ජීවිතයේ මංගල සම්මත අවස්ථාවල දී "ජයමංගල ගාථා" සජ්ඣායනා කිරීම සම්ප්‍රදායක් ලෙස සිදුවේ. විශේෂයෙන් ම බෞද්ධ යුවලක් යුග දිවියට එළඹෙන විවාහ මංගල්‍ය උත්සවයක දී මෙය අනිවාර්ය අංගයක් ලෙස සිදුවේ. ජයමංගල ගාථා කීම සිදු කෙරෙන්නේ සත්‍යානුභාවය මුල්කොට ගෙන සෙත් පැතීම සඳහා ය. ජයමංගල ගාථාවල කියැවෙන්නේ බුදුන්ගේ අසිරිමත් වූ ගුණ තේජස සහ නොයෙක් අවස්ථාවල දී ජයගත් ආකාරය යි. එසේ ජය ගන්නා වූ ගෞතම මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ තේජසින් ඔබට ජය මංගලයක් වේවා (තං තේජසා භවතු තේ ජයමංගලානි) යනුවෙන් ඒ සෑම ගාථාවක් ම අවසානයේ සෙත් පතනු ලැබේ.

අට්ඨ ගාථා සහ ඒවායේ තේරුම්

සංස්කරණය

———පාලි
බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං
ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං
දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු (තේ) ජය මංගලානී

මාරාතිරේක මභියුජ් ජිත සබ්බ රත්තිං
ඝෝරම්පනාලවක මක්ඛ මථද්ධ යක්ඛං
ඛන්තී සුදන්ත විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු (තේ) ජය මංගලානී

නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං
දාවග්ගිචක්ක මසනීව සුදාරු නන්තං
මෙත්තම්බුසේක විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු (තේ) ජය මංගලානී

උක්ඛිත්ත ඛග්ග මතිහත්ථ සුදාරුනංතං
දාවන්තියෝ ජනපදංගුලිමාල වන්තං
ඉද්ධීභිසංඛතමනෝ ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු (තේ) ජය මංගලානී

කත්වාන කට්ඨමුදරං ඉවගබ්භිනීයා
චිඤ්චාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේ
සන්තේන සෝම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු (තේ) ජය මංගලානී

සච්චං විහාය මති සච්චක වාදකේතුං
වාදාභිරෝපිතමනං අති අන්ධ භූතං
පඤ්ඤා පදීප-ජලිතෝ ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු (තේ) ජය මංගලානී

නන්දෝපනන්ද භුජගං විබුධං මහිද්ධිං
පුත්තේන ථේර භුජගේන ධම්මාපයන්තෝ
ඉද්ධූපදේස විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු (තේ) ජය මංගලානී'

දුග්ගාහදිට්ථි භුජගේන සුදට්ඨ හත්ථං
බ්‍රහ්මං විසුද්ධි ජුතිමිද්ධි බකාභිධානං
ඤාණාගදේන විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු (තේ) ජය මංගලානී

———සිංහල
දාසක්‌ මවාගෙන අතුත් අවියෙන් සමත් වූ
ගිරි මේඛලා ඇතු නැගී සිටි මාර සේනා
දානාදි දම් විදි බෙලෙන් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා

ඒ මාරයා හට වඩා නපුරක්‌ බිරම් වූ
බෝසත් අතින් හොර අලව් යකු කෝපවත් වූ
මෙත් සිත් වඩා යස ලෙසින් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා

නාලාගිරි ඇත් රජා ඇතිතෙක්‌ම රා බී
සෝකා දෙමින් හෙණ හඬක්‌ ලෙස බෝ බිරම් වූ
මෙත්පැන් ඉසීමෙන් වහා දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා

උස්‌සා සියුම් කගපතක්‌ සුරතින් රැගත් වූ
බෝසේ රකුස්‌යුරු අඟුල්මල් නම් සොරා ඒ
පාලා යසේ ඒ ඉඳු බෙලෙන් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා

රාසේ බැඳන් බොරු බඩක්‌ ගැබිනි විලාසෙන්ආ
වේ නිගාකර සභාවට චින්චිමානා
සන්සුන් ලෙසින් ගුණ වඩා දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා

වාදෙන් සමත්කම් නැගු කොඩියක්‌ විලාසෙන්ඇ
ත්තෙත් වෙනස්‌ සිතැති සච්චකයා විවාදී
දල්වා පහන් ගුණ නැණින් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා

නන්දොපනන්ද භුජගා ඉදුයෙන් සමත් වූ
සෑසී මුණි පුතු ලවා දැහැමින්ද දැමීමෙන්පා
ලා තෙදින් සිතු බෙලෙන් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා

දාසක්‌ ලොවේ බබළනා එළියෙන් දිමුත් වූ
බෝසේ පසන් මහබඹා වරදී වදාළා
යහපත් උතුම් නැණ බෙලෙන් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා

අවසානය

සංස්කරණය

ඒතා පි බුද්ධ ජය මංගල අට්ඨ ගාථා

මේ ලෙස බුදුන් ජය මඟුල් අට මගී මතාසේ

යෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දී

යම් ඒ කෙනෙක්‌ දින දිනේ සොඳසේ කියයි නම්

හිත්‍වාන නේක විවිධානි-ඡුපද්දවානි

නානා උපද්දාව නසා සිත දුක නොවීමෙන්

මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරෝ සපංඥෝ

අක්‌වේ සැපත් අමපුරේ සව් දුක්‌ නසාලා
"https://si.wikipedia.org/w/index.php?title=ජයමංගල_ගාථා&oldid=702939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි