ජාතික බේස්බෝල් කණ්ඩායම

ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායම යනු ශ්‍රී ලංකාවේ ජාතික බේස්බෝල් කණ්ඩායමයි. 1980 ගණන්වල මැද භාගයේදී ශ්‍රී ලංකාවට බේස්බෝල් හඳුන්වා දෙන ලදී. ඇමරිකානු බේස්බෝල් පුහුණුකරු ජිම් ඩිමික්ක්‍ ක්‍රීඩකයින්ට ක්‍රීඩාව ඉගැන්වීමට ප්‍රථම නිල පුහුණුකරු විය. කණ්ඩායම ජාත්‍යන්තර තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරයි. ශ්‍රී ලංකාව 1995 දී පිලිපීනයේ පැවති ප්‍රථම ආසියානු බේස්බෝල් කුසලානයට සහභාගී විය. රටවල් 24ක් ආසියාවේ බේස්බෝල් සම්මේලනයට අයත් වේ. 2009 මැයි මාසයේදී, ශ්‍රී ලංකාව පළමු වරට ආසියානු බේස්බෝල් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. 2019 ජූලි මාසයේදී ශ්‍රී ලංකාව බටහිර ආසියා බේස්බෝල් කුසලානයේ අවසන් පූර්ව වටයේ සහ අවසන් වටයේදී පිළිවෙලින් ඉරානය සහ පාකිස්තානය පරාජය කරමින් ශූරයන් බවට පත්විය.