ජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සුර්යයා සාගරයේ ජලය උණුසුම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා උත්ස්වේදනයෙන් ලැබුණු ජල වාෂ්ප (පසෙන් හා ශාක වලින් පිටවූ ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. මෙම ජල වාෂ්ප ඉහළ අහසේදී සිසිල් උෂ්ණත්වය නිසා වළාකුළු බවට ඝනීභවනය වේ. වායුධාරා මඟින් වළාකුළු ලෝකය වටා සංසරණය වන අතර වළා අංශු ඝටනය වී, වර්ධනය වී වර්ෂාපතනය ලෙස අහසින් ලැබේ. මෙයින් කොටසක් හිම ලෙස ලැබෙන අතර ඒවා හිම වැස්ම හා ග්ලැසියර් ආකාරයට පත්ව වර්ෂ දහස් ගණනක් මිදුණු ජලය ගබඩා කර තබා ගනියි. වසන්ත සෘතුව වැනි උණුසුම් දේශගුණයේදී හිම දියවී ජලය ගොඩබිම මත ගලායයි. වර්ෂාපතනයෙන් වැඩි කොටසක් නැවතත් සාගරයට හෝ ගොඩබිමට එක්වන අතර ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ගොඩබිම මතින් අතිරික්තය ගලා යයි. මෙම අතිරික්තයෙන් කොටසක් නිම්න වල පවතින ගංගාවලට ගලා යන අතර මෙම ගංගා ජලය යොමු වන්නේ සාගරය දෙසටයි. මෙම අතිරික්තය හා භූගත ජල කාන්දුවීම් නැවුම් ජලය ලෙස විල් වල ගබඩා වේ.මෙම ජල අතිකිර්තය සැම විටම ගංගාවකට ගලා නොයයි. එයින් සමහරක් පොළොව තුළට කාන්දුවේ. මෙලෙස ඇතුළට කාන්දුවන ජලයෙන් කොටසක් ජලධර නැවත ජලයෙන් පුරවයි. මෙම ජලධර නැවුම් ජලය අති විශාල ප්‍රමාණයක් දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ රඳවා ගනියි. කාන්දුවීමෙන් කොටසක් පෘථිවියේ පෘෂ්ඨයට ආසන්නව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් පෘෂ්ඨිය ජලය හා එක්වන අතර සමහර භූගත ජලය ගොඩබිමේ සිදුරු තුළින් උල්පත් ලෙස මතුවේ. එමඟින් ජල චක්‍රය නැවතත් ආරම්භ වේ.

ජල චක්‍රය
tiny globe
ජල චක්‍රය
Video of the Earth's water cycle (NASA)[1]
Processes leading to movements and phase changes in water

ජල චක්‍රයේ වෙනස් ක්‍රියා

සංස්කරණය

වර්ෂණය යනු ඝනීභවනය වු ජලවාෂ්ප පෘථිවි පෘෂ්ඨය මතට වැටීමයි. වර්ෂණය ලැබීමේ බහුලම ආකාරය වර්ෂාව වුවද හිම, අයිස් වැසි, මීදුම හා ශිතකර වැසි ආකාරයට ද ලැබේ. උපරිම වර්ෂාවකදී 505,000km3 ජලය වර්ෂණය ලෙස පොළොවට ලැබෙන අතර එම ජලයෙන් 398,000 km3 ම වැටෙන්නේ සාගරයටය.

වියන් අතුරුවරනය යනු තුරුපියන් වල කොළ අතු මත පතිත වන වර්ෂාව පොළවට නොවැටී නැවත වායුගෝලයට වාෂ්පිකරණය වීමය.

හිම දියවීම යනු හිමදියවිමෙන් ජලය ඇතිවීමය.

