ජනවාර්ගික කණ්ඩායම් බිහිවන සමාජ භූ දර්ශනය තුළ මිනිස් කණ්ඩායමක් මඟින් තමන්ගේ ඇති ජනවාර්ගික වෙනස්කම් හඳුනා ගැනිමේ ක්‍රියාපිළිවෙල ජාතියේ උපත නමින් හඳුන්වයි. ජනවාර්ගික කණ්ඩායම් යනු ඔවුන් විසින්ම ඇති කරගත් ඒවාය. E.P.thompson පවසන පරිදි ජාතිය ගොඩනැඟීමේ කතන්දර, ඉතිහාසයට මෙන්ම, පුරාවෘත්ත වලටද එක් වී ඇත.


ක්‍රියාකාරී හා අකර්මණ්‍ය ජාතියේ ගොඩනැගිම්

සංස්කරණය

වැරදි ආකාරයේ අන්තර්ක්‍රියා නිසා භෞතික පරිසරය තුළ ජාතියේ ගොඩනැඟීම අකර්මණ්‍ය විය හැකිය. එමෙන්ම සංස්කෘතික හා ආගමික අංශ, ආගමනය ආශ්‍රිත ක්‍රියාවලින් වැනි දේ තුළින් අපේක්ෂා නොකරන ජනවාර්ගික කණ්ඩායම් ඇතිවිය හැකිය. දේශපාලන ගැටලුවක් නිරාකරණය කරගැනීම අරමුණුන කරගනිමින්, සෘජුවම සිතාමතා වෙනස් අනන්‍යතාවයන් ගොඩනැඟීම හේතු කොටගෙන මඟින් ඉහත කී ආකාරයේ ජාතියක ගොඩනැඟීම ක්‍රියාකාරී වේ. මෙහි දේශපාලන ගැටලුවක් ලෙස සංස්කෘතිකව වටිනා දේවල් ආරක්ෂා කිරිම සම්බන්ධ ගැටලු, බලය බෙදීම සම්බන්ධ ගැටලු පෙන්වා දිය හැකිය. 18 වැනි සියවසේ අවසාන භාගයේදී එවැනි උත්සාහයන් මඟින් භාෂාවේ දියුණුවක් හෝ නව භාෂා බිහිවීමක් සිදු වූ අතර, අවසානයේ එය “ජාතික සාහිත්‍යය” බවට පරිවර්තනය විය. පසුව විසිවන ශතවර්ෂයේදී එවැනි කතන්දර සමාජයන් තුළ අභාවයට ගියේය. ඔවුන්ගේ අනන්‍යතාවයන් නැවත ඔපනොදැමුවහොත් ජනවාර්ගික ආඛ්‍යාන වල පැහැදිලිවත්ය නැතිවී යන බවද මේ ජාතීන් විසින්ම වටහා ගන්නා ලදි.


Ethnogenesis
"https://si.wikipedia.org/w/index.php?title=ජාතින්ගේ_සම්භවය&oldid=472317" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි