ජාත්‍යන්තරීකරණය සහ ප්‍රාදේශීයකරණය

පරිගණක මෘදුකාංග විවිධවූ භාෂාවන්ට, ප්‍රාදේශීය විවිධත්වයන්ට සහ තාක්ෂණික අවශ්‍යතාවයන් මත අනුහුරු කිරීමේ ක්‍රම ජාත්‍යන්තරීකරණය සහ ප්‍රාදේශීයකරණය වේ. ජාත්‍යන්තරීකරණය යනු ඉංජිනේරුමය වෙනස්කිරීම් වලින් තොරව විවධ භාෂාවන්ට හා දිශාවන්ට අනුහුරු කිරිමට පරිගණක මෘදුකාංග සැලසුම් කිරීමේ ක්‍රියාවලියයි. ප්‍රාදේශීයකරණය යනු ජාත්‍යන්තරීකරණය කරන ලද මෘදුකාංගයක් නිශ්චිත දිශාවකට හෝ භාෂාවකට එම ප්‍රාදේශීය-අනුරූපී සංරචක සහ අකුරු පරිවර්තන යොදමින් එය අනුහුරු කිරීමේ ක්‍රියාවලියයි.