ජලය ගලායාම ජලය පොළොව මතින් ගලා යන විවිධ ක්‍රම වේ. පෘෂ්ඨිය මතින් ගලායාම හා දිය පහරවල ගලායාම යන ක්‍රම දෙක මෙයට ඇතුළත් වේ. මෙසේ ගලා යන ජලය, පොළොව තුළට කාන්දු වීම, වාෂ්පිකරණය වීම, විල් හා ජලාශ වල තැන්පත් වීම හෝ කෘෂිකර්මය හා අනෙක් මනුෂ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගැනීම වැනි ඕනෑම කාර්යයකට දායක වේ.

කාන්දුවීම යනු පෘෂ්ඨිය ජලය පොළොව තුළට ගලා යාමයි. මෙම ජලය පාංශු ජලය හෝ භූගත ජලය ආකාරයට පවතී.

උපපෘෂ්ඨිය ගලායාම යනු කිඳුණු කලාප හෝ ජලධර ලෙස පොළව යට ජලය ගලා යාමයි. උපපෘෂ්ඨීය ජලය උල්පත් ලෙස හෝ පොම්ප කිරීම මඟින් නැවත ඉහළට පැමිණීම හෝ සාගරයට ගලායාම සිදුවේ.ගුරුත්වාකර්ෂණය, එමඟින් බලපෑමක් ඇති පීඩනයක් මඟින් ජලය කාන්දු වු ස්ථානයට වඩා උස් මට්ටමකට අඩු ස්ථානයකින් නැවත මතුවේ. භූගත ජලය ගලායාම මන්දගාමී වන අතර නැවත පිරවීමට ගතවන කාලයද මන්දගාමීය. එමනිසා එම ජලධරවල අවුරුදු දහස් ගණනක් පවතී.

වාෂ්පීකරණය යනු පොළොව මතුපිට ගලා යන ජලය ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්වී වායුගෝලයට එකතුවිමයි. වාෂ්පීකරණය සඳහා බලය ප්‍රාථමිකව ලැබෙන්නේ සුර්ය විකිරණයෙනි. වාෂ්පීකරණයට ශාක වලින් ලැබෙන උත්ස්වේදනයද අයත් වේ. වාර්ෂික මුළු වාෂ්පීකරණ ප්‍රමාණය 505,000km3 පමණ වන අතර එයින් 434,000km3 ම වාෂ්ප වන්නේ සාගරයෙනි.

ඌර්ද්වපාතනය යනු ඝන ජලය (හිම හෝ අයිස්) තත්ත්වයේ සිට කෙළින්ම ජල වාෂ්ප ලෙස සිදුවන අවස්ථා විපර්යාසයයි.

අභිවහනය යනු ඝන, ද්‍රව හෝ වායු අවස්ථාවේ පවතින ජලය වායුගෝලය හරහා ගමන් කිරීමයි. අභිවහනයෙන් තොරව සාගරයෙන් වාෂ්ප වන ජලය නැවත ගොඩබිමට වර්ෂාව ලෙස ලැබීමට හැකියාවක් නොලැබේ.

ඝනීභවනය යනු ජලවාෂ්ප, වාතයේ ද්‍රව ජල බින්දු බවට පත්වීම මඟින් වළාකුළු හෝ මීදුම ඇතිවීමයි.

ජල චක්‍රය කාලයත් සමඟ වෙනස්වීම

සංස්කරණය

ජල චක්‍රය යනු ජලගෝලය හරහා ජලයේ චලනය පැහැදිලි කරන ක්‍රියාවලියයි. නමුත් ජල ප්‍රමාණයෙන් විශාල කොටසක් ජල චක්‍රය තුළින් ‍ගමන් නොකර දීර්ඝ කාලයක් තිස්සේ ගබඩා වී පවතී. මෙම ජලයෙන් වැඩි කොටසක් ගබඩා කර තබාගන්නේ සාගරයේය. ඇස්තමේන්තු කර ඇති ආකාරය අනුව ඝන සැතපුම් 332,500,000(1,386,000Km3) ජල සැපයුමෙන් 321,000,000 ඝන සැතපුම් (1,338,000,000Km3) ජල ප්‍රමාණයක් හෙවත් 95% සාගර වල ගබඩා කර පවතී. තවද ජල චක්‍රයට සැපයෙන ජල වාෂ්ප වලින් 90% පමණ සැපයෙන්නේ සාගරයෙනි.

