ජාතිකේන්ද්‍රතාය යනු යමෙකුගේ ජනවාර්ගික හෝ සංස්කෘතික කණ්ඩායම ප්‍රමුඛ ලෙසින් වැදගත් බවක් විශ්වාස කිරීමට හා අනෙකුත් කණ්ඩායම් පිළිබඳ සැලකීම කමන්ගේ කණ්ඩායමට සාපේක්ෂව සිදුකිරීමට දක්වන ප්‍රවණතාවයයි. එමෙන්ම මෙතුළින් යමෙකුගේ ජාතිය හෝ ජනාවාර්ගිකත්වය වඩා වැදගත්ය යන විශ්වාසයද ගොඩනඟයි. එමඟින් නිරූපණය වන එක් වැදගත් කරුණක්නම් ඒ ඒ සංස්කෘතින්හි ඇතැම් හෝ සියලුම අංග / ස්වරූප, අනෙකුත් කණ්ඩාම් වලටද ඉතා වැදගත් බව වේ. එමෙන්ම මෙම මතවාදය තුළ සිටින පුද්ගලයින් තමන්ගේ ජනවාර්ගික කණ්ඩායමට හෝ සංස්කෘතියට සාපේක්ෂව අනෙකුත් කණ්ඩායම් මැනිමට පුරුදුව සිටී. ඒ අනුව භාණ්ඩ, හැසිරීම, සිරිත් විරිත් සහ ආගම යන දර්ශක ගැන මිනුම් ලබා ගනිති. මෙවැනි ජනවාර්ගික වෙනස්කම් සහ අතුරු ජන කොටස් පැවතීම තුළින් තම තමන්ගේ ජන වර්ගයට අදාළ ආවේණික සංස්කෘතික ලක්ෂණ ගැන කියාපෑමටද ඔවුනට අවස්ථාව ලැබේ.


Fronz Boas සහ Bronislw Malinowhish වැනි මානව විද්‍යාඥයන් පවසන පරිදි ජාතික‍ කේන්ද්‍රයත්වය මගින් ජාතිකේන්ද්‍රත්වයෙන් ‍තොර අධ්‍යනයක් සඳහා මාර්ගෝපදේශනයක් ඉදිරිපත් කර තිබේ.කාරයබද්ධ වාදය යන න්‍යාය ඉදිරිපත් වන්නේ ඒ අනුවයි. Malinowhish විසින් රචනා කරන ලද වනචාරී මිනිසුන්ගේ ලිංගික ජීවිතය, Ruth benedict ගේ සංස්කෘතික රටාවන් සහ Margaret mead ගේ Coming of Age in samoa (මොවුන් Boas ගේ ගෝලයන් වේ). ජාතිකකෙන්ද්‍රත්වයෙන් තොර මානව විද්‍යාවට කදිම නිදසුන් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ජාතිකේන්ද්‍රතාය&oldid=471388" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි