ජාතිකත්වය පිළිබඳ නීතිය
ජාතිකත්වය පිළිබඳ නීතිය වනාහි, රටක ජාතිකත්වය හා පුරවැසිභාවය පැවරෙන්නේ, ලබා ගන්නේ හෝ නැතිවන්නේ කෙසේද යන්න පිළිබඳ ව නීති සම්පාදනය, සම්ප්‍රදායන් හා අධිකරණ ක්‍රියාමාර්ගවල එකතුවෙන් සකස් කරන ලද, රටක නීති පද්ධතියේ එක් අංශයකි. ජාතිකත්වය පිළිබඳ නීතිය බොහෝ විට සංක්‍රමණික නීතිය (සංක්‍රමණිකයින් බොහෝමයක් පැමිණෙන එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ටේරෙලියාව හා නවසිලන්තය) සහ සරණාගත නීතිය සමගයි.
පොදු මූලධර්ම
යුරෝපා මහද්වීපයේ ජාතිකත්වය පිළිබඳ නීති වැඩි වශයෙන්ම පදනම්ව ඇත්තේ, ජාතිකත්වය සඳහා ස්ථාපනය කරන ලද ‘නැපෝලියානු සංගර්හය’ මතය. එහෙයින්, බොහෝ කාලයක් තිස්සේ කාන්තාවකට තම දරුවන්ට තම ජාතිකත්වය ලබාදීමට හැකියාව නොතිබිණි. (මන්ද, බොහෝ විට නීත්‍යානුකූල පවුලකින් පිටත උපදින දරුවන් මවගේ ජාතිකත්වය ලබා ගන්නා නිසා ඔවුන් රාජ්‍යයක් නොමැති දරුවන් බවට පත් නොවේ) අරාබි රාජ්‍යයන් හැරුණු විට, බොහෝ රටවල මෙම නීති වෙනස් වී තිබේ. බොහෝ අරාබි රටවල විදේශිකයින් හා විවාහ වූ කාන්තාවන්ට, තම දරුවන්ට තමාගේ ජාතිකත්වය ලබා දිය නොහැකිය. එසේම, බොහෝ රටවල තානාපති සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ, මෙරට උපන් දරුවන්ට එම ජාතිකත්වය හිමි නොවන ප්‍රතිපාදන ද පවති.
එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයේ 15 වන වගන්තියෙහි දැක්වෙන්නේ, 1. සියල්ලෝම ජාතිකත්වයකට හිමිකම් කියති. 2. කිසිවකුට එම අයිතිය අහිමි කළ නොහැකි අතර, ඔහුට ජාතිකත්වය වෙනස් කිරීමට ඇති අයිතිය ප්‍රතික්ෂේප නොකළ යුතුය.
වර්තමානයේ ජාතිකත්ව නීතීන් පදනම්ව ඇත්තේ jus soli හෝ jus sanguinis, යන සංකල්පය මත හෝ ඒ දෙකම මතය. jus soli යනු රටක දේශ සීමාව තුළ උපන් දරුවකු එම රටේ ජාතිකත්වය අත්කර ගැනීමයි. (උදාහරණ : එක්සත් ජනපදය, කැනඩාව, ආර්ජන්ටිනාව, බ‍්‍රසීලය, මෙක්සිකෝව, ප‍්‍රංශය) jus sanguinis යනු දරුවාගේ ජාතිකත්වය තීරණය කිරීමේ දී මව හෝ පියා එම රටේ ජාතිකත්වය හිමිකරගෙන සිටීද යන්න සොයා බැලීමයි. (උදාහරණ : ඊශ‍්‍රාලය, ස්විස්ටර්ලන්තය)
සටහන්
සංස්කරණය| Nationality law |}