ජීව විද්‍යාත්මක කෝණයකින් බලන කළ, ජීවය ප්‍රගුණනය කිරීම සඳහා අත්‍යවශ්‍ය බොහෝ විශේෂිත ගුණ ජලයෙහි අඩංගුවන අතර එබැවින් එය අනෙකුත් ද්‍රව්‍යයන්ගෙන් විශේෂිත වේ. ප්‍රතිචලිත ක්‍රියාවලියට අවසානයේ ඉඩ ලැබෙන පරිදි ප්‍රතික්‍රියා කිරීමට කාබනික මූලයන්ට ඉඩ දෙමින් මෙම විශේෂිත භූමිකාව එය ඉටුකරයි. අප දන්නා සියලුම ජීවයන් ජලය මත යැපේ. ශරීරයේ බොහෝ ද්‍රව්‍යයන්ගේ ද්‍රාවකයක් ලෙස මෙන්ම ශරීරය ඇතුළත බොහෝ පරිවෘත්තීය ක්‍රියාවන්ගේ වැදගත් කොටසක් ලෙස ජලය වැදගත් වේ. පරිවෘත්තීය යනු සංවෘතියේ සහ අප වෘත්තියේ මුළු ඵලය වේ. සංවෘතියේදී, ජලය අණු මගින් ඉවත් කරනු ලබන්නේ (ශක්තිය අවශ්‍ය එන්සයිම රසායනික ප්‍රතික්‍රියාවක් මගින්) ඉතා විශාල අණු බවට ඒවා වැඩීම සඳහායි. (උදා - පිෂ්ටය, මේදය සහ ප්‍රෝටීන ශක්තිය සහ දැනීම ගබඩා කිරීම සඳහායි) අපවෘත්තියේදී, කුඩා අණු සැකසීම සඳහා ජලය, බන්ධන බිඳීම සඳහා යොදා ගනී. (උදා- ග්ලුකෝස්, මේද අම්ල සහ ඇමයිනෝ අම්ල ශක්තිය ලබාදීම සහ අනෙකුත් කරුණු සඳහා යොදා ගනී) මේ අයුරින් ජලය ඉතා වැදගත් වන අතර මෙම පරිවෘන්තීය ක්‍රියාවලට වැදගත් වේ. එබැවින්, ජලය නොමැතිව, මෙම පරිවාත්තීය ක්‍රියාවන්හි පැවැත්ම නවතින අතර, වායු අවශෝෂය, දුලි එකතු කිරීමආදී වූ කුමන ක්‍රියාවලියක් ඒ සඳහා ආදේශ කළ හැකි දැයි ගැටළුවක් පවතී,

ක්ෂේම භූමියක් යනු වෘක්ෂලතා ආදියෙන් පිරුණු වෙන් වූ ජල මූලාශ්‍රයකි.
කොරල් පරයන්හි සමහරක් ජෛව විවිධත්වයන්

ප්‍රභාසංස්ලේෂණය සහ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට ජලය වැදගත් වේ. ප්‍රභාසංස්ලේෂණ සෛල හිරුකිරණවල ශක්තියෙන් ජලයේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වෙන් කරයි. හයිඩ්‍රජන් CO2 සමග සම්බන්ධ වී (ජලයේ හෝ වාතයෙන් අවශෝෂණයකර) ග්ලූකොස් සකස් කිරීමට හා ඔක්සිජන් නිදහස් කරයි. සියලුම ජීවත් වන සෛල මෙවැනි ඉන්ධන යොදා ගන්නා අතර හයිඩ්‍රජන් සහ කාබන් ඔක්සිහරණය කරනු ලබන්නේ හිරුකිරණ ලබාගැනීම සහ එම ක්‍රියාවලියෙන් පසුව ජලය සහ Co2 නැවත සකස් කිරීමටයි.

ජලය, අම්ල උදාසීණකරණයටත් එන්සයිම ක්‍රියාවලියටත් වැදගත් වේ. අම්ලයක්, එනම් හයිඩ්‍රජන් අයන (CH+ , එනම් ප්‍රෝටෝනයක් ලබාදෙන්නෙත්) භෂ්මයකින් උදාසීන කළ හැකි අතර, හයිඩ්‍රොක්සයිඩ් අයන වැනි ප්‍රෝටෝන ගෙන (OH) ජලය සකස් කිරීමට යොදා ගත හැකිය. ජලය උදාසීන යැයි සැලකිය හැකි අතර එහි PH අගය 7 කි. අම්ලවලට 7 ට වඩා අඩු PH අගයක් ඇති අතර භෂ්මවලට 7 ට වඩා වැඩි PH අගයක් ඇත. ආමාශ ගත අම්ල (HCl) වැදගත් වන්නේ ජීර්ණය සඳහායි. (කෙසේ වුවද එහි දාහක ශක්තිය අන්ත්‍රස්‍රෝත්‍රය මත ප්‍රතිවාහී අවස්ථාවේදී ක්‍රියා කරමින් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි භෂ්ම අධිග්‍රහණය මගින් තාවකාලිකව ඒවා උදාසීන කරයි.) මෙසේ උදාසීන අණුක ජලය සහ ඇලුමිනියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය කරයි. එන්සයිම සම්බන්ධවන මානව ජෛව රසායනික විද්‍යාව ජීව විද්‍යාත්මකව PH අගය ප්‍රශස්ත උදාසීන 7.4 ක් පෙන්ණුම් කරයි.

උදාහරණයක් ලෙස Escherichia coli සෛලයක 70% ජලයද, මානව ශරීරයේ 60 – 70 % ජලය ද, ශාකවල 90% දක්වා ජලය ද කුඩා ජල්ලියෙකුගේ ශරීරයේ 94-98% දක්වා ජලය ද අඩංගු වේ.

















References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Water#Effects_on_life

"https://si.wikipedia.org/w/index.php?title=ජීවයට_බලපාන_සාධක&oldid=464240" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි