ජාත්‍යන්තර සබදතා න්‍යායයන්

ජාත්‍යන්තර සබදතා න්‍යායන් මගින් ජාත්‍යන්තර සම්බන්දතා අධ්‍යයනය සඳහා සංකල්පනාත්මක ආකෘතියක් සැපයේ. සෑම න්‍යායක්ම වෙනස් අපගමයන් මත පදනම්ව ඇති අතර ඒවායේ උපයෝගීතාව එක් එක් මට්ටම් අනුව වෙනස්වේ.ඔලේ හොල්ස්ට් පවසන ආකාරයට ජාත්‍යන්තර සබඳතා න්‍යායන් පාට කන්ණාඩියකි. එය පළදන තැනැත්තාට අත්‍යවශ්‍යම කරුණු පෙන්වනු ලැබේ. උදාහරණයක් ලෙස අධි නිර්මාණවාදීන් වැදගත් යැයි සලකනු ලබන කරුනු යථාර්තවාදීන් විසින් නොවැදගත් යැයි බැහැරකරනු ලැබේ.

ජාත්‍යන්තර සබඳතා න්‍යායන් මගින් නිර්පිත අපගමයන් ගණනය සහ ඒවායේ ස්වභාවය ද න්‍යායන්හි වැදගත්කමට බලපායි. යතාර්ථවාදය ඉතිහාසගත ක්‍රියාවන් අධ්‍යනය සදහා ඉතා සකසුරුවම් සහ වැදගත් න්‍යායක් වුව ද පද්ධතිය වෙනස් වීම (උදා. තුෂ්ණි යුධ නිමාව ) සහ අනාගත සිද්ධීන් සම්බන්ධයෙන් අනාවැකි පළකරීමට යොදාගත නොහැක. ලිබරල්වාදයේ බොහෝ තත්වයන් අධ්‍යනය කලද අනාවැකි සම්බන්ධයෙන් දුර්වලය. එහෙත් අතීත සිදුවීම් අර්ථ දැක්වීමට යොදා ගත හැක. සාම්ප්‍රදායික න්‍යායන් පැරණි යටත් විජිත අධ්‍යයනයට සුදුසු නොවුණත් යටත් විජිත වාදයෙන් පසු බිහිවූ න්‍යායන් ඒ සඳහා සුඳුසුවේ.


ජාත්‍යන්තර සම්බන්ධතා න්‍යායන් කොටස් දෙකකට බෙදිය හැකිය. ප්‍රත්‍යක්ෂවාදී - බුද්ධිවාදී න්‍යායන් රාජ්‍ය මට්ටේමේ විශ්ලේෂණයක යෙදෙන අතර ප්‍රත්‍යක්ෂවාදී, ආවර්ජනාත්මක න්‍යායන් ආරක්ෂාව හා සම්බන්ධ කුලය, පන්තිය, ස්ත්‍රී පුරුෂ බව යන කරුනු යටතේ විජිත වාදයෙන් පසු ආරක්ෂාවට එක් කරයි. ජාත්‍යන්තර සම්බන්ධතා න්‍යායන් තුළ එකිනෙකට පරස්පර විරෝධී චින්තනයන්ද පවති. උදා - අභිනිර්මාණවාදය, ආයතනිකවාදය, මාක්ස් වාදය කෙසේ වෙතත් ප්‍රත්‍යක්ෂවාදී චින්තන ක්‍රම දෙකක් ප්‍රධාන වශයෙන් පවතී. එනම් යතාර්ථවාදය සහ ලිබරල් වාදයයි. එහෙත් අභිනිර්මාණවාදය සහ පසු ප්‍රත්‍යක්ෂවාදී න්‍යායන්ද විශේෂයෙන් එක්සත් ජනපදයෙන් පිටත ප්‍රසිද්ධ වෙමින් පවතී.


International relations theory