ජේ ලෝ නොහොත් ජෙනිෆර් ලින් ලොපෙස් ,1969 ජූලි 24 උපත ලැබූ ඇමරිකානු ගායිකාවකි. ගායන වෘත්තියට අමතරව ඇය නිලියක්, කතෘවරියක්, නර්තන ශිල්පිනියක්, මෝස්තර නිර්මාණ ශිල්පිනියක්, නිශ්පාදකවරියක්, ගීත රචකාවියක්, සහ රූපවාහිනී නිවේදකයකවරියක් ලෙසද ජනප්‍රිය වී ඇත. [2][3]ඇයගේ රංගන දිවියේ මංගලාවතරනය සිදු වූයේ මයි ලිට්ල් ගර්ල් (1986) චිත්‍රපටයේ සුළු චරිතයකට පන පොවමිනි. පසුව ඇය 1991දී ඉන් ලිවිංග් කලර්ස් නම් ඇමරිකානු රූපවාහිනී වැඩසටහන් මාලාවේ ෆ්ලයි ගර්ල් නර්තන ශිල්පිනියක් ලෙස තමුන්ගේ පලමු දෛනික ඉහල පෙලේ රැකියාව ආරම්භ කලාය. ඇය 1993දී නිලියක් වීමේ අභිමතාර්ථය පසුපස හඹා යන තෙක්ම මෙම වැඩසටහන් මාලාවේ අනිවාර්ය චරිතයක් බවට පත් වී සිටියාය. ඇය තම පලමු ප්‍රධාන රංගන චරිතය 1997 සෙලීනා චිත්‍රපටයේදී රඟ දැක්වූවාය. එම වසරේ අවුට් ඔෆ් සයිට් චිත්‍රපටයේ චරිතයකට පන පොවමින් ඇ.ඩො. මිලියනයකට වඩා ආදායමක් ලැබූ ප්‍රථම ලතින් ඇමරිකානු නිලිය බවට ඇය පත් වූවාය. සංගීත ක්ශේත්‍රයට ඇයගේ ඇති බුහුටිකම ප්‍රසිද්ධ වූයේ 1999දී නිකුත් කල ඇයගේ මූලාරම්භක ඔන් ද 6 ඇල්බමයේ "ඉෆ් යූ හැඩ් මයි ලව්" නම් පෙරටුගාමී ගීතයත් සමගිනි.

  1. "Jennifer Lopez on dating, her split with Marc Anthony and 'First Love'". Los Angeles Times. සම්ප්‍රවේශය July 20, 2014.
  2. Johnson, Zach (June 18, 2014). "Jennifer Lopez and Marc Anthony Are Officially Divorced, Nearly 3 Years After Split". E!. සම්ප්‍රවේශය 16 August 2014. She also filed paperwork to have her legal name be changed from Jennifer Muniz (Anthony's real surname) back to Jennifer Lopez.
  3. "Jennifer Lopez Requests Name Change In Divorce Documents". The Huffington Post. 2014-01-25. සම්ප්‍රවේශය 2014-07-20.
ජෙනිෆර් ලොපෙස්
ජෙනිෆර් 2014 අප්‍රේල් මස 25 වන GLAAD මීඩියා සම්මාන, උලෙල සඳහා සහභාගි වෙමින්
උපත
ජෙනිෆර් ලින් ලොපෙස්

ජූලි 24, 1969 (1969-07-24) (වයස 54)
බ්‍රොන්ක්ස්, නිව් යෝක්, එක්සත් ජනපදය.
නිවහනලොස් ඇන්ජලිස්, කැලිෆෝනියා, එ.ජ.[1]
රැකියාව
  • නිලියක්
  • ගායිකාවක්
  • කතෘවරියක්
  • නර්තන ශිල්පිනියක්
  • මෝස්තර නිර්මාණ ශිල්පිනියක්
  • නිශ්පාදකවරියක්
  • ගීත රචකාවියක්
  • රූපවාහිනී නිවේදකයකවරියක්
සක්‍රීය වසර1986–අද දක්වා
කලත්‍රයා(යන්)
දරුවන්2
ඥාතීන්ලින්ඩා ලොපෙස් (සහෝදරිය)
සංගීත වෘත්තිය
ප්‍රභේද
ලේබල
සම්බන්ධිත රඟපෑම්
වෙබ් අඩවියjenniferlopez.com
"https://si.wikipedia.org/w/index.php?title=ජෙනිෆර්_ලොපෙස්&oldid=382971" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි