ජාත්‍යන්තර වෙළඳාම
ජාත්‍යන්තර වෙළඳාම යනු ප්‍රාග්ධනය, භාණ්ඩ හා සේවා රටක දේශසිමාවෙන් ඔබ්බට ගනුදෙනු කිරිමයි. බොහෝ රටවල දළ දේශිය නිෂ්පාදිතයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජාත්‍යන්තර වෙළඳාමෙන් උපයයි.මෙයට දිගු ඉතිහාසක් තිබුණද (සේද මාවත ඔස්සේ වෙළඳ භාණ්ඩ ප්‍රවාහනය) ඒ හා බැදි ඇති දේශපාලනික, ආර්ථික හ සමාජීය කරුණු වල වැදගත්කම අතිමහත්ය. ජාත්‍යන්තර වෙළඳාමට කාර්මිකරණය, දියුණු ප්‍රවාහන සේවා,ගෝලියකරණය, බහුජාතික සමාගම් හා ව්‍යාපාර කටයුතු තුන්වන පාර්ශවයකට පැවරීම (Outsource) යන කරුණු වල විශාල බලපැමක් ඇත. ජාත්‍යන්තර වෙළඳාම , ගෝලියකරණයට ඉතා වැදගත් වේ. ලෝකයේ බලත් ඕනෑම රටක ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ජාත්‍යන්තර වෙළඳාමයි. ජාත්‍යන්තර වෙළඳාමේ නිරත නොවුවහොත් රටවල් ස්වකීය සම්පත් වලට හා නිෂ්පාදන වලට පමණක් සිමා වේ.
රටේ අභ්‍යන්තර වෙළඳාම හා ජාත්‍යන්තර වෙළඳාම් අරමුණු, ස්වභාවය හා එහි යෙදෙන පාර්ශවයන්ගේ ස්වභාවය සමාන වේ. එනමුත් ජාත්‍යන්තර වෙළඳාමට අදාළ සම්බාධක,බදු,රටට ආවේනික නිති හා ප්‍රවාහණයේ ආදී වැදගත් සාධක රට අභ්‍යන්තර සිදු කරන වෙළඳාමට වඩා ජ්‍යාත්‍යන්තර මට්ටමින් වෙළදාම් කරන භාණ්ඩවල මිල වැඩිය.
මෙම වෙළදාම් දෙක අතර තවත් වෙනසක් නම් රට තුළ වෙළඳාමේදී නිෂ්පාදනයට අවශ්‍යය සාධකයන් (Factors of production) පහසුවෙන් ලබාගත හැකිවිමයි. එනමුත් ජාත්‍යන්තර වෙළඳාමේදී එය භාණ්ඩ හා සේවා වලට සීමා වී තිබිම බොහෝවිට දැකිය හැකිය. ප්‍රාග්ධන කම්ක හා අනෙකුත් නිශ්පාදනයට අවශ්‍ය සාධක ප්‍රාග්ධනය කම්කරු හා අනෙකුත් නිෂ්පාදනයට අවශ්‍ය සාධක රටවල් අතර හුවමාරු කරගැනීම පහසු නැත. මේ නිසා රටවල් නිෂ්පාදනයට අවශ්‍ය සාධකයන් ආනයනය නොකර, භාණ්ඩය ආනයනයට පෙළඹි ඇත. (උදා. ඇමරිකාව චීන කම්කරුවන් වෙනුවට චීන කම්කරැවන් නිපදවු භාණ්ඩ ආනයනය) ජාත්‍යන්තර වෙළඳාම ආර්ථිකයේ වැදගත් ශාඛාවකි. ආර්ථිකය හා ජාත්‍යන්තර මුල්‍ය කටයුතු ඒකකයන් එකතුව, ජාත්‍යන්තර ආර්ථික පද්ධතියේ විශාල ශාඛාවක් නිර්මාණය කරයි.
සටහන්
සංස්කරණය| International trade |}