ජනාධිපති විද්‍යාලය, මහරගම

1978 දී සිසුන් 600 ක පමණ සංඛ්‍යාවකින් ඇරඹි මිශ්‍ර පාසලක්‌ වූ මෙය අද සිසුන් 4000කට ආසන්න සංඛ්‍යාවක්‌ අධ්‍යාපනය ලබන ප්‍රදේශයේ ප්‍රමුඛතම පිරිමි පාසල බවට පත්වී ඇත. එදා ආචාර්ය මණ්‌ඩලය වූයේ 15 දෙනෙකි. අද 140 කට ආසන්න ප්‍රමාණයක්‌ සිටිති. ප්‍රමාණාත්මකව ලැබූ දියුණුව . ගුණාත්මක අංශයෙන් ද විශිෂ්ට දියුණුවක්‌ ලබා ඇති බව විභාග ප්‍රතිඵල හා බාහිර ක්‍රියාකාරකම්වලින් ලබා ඇති ජයග්‍රහණවලින් පෙන්නුම් කරයි

ජනාධිපති විද්‍යාලය
මහරගම ජනාධිපති විද්‍යාලිය නිල ලාංචනය.
Location
Map

තොරතුරු
වර්ගයරාජ්‍ය පාසලකි
ආදර්ශ පාඨයවියත් දසදෙස පුදත්
ආරම්භ කලේ1978
වෙබ් අඩවියhttp://www.pcmscout.org/si             
මහරගම ජනාධිපති විද්‍යාලිය ධජය.

ඉතිහාසය සංස්කරණය

මහරගම නගරය ආශ්‍රිත ප්‍රදේශය අධික ජන ප්‍රසාරණයකට ලක්‌වීම නිසා 70 දශකයේ අග භාගය වන විට ප්‍රශ්න රාශියකට මුහුණදීමට සිදුව තිබිණ.

මේ අනුව 1978 ජනවාරි මාසයේ නව පාසල ආරම්භ විය. එය මුලින් හැඳින්වූයේ මහරගම යෝජිත කනිෂ්ඨ විද්‍යාලය නමිනි. මේ වන විට මහරගම විද්‍යාකර විද්‍යාලයට ඇතුළත් කරගෙන සිටි 1 හා 2 ශ්‍රේණිවලට අයත් සිසුන් 600 ක්‌ පමණ හා ආචාර්ය මණ්‌ඩලය 15 ක්‌ පමණ නව පාසලට අනුයුක්‌ත කර අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලදී. විදුහල්පතිනිය වශයෙන් විද්‍යාකර විද්‍යාලයේ සිට පැමිණි එල්. විඡේරත්න මහත්මිය කටයුතු කළාය.

එවකට අධ්‍යාපන ඇමැතිව සිටි අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාගේ සහභාගිත්වයෙන් 1978 ජුනි මාසයේදී පාසල නිල වශයෙන් විවෘත කිරීම සඳහා පැවැත්වූ අති උත්කර්ෂවත් උත්සවයෙන් පසු මෙම පාසල මහරගම ජනාධිපති විද්‍යාලය නමින් හැඳින්විණි. ඒ සමඟම කොළඹ ආනන්ද විද්‍යාලයේ සේවය කරමින් සිටි ඡේ. එස්‌. වී. එස්‌. සොයිසා මහතා මෙම පාසලට විදුහල්පති වශයෙන් පත්ව ආවේය. නව පරිපාලනය යටතේ පාසල ක්‍රමවත්ව දියුණු වන්නට විය. විද්‍යාකර විද්‍යාලයේ පාලනයෙන් ඉවත් වී වෙනම ස්‌වාධීන පාසලක්‌ වශයෙන් කටයුතු විය. ශිෂ්‍ය සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය විය. එක්‌ ශ්‍රේණියකින් සමාන්තර පංති නවයක්‌ විය. ඒවා ඕලු, නෙළුම්, මානෙල්, රෝස, සමන්, නාමල්, අරලිය, අශෝක, සේපාලිකා වශයෙන් දරුවන්ගේ සිත් ඇදී යන නාමයන්ගෙන් හැඳින්විණි. වසරින් වසර ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය විය. ගුරු මණ්‌ඩලය ද ඒ අනුව වැඩි විය. අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් සාර්ථකව ඉදිරියට යන අතර සිසුන්ගේ බාහිර ක්‍රියාකාරකම් ද විවිධ මං ඔස්‌සේ ජයග්‍රහණ ලබමින් විහිදෙන්නට විය.

වසරින් වසර ශිෂ්‍ය සංඛ්‍යාව සීඝ්‍ර ලෙස වර්ධනය වූයෙන් තෙමහල් ගොඩනැඟිලි ඉදිවන්නට විය. එක්‌ තෙමහල් ගොඩනැඟිල්ලක්‌ සම්පූර්ණ වියදම් දරා දෙමාපියන් විසින් ඉදිකරවන ලදී. ආගමික නැඹුරුවක්‌ ලබාදීම සඳහා බුදුමැදුරක්‌ද සිසු කුසලතා ඔප්නැංවීම සඳහා එළිමහන් රංගපීඨයක්‌ ද ඉදිකරන ලදී.

5 වැනි ශ්‍රේණිය දක්‌වා පමණක්‌ පංති පැවැත්වීමේ අදහසින් මෙම පාසල ආරම්භ කළද පරිපාලනයේ උසස්‌ හැකියාවනුත් දරුවන්ගේ අධ්‍යාපන දක්‍ෂතාත්, දෙමාපියන්ගේ ප්‍රබල ඉල්ලීමත් නිසා මෙම පාසලට උසස්‌ පෙළ දක්‌වා විහිදී යැමට ඉඩ සැලසිණි. මේ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සා.පෙළ හා උසස්‌ පෙළ විභාගවලින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වීමට අප සිසු දරු දැරියන් සමත් වූහ.

මහරගම ප්‍රදේශයේ ළාබාලම පාසල වුවද, මේ අවට පාසල් 11 කට මූලිකත්වය දෙන පර්ෂද මූලස්‌ථ පාසල බවට මහරගම ජනාධිපති විද්‍යාලය පත්වූයේ එහි පරිපාලනයේ සුවිශේෂී දක්‍ෂතාවන් නිසා බව පැවසිය හැකිය.

ක්‍රීඩා සංස්කරණය

  • ක්‍රිකට්
  • බැට්මින්ටන්
  • මලලක්‍රීඩා
  • ජිම්නාස්ටික්
  • චෙස්
  • අත්පන්දු
  • ‍රගර්
  • පාපන්දු
  • වොලිබෝල්
  • ජලාශ්‍රිත ක්‍රීඩා
  • හොකී

සමාජ හා සංවිධාන සංස්කරණය

තව දුරට සංස්කරණය

නිවාස සංස්කරණය

  • ගැමුනු     
  • තිස්ස     
  • විජය     
  • පැරකුම්     

විදුහල්පතිවරු සංස්කරණය

  • ජෙ.එස්.වි.එස්. ද සොයිස මහතා(1978.07.11 - 1990.10.04)
  • ඩබ්.එස්.රණසිංහ මහතා(1990.10.04 – 1994.07.09)
  • ආර්.ඒ.ප්‍රෙමරත්න මහතා(1994.07.09 – 1997.02.10)
  • එස්.රාජපක්ශ මහතා(1997.02.10 – 1999.08.25)
  • කේ.ඒ.ඩී.පුන්‍යදාස මහතා(1