ශීත දේශගුණ තත්ත්ව වලදි වැඩි හිම වැස්ම හා ග්ලැසියර ඇතිවන අතර, ගෝලීය ජල සැපයුමෙන් කොටසක් අයිස් බවට හැරවීමෙන් ජල චක්‍රයේ අනෙක් කොටස් වලට ලැබෙන ජල ප්‍රමාණය අඩු වේ. උණුසුම් කාලගුණයේදී මෙහි විරුද්ධ ආකාරය සිදුවේ. හිම යුගයේදී ලෝකයේ ගොඩබිම් ප්‍රමාණයෙන් 1/3 පමණ අයිස් වලින් වැසී තිබුණු අතර එම හේතුවෙන් සාගර ජලමට්ටම වර්තමාන ප්‍රමාණයට වඩා අඩි 400(122m) පමණ පහතින් තිබුණි. අවුරුදු 125,000 පමණ පෙර පෘථිවියේ අවසාන උණුසුම් අවධියේදී සාගර මට්ටම අඩි 18 (5'5m) දැනට වඩා ඉහළින් පිහිටා තිබුනි. අවුරුදු මිලියන 3 පමණ පෙර සාගරය දැනට වඩා අඩි 165 (50 m) පමණ ඉහළින් තිබු බවට විශ්වාස කෙරේ. 2007 පැවැති දේශගුණික විපර්යාස සඳහා වු අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) ප්‍රතිපත්ති සම්පාදනයේදී විද්‍යාඥයෝ ඒකමතිකව පිළිගත් කරුණක් වන්නේ ජල චක්‍රයේ ශ්‍රීඝ්‍රතාවය 21 වන ශතවර්ෂ පුරා වර්ධනය වන බවයි. නමුත් මෙහි අදහස් ලෝකයේ සියළුම කලාපවල වර්ෂාපතනය ඉහළ යන බව නොවේ. උපවර්තන කලාපයන්ට සාපේක්ෂව වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවලට 21 වන ශතවර්ෂයේදී වර්ෂාපතනයේ අඩු වීමක් පෙන්විය හැකිය. එමඟින් නියඟ ඇතිවීමක් පෙන්විය හැකි අතර නියඟ ඇතිවීමේ සම්භාවිතාව ඉහල යයි. මෙම වියළි බාවය වර්ධනය ධ්‍රැවසාන්න උපනිවර්තන කලාප (උදා:- මධ්‍යධරණී ප්‍රදේශය, දකුණු අප්‍රිකාව, දකුණු ඕස්ට්‍රේලියාව, නිරිත දිග ඇමරිකා එක්සත් ජනපදය) වල වඩා බලවත් වේ. වර්තමානයේදී තෙත් කාලගුණයක් පවතින සමක ආසන්න ප්‍රදේශවල ඉහළ යාමක් බලා‍පොරොත්තු වේ. මෙම මහාපරිමාණ දේශගුණික රටාව IPCC හි 4 වන ඇගයුමට අනුව ජාත්‍යන්තර පර්යේෂණායතන කිහිපයකම සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵල ලෙස ලැබුණි.

ග්ලැසියර දියවීමද ජල චක්‍රයේ වෙනස්වීම සඳහා උදාහරණයකි. මෙහිදී වර්ෂාපතනයෙන් ග්ලැසියර වලට ලැබෙන ජලප්‍රමාණය, ඌර්ද්වපාතනය මඟින් හා දියවීම මඟින් සිදුවන ජලහානිය ප්‍රකෘතිමත් කිරීමට ප්‍රමාණවත් නොවේ. 1850 සිට ග්ලැසියර දියවීම පුළුල්ව සිදු වී ඇත.

