නාසරෙත්හි ජේසු (ක්‍රි.පූ 7-2 - ක්‍රි.ව 30-36) . බොහෝවිට හඳුන්වනු ලබන්නේ ජේසුස් ක්‍රිස්තු ලෙසයි. ජේසුස් හෝ ක්‍රිස්තු ලෙසද හඳුන්වනු ලැබේ. ක්‍රිස්තියානිය පදනම් වී ඇත්තේ මොහු වටායි. කිතුණු නිකායන් රැසක් විසින් මොහු සර්වබලධාරියා හෙවත් පුත්‍රයා පිළිගන්නා අතර කුරුසයේ ඇණ ගසා ඝාතනය කිරීමෙන් පසුව මළවුන් ගෙන් නැගිට ආ බවද විශ්වාස කරයි.

ප්‍රධාන වශයෙන් ශුභ ආරංචි හතරේ දැක්වෙන තොරතුරු අනුව ජේසුස්ගේ ජීවිතය හා ඉගැන්වීම් ගැන තීරණය කරනු ලැබේ.

මොහු පිළිබඳ උනන්දු බොහෝ ඉතිහාස ගවේෂකයන් විසින් ජේසුස් යනු බෞතිස්ම කරන ලද යුදෙව්වෙක් බව පිළිගනු ලැබේ. මොහු එකල සමාජයේ ගුරුවරයෙක් හා සුව කරන්නෙක් වූ බවද පැවසේ.

රෝම ජාතික අධිපතියෙක් වූ පොන්ටියස් පිලාත් විසින් රෝම අධිරාජ්‍යයට එරෙහිව කතා කිරීමේ වරදට ජේසුස්ව ජෙරුසලමේදී කුරුසයක ඇණ ගසා ජීවිතක්ෂයට පත් කරන ලදී.

මූලාශ්‍ර

Jesus

"https://si.wikipedia.org/w/index.php?title=ජේසුස්&oldid=345717" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි