ජෙෆ්රි ලියෝන් "ජෙෆ්" බ්‍රිජ් ඇමෙරිකානු සංගීතඥයෙකු හා නළුවෙකුද වෙයි. ඔහුගේ, ද ලාස්ට් පික්චර් ෂෝ, තන්ඩර්බොල්ට් ඇන්ඩ් ලයිට්ෆූට්, ට්‍රොන්, ස්ටාර්මෑන්, ද ෆැබ්‍යුලස් බේකර් බොයිස්, ෆියර්ලස්, ද බිග් ලෙබොව්ස්කි, ද කන්ටෙන්ඩර්, අයන් මෑන් යන චිත්‍රපට වැදගත් නිර්මාණ වෙයි. එමෙන්ම 82 වෙනි ඔස්කාර් උලෙලේදී ඔහු රඟපෑ "ක්‍රේසි හාර්ට්" (Crazy Heart) වෙනුවෙන් හොඳම නළුවා සඳහා ඔස්කාර් සම්මානය දිනා ගත්තේය.

ජෙෆ් බ්‍රිජස්
උපත 1949 දෙසැම්බර් 4 (අවු. 60)
ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියා,ඇමරිකාව
රැකියාව නළුවෙකි, ගායකයෙකි, සංගීතඥයෙකි, අධ්‍යක්ෂකවරයෙකි
ක්‍රියාකාරි වර්ෂයන් 1962 සිට වර්තමානය දක්වා
භාර්යාව සූසන් ජෙස්ටන් (1977– වර්තමාන)

ඩොරොති බ්‍රිජස් නම් නිළියට හා ලොයිඩ් බ්‍රිජස් ට දාව කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස් හීදී උපත ලැබූ ජෙෆ් හට බීයෝ නමින් වැඩිමහල් සොහොයුරෙක්ද, ලුසින්ඩා නම් කුඩා සොහොයුරියක්ද සිටී. ඔහුගේ බාල සහෝදරයා කුඩා අවධියේදීම මිය ගියේය. කුඩා කල සිටම ජෙෆ්, ඔහුගේ සොහොයුරු බීයෝ සමඟ සමීප ඇසුරක් පැවත්වීය. මොවුන් පදිංචි වී සිටියේ නිව් යෝර්ක් හි "හෝල්ම්බි හිල්ස්" නම් කොටසේය. ඔහු වසර 1960 දී වෙරළාරක්ෂකයෙකු වශයෙන් සේවයට එක්විය.

ජෝර්ඩන් බ්‍රිජස් ගේ මාමා වන ජෙෆ්, සූසන් ජෙස්ටන් සමඟ 1977 දී විවාහ විය. මොහුට සූසන්ව මුණගැසුනේ "රැන්චෝ ඩිලක්ස්" (Ranch Delux) නම් චිත්‍රපටය රූගත කරන අතරතුරදීය. මෙය විශාල ගොවිපලක රූගත කෙරුණු අතර, සූසන් එහි මෙහෙකාරියක ලෙස සේවය කළාය. ඔවුනට දූවරු තිදෙනෙක් සිටිති. ඔවුන් ඉසබෙල්, ජෙසිකා ලිලී සහ හේලී රොසලුයිස් නම් වේ. ජෙෆ් කංසා භාවිත කරන්නෙකු වශයෙන්ද ප්‍රසිද්ධය. "ද බිග් ලෙබොව්ස්කි" (The Big Lebowski) නම් චිත්‍රපටයේ රූගත කිරීමකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මරිජුවානා භාවිතය අඩුකළ බව පැවසීය. නමුත් "ස්ථීර ලෙසම එය අත් නොහල" බවද ඔහු කියා සිටියේය.

"https://si.wikipedia.org/w/index.php?title=ජෙෆ්_බ්‍රිජස්&oldid=586718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි