ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ

ISS

1980 දශකයේ මුල්කාලයේදී සෝවියට් සැල්යුට්මීර් අභ්‍යවකාශ නැතුම්වලට ප්‍රතිචාර ලෙස අභ්‍යවකාශ නැවතුම් පොළ “නිදහස්” (space station freedom) සැලසුම් කරන ලදී. එය සැලසුම් පුවරුවෙන් ඔබ්බට නොගිය අතර ශිත යුද්ධයේ හා සොවියට් සමුහාණ්ඩුවේ අවසානය සමග අවලංගු කෙරුණි. 1990 දශකයේ මුල්භාගයේ අභ්‍යවකාශ තරඟය අවසන් විමත් සමග එක්සත් ජනපද පරිපාලකයින් විසින් යුරෝපය, රුසියාව, ජපානය, කැනඩාව ආදී සහකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.1993 දී “ඇල්ෆා අභ්‍යවකාශ මධ්‍යස්ථානය” නම් වූ ව්‍යාපෘතිය නිවේදනය කෙරිණි. සියළු අභ්‍යවකාශ ඒජන්සි දායදක කරගනිමින් යෝජිත අභ්‍යවකාශ නැවතුම්පොළ , පහත සඳහන් සැලසුම් වල සංයෝජිතයක් ලෙස සැලසුම් කෙරුණි.

2000 දී ISS සැකැස්ම ඉහල සිට පහලට යුනිටි, සුර්යා, සෙවෙඩාමොඩියුල දක්නට ඇත.

නාසා “නිදහස” අභ්‍යවකාශ නැවතුම් පොල, රුසියානු මිර් 2 (අද සෙව්ස්ඩා හරය කරගනිමින් සාර්ථකව පවතින) මීර් අභ්‍යවකාශ නැවතුම්පොළ හා ESA හි කොලොම්බස් (ස්ථාවර හුදකලා අභ්‍යවකාශ විද්‍යාගාරයක් ලෙස සැලසුම් කර තිබුණි)

රුසියාවේ ප්‍රෝටෝන් රොකට්ටුව මගින් 1998 දී පළමු කොටස ලෙස Zarya ක්‍රියාකාරී බහාලුම් ඒකකය කාක්ෂික ගත කෙරිනි. පලමු නාවික පිරිසට පෙරාතුව තවත් කොටස් දෙකක් (යුනිටි මොඩියුලය හා සෙවස්ඩා සේවා මොඩියුලය) එක් කෙරිනි. එක්ස් ‍පෙඩිෂන් 1 2000 නොවැම්බර් 2, ISSවෙත ලඟා වුණි. එහි රුසියානු අජටාකාශගාමීන් දෙදෙනෙකු වූ යුරි ගිඩ්සෙන්නෝ හා සෙර්ගි ක්‍රි කාලෙව් සිටි අතර එක්සත් ජනපද ගඟන ගාමී විලියම් ෂෙපර්ස් විය.