  • කෘෂිකර්මය
  • වායුගෝලීය රසායනික සංයුතිය වෙනස් කිරීම
  • වේලි තැනීම
  • වන හානිය හා වනරෝපණය
  • ගංගා සංගමනය
  • නාගරීකරණය

දේශගුණික බලපෑම්

ජල චක්‍රයට බලය සැපයෙන්නේ සුර්ය ශක්තියෙනි. ගෝලීය වාෂ්පීකරණයෙන් 86% ම සිදුවන සාගරයේ උෂ්ණත්වය වාෂ්පීකාර සිසිලනය හේතුවෙන් පහත වැටේ. වාෂ්පීකරණයෙන් වන සිසිලනය නැවතුන විට හරිතාගාර ආචරණය මඟින් පෘෂ්ඨිය උණුසුම සෙල්සියස් අංශක 67 C වැනි ඉහළ අගයක් විය හැකි අතර එමඟින් ලෝක ගෝලය වඩා උණුසුම් වේ.

ජලයේ නේවාසික කාල සීමාවන්

සංස්කරණය

යම් ප්‍රදේශයක් තුල ජලය රදා පවතින කාල සීමාව සඳහා ජලයේ නේවාසික කාල සීමාව යැයි කියනු ලැබේ.එය මනිනු ලබන්නේ ජලය යම් ප්‍රදේශයක් තුල ස්ථානගත වී පවතින කාලයේ සාමාන්‍ය ගණනය කිරීමෙනි.

භූගත ජලය එම ස්ථානයෙන් පිට වීමට පෙර පෘථිවි අභයන්තරයේ වසර 10,000 පමණ කාලයක් ස්ථානගතව පවතී.විශේෂයෙන් පැරණි ජලය සඳහා පොසිල ජලය(fossil water)යැයි කියනු ලැබේ.පාංශු ජලය රඳා පවතින කාල සීමාවද ඉතා කෙටිය.මක්නිසාදයත් පෘථිවිය වටා තුනී පැතිරීමක් එහි දක්නට ලැබෙන හෙයින් හා එය පහසුවන් වාෂ්පීකරණය හා උත්ස්වෙදනයට හසුවන බැවිනි.වර්ෂාව ලෙස පොළොවට පතිත වීමට පෙර වාෂ්පීකරණය වූ ජලය වායුගෝලය තුල දින 9 ක පමණ කාලයක් රැඳී පවතී.

විශාල අයිස් තලාවන් ආශ්‍රිතව එනම් ග්රීන්ලන්තය,ඇලස්කාව වැනි ප්‍රදේශ වල දීර්ඝ කාලයක් තිස්සේ ජලය රැඳී පවතී .අන්ටර්ක්ටිකාවේ පවතින ජලය මිට වසර 800,000 පෙර තැන්පත් වූ ඒවාය.

ජල විද්‍යාවේදී ජලයේ නේවාසික කාලය ගණනය කරන ආකාර දෙකකි.

ජලයේ නේවාසික කාල සීමා වල සාමාන්‍ය

ජලය රඳාපවතින ස්ථානය රඳා පවතින සාමාන්‍ය කාල සීමාව
ඇන්ටාක්ටිකාව වසර 20,000
සාගර වසර 3,200
ග්ලැසියර වසර 20 - 100
සෘතුමය හිම වැස්ම මාස 2 - 6
පාංශු ජලය මාස 1 - 2
නොගැඹුරු භූ ගත ජලය වසර 100 - 200
ගැඹුරු භූගත ජලය වසර 10,000
විල් වසර 50 - 100
ගංගා මාස 2 - 6
වායු ගෝලය දින 9

අමතර අවධානයට

සංස්කරණය

|Hydrologic_cycle Changes_over_time |-

Water cycle Description

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ NASA (2012-01-12). "NASA Viz: The Water Cycle: Following The Water". svs.gsfc.nasa.gov (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-09-28.

භාහිර සබැඳි

සංස්කරණය