ජාත්‍යන්තර කම්කරු සංවිධාන සම්මුතිය

සම්මත කිරීම සංස්කරණය

ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ සම්මුතියක් සම්මත කර ගැනීමේ දී, එය ස්ථිර කර ගැනීමට රාජ්‍යයන්ට ඉඩ දෙනු ලබන අතර, රාජ්‍යයන් නිශ්චිත සංඛ්‍යාවක් එසේ කිරීමෙන් පසු එය ජාත්‍යන්තර නීතියෙහි ගිවිසුමක් බවට පත්වේ. එහෙත් සම්මත කරගනු ලැබූ සියලුම රාජ්‍යයන් කම්කරු සංවිධාන සම්මුති, කොපමණ රාජ්‍යයන් සංඛ්‍යාවක් සම්මත කර තිබේදැයි නොසළකා ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් වශයෙන් සළකනු ලැබේ.


සම්මත කර ගැනීම සංස්කරණය

සම්මුතියක් ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රතිඵලය වනුයේ එය ස්ථිර කරගනු ලැබූ රාජ්‍යයන් විසින් එහි ප්‍රතිපාදන යොදා ගැනීමත් සඳහා නීතියෙන් බැඳීමක් ඇති කිරීමයි. සම්මුතියක් ස්ථිර කිරීම සිය කැමැත්තෙන් සිදුවිය යුතුය. සාමාජික රාජ්‍යයන්හි ස්ථිර කරගෙන නොමැති සම්මුති වලට නිර්දේශ කිරීම් සඳහා ලබා දි ඇති එම නීතිමය බලය ඇත. තමන් විසින් ස්ථිර කරන ලද සම්මුති වල අරමුණු සමඟ තමන්ගේ ඇති එකඟතාවය විස්තර කරමින් වාර්තා ඉදිරිපත් කිරීම රාජ්‍යයන්ට සිදුවේ. සෑම වර්ෂයක දීම ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ ප්‍රමිති යෙදීමේ කමිටුව විසින් ජාත්‍යන්තර කම්කරු ප්‍රමීතීන් පිළිබඳවම සිදුකර ඇති බව කියනු ලබන කඩකිරීම් ගණනාවක් විභාග කරනු ලැබේ. හමුදාව විසින් බලහත්කාරයෙන් වැඩ ගැනීමට එරෙහි පුරවැසියන් ආරක්ෂා කිරීම අසමත් වීම හේතුකොට ගෙන නැවත නැවතත් විවේචනයට ලක්වීම නිසා මෑත වසර කීපය තුලදී වඩාත් වැඩි අවධානයක් යොමු වූ සාමාජික රාජ්‍යය මියන්මාරය/බුරුමය වේ.


1998 මුලික ප්‍රතිපත්ති සහ සේවයේ දී ඇති හිමිකම් පිළිබඳ ප්‍රකාශය සංස්කරණය

මුලික ප්‍රතිපත්ති සහ සේවයේ දී ඇති හිමිකම් පිළිබඳ ප්‍රකාශය 80 වැනි ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ දී සම්මත කරගන්නා ලදි.


මෙම ප්‍රකාශය මඟින් 'මදය' නමින් හැඳින්වෙන ගැටලු පැන නගින කේෂ්ත්‍ර හතරක් හෝ මුලික ජාත්‍යන්තර කම්කරු ප්‍රමිති හඳුනාගෙන ඇත. මෙයින් අදහස් කරනුයේ ජාත්‍ය්‍යන්තර කම්කරු සංවිධාන ඕනෑම සාමාජික රාජ්‍යයක් විසින් එක් රැස්වීමේ සහ සාමුහික වෙළෙන්ඳා කිරිමේ නිදහස, වෙනස් කොට සැලකීම බලහත්කාරයෙන් සේවයේ යෙදවුම, ශ්‍රමිකයන් සහ ළමා ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වන ප්‍රධාන සම්මුති අටක් හෝ යටත් පිරිසෙන් ස්ථීර කර තිබිය යුතු බවයි. මෙම 'මදය' හෝ මුලික ප්‍රමිති හතර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජික රාජ්‍යයන් අති මහත් බහුතරයකින් ස්ථිර කර ගෙන ඇත.


'මදය' හෝ මුලික කම්කරු ප්‍රමිති ඇති කිරීම පිළිබඳ විවේචන සංස්කරණය

සම්මුති අටක් මුලික වශයෙන් වන බවට හඳුනාගැනීම ගැන බොහෝ රටවල් සතුටු වුවද, විද්වතුන් සහ ක්‍රියාකාරීන් ගණනාවක් විසින් වෙනස් ජාත්‍යන්තර ශ්‍රමිකයන් සාවද්‍ය බෙදීමක් මඟින් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් විවේචනය කර ඇත. මින් වැඩි කොටසක් විශේෂිත ‍හෝ පැහැදිලි මානව හිමිකම් මාතෘ පිළිබඳ ඒවා වන නමුත් මෙය 1998 ප්‍රකාශනයෙන් ඉවත් කර ඇති බවත්, සෞඛ්‍ය හා ආරක්ෂණය, සුරක්ෂිතකම් සහ වැඩ කරන පැය ගණන ආදින් වේ. වැඩි දුරටත් පටලැවිලි ඇති කිරීම සඳහා නව සම්මුති සුවිශේෂ වශයෙන් මානව හිමිකම් ඒවා සඳහන් කරමින් පහත සඳහන් කරන සියලුම කම්කරු ප්‍රමීතීන් මානව හිමිකම් වශයෙන් සලකා ඇත. පිලිප් ඇල්ස්ටන් පොමනි නිව්යෝක් විශ්වවිද්‍යාලයේ දී නීතිය පිළිබඳ මහාචාර්ය ජෝන් නෝර්ටන් පොමනි මානව හිමිකම් ගැන උනන්දුවෙන් කටයුතු කිරීමේ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් 'පටු කිරීම" පිළිබඳව ලියා ඇත.


සටහන් සංස්කරණය