ජීව ඉන්ධන නිෂ්පාදනයේ සහ පරිභෝජනයේ වත්මන් ගැටළු

ජීව ඉන්ධන නිෂ්පාදනයේ සහ පරිභෝජනයේ වත්මන් ගැටළු


ජීව ඉන්ධන වලින් බලාපොරොත්තු වන වාසි වන්නේ ; හරිතාගාර වලින් විමෝචනය වනු ලබන වායු ප්‍රමාණය අවම කිරීම, පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම, ජාතික බල ශක්තියේ ආරක්ෂාව වැඩි කිරීම, ග්‍රාමීය සංවර්ධනය ඉහලනැංවීම, සහ අනාගතය සඳහා ඉන්ධන සැපයීම ප්‍රමාණවත් කිරීමයි. කෙසේනමුත් විවිධ පැතිකඩ වලින් බලන කල ජීව ඉන්ධන නිෂ්පාදනය ගැටලුවක්බවට පත්වී ඇත. දේශගුනිකව් වෙනස්වීම් සම්බන්ධ ජාත්‍යාන්තර කමිටුවෙහි සභාපති 'රාජේන්ද්‍ර පචෞරි' විසින් 2007 මාර්තුමසදී කරනලද නිරීක්ෂණයකට අනුව මේ සඳහා තිරිඟු වල මිල ඉහලයාම බලපැමක්ව ඇති බවයි.තවද ආහාරවල අරක්ෂාවද මේ සඳහා පොදුවේ බලපෑමක් ඇති කරයි. ජීව ඉන්ධනවල වුවද සීමාකාරී තත්වයක් දක්නට හැක.අවම පිරිවැයෙන් උපරිම නිෂ්පාදනයක් සඳහා නිෂ්පාදන සැලසුම් කඩිනමින් හඳුන්වා දිය‍යුතු අතර ඒවා උපරිම ලෙස පරිසර හිතකාමීද වියයුතුය.පළමුවරට ජීවඉන්ධන නිෂ්පාදයේදී බලශක්ති අවශ්‍යතාවයෙන් ඉතාමත් සුළු කොටසක් පමණක් නිපදවිය හැකි අතරම එය පරිසර හිතකාමිද වේ.දෙවනවර නිෂ්පාදනයේදී මුහුණදීමට සිදුවන ප්‍රධානතම ගැටළුව වනුයේ ප්‍රාග්ධන වියදමයි. මෙහිදී ඩීසල් බලාගාර සඳහා ඇස්තමේන්තුගත මුදල යූරෝ මිලියන 500කි. තවද, ජීව ඉන්ධන සඳහා වන වාසි හෝ අවාසි වෙනස්වන අවස්ථාව එක් අතකට ශක්තියක් ලබාගැනීමක්වේ.2008 මාර්තු 28වන දින 'ට්යිම්ස්' සඟරාවෙහි මේ පිලිබඳව 'The clean energy myth' නමින් ලිපියක් ඇත ඉන්ධන සඳහා විකල්පයක් ලෙස තිරිඟු වලින් නිපදවනු ලබන එතනෝල් සඳහා දේශපාලඥයින් හා මහා පරිමාණ ව්‍යපාරිකයින් යොමුවීම නිසා, ලෝක ආහාරවල මිලගණන් ඉහල නැංවීමත්, ඇමසන් වනාන්තරය විනාශ කිරීමට උදව් කිරීමත්, ගෝලීය උෂ්ණත්වය වඩාත් දරුණු කිරීමත් සිදුවේ.