමණක් නිපදවිය හැකි අතරම එය පරිසර හිතකාමිද වේ.දෙවනවර නිෂ්පාදනයේදී මුහුණදීමට සිදුවන ප්‍රධානතම ගැටළුව වනුයේ ප්‍රාග්ධන වියදමයි. මෙහිදී ඩීසල් බලාගාර සඳහා ඇස්තමේන්තුගත මුදල යූරෝ මිලියන 500කි. තවද, ජීව ඉන්ධන සඳහා වන වාසි හෝ අවාසි වෙනස්වන අවස්ථාව එක් අතකට ශක්තියක් ලබාගැනීමක්වේ.2008 මාර්තු 28වන දින 'ට්යිම්ස්' සඟරාවෙහි මේ පිලිබඳව 'The clean energy myth' නමින් ලිපියක් ඇත ඉන්ධන සඳහා විකල්පයක් ලෙස තිරිඟු වලින් නිපදවනු ලබන එතනෝල් සඳහා දේශපාලඥයින් හා මහා පරිමාණ ව්‍යපාරිකයින් යොමුවීම නිසා, ලෝක ආහාරවල මිලගණන් ඉහල නැංවීමත්, ඇමසන් වනාන්තරය විනාශ කිරීමට උදව් කිරීමත්, ගෝලීය උෂ්ණත්වය වඩාත් දරුණු කිරීමත් සිදුවේ

"https://si.wikipedia.org/w/index.php?title=ජෛව_ඉන්ධන&oldid=510108" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි