ජීවයේ ගස යනු, දැනට වසන සහ නෂ්ටවූ යන දෙවර්ගයෙහිම ජීවින් අතර බන්ධුතාවය විස්තර කිරීමට භාවිතා කරන රූපකයකි. එහි භාවිතය, 1800 ගණන් වල මුල් අවදිය දක්වා දිව යයි. චාල්ස් ඩාවින් විසින් එය භාවිතා කෙරුණේ, පොදු වංශ ක්‍රියාවලියක් ඔස්සේ, පූර්වජයන් වෙතින්, ප්‍රභේදයන් සහ ඉන් අනතුරුව විශේෂයන්, ශාඛන අපසාරීතා වීමේ සංකල්පය ප්‍රකාශ කිරීමටය.කාලය ඔස්සේ ජීවී විශේෂ සඳහා පරිණාමීය බන්ධුතාවය ඇති වීම සඳහා අර්න්ස්ට් හෙක්ල් විසින් වංශ ප්‍රවේණිය යන පදය ගැලපූ අතර, ඩාවින් හට වඩා ඉදිරියට යමින් ජීවයේ වංශ ප්‍රවේණිමය ඉතිහාසයන් යෝජනා කලේය. මෙම සංකල්පයෙහි නූතන ප්‍රවර්ධනය හැඳින්වෙන්නේ වංශ ප්‍රවේණික ගස යනුවෙනි.

හිලිස් විසින් ජීවයේ ගස සලකුණු කලේ, පරිපූර්ණ වශයෙන් පරම්පරාගත ජිනෝම පදනම් කර ගෙනය.

ජීවයේ ගසෙහි මුල් ආකෘතිසංස්කරණය

 
'මූලික භූවිද්‍යාවෙහි' (1840) ඇල්ෆ්‍රඩ් හිච්කොක් විසින් නිර්මාණය කෙරුණු දිග-හැරුනු පුරා සත්ත්ව විද්‍යාත්මක ගස

විශේෂයෙන්ගේ විකෘතිපරභාවය යම් චිත්‍රයන්හී පෙන්නුම් වුවත් හා [1] අනෙකුත් කටයුතු සඳහා රූපකයක් ලෙසින් වසර 1800 ට පෙර ශාක රූපය භාවිතා වුවත් (පෝෆරියානු ගස), ශාඛන පරිණාමයෙහි සංකල්පය සහ ශාක රූපයෙහි සංයෝජනය වසර 1800 ට පෙර දක්නට නොලැබුණි. වසර 1801 දී, ආදිතම ජීවයේ ගස ප්‍රකාශයට පත් කෙරුණේ, ප්‍රංශ උද්භිද විද්‍යාඥ ඔගිස්තාන් ඕජියර් විසිනි. එය පෙන්නුම් කරන්නේ ශාක රාජධානියෙහි සාමාජිකයන් අතර බන්ධුතාවයන් වෙති.

 
වෙස්ටීජ්ස් ඔෆ් ද නැචුරල් හිස්ට්‍රි ඔෆ් ක්‍රියේෂන්, 1844 වෙතින් රූප සටහනක්.

අධෝසටහන්සංස්කරණය

  1. ෆාවුස්තෝ බාර්බගලි (2009) 'ඉන් රෙට්‍රොස්පෙක්ට්: දි අර්ලියස්ට් පික්චර් ඔෆ් එවලූෂන්?', නේචර් 19 නොවැම්බර් 2009
"https://si.wikipedia.org/w/index.php?title=ජීවයේ_ගස_(ජීව_විද්‍යාව)&oldid=354787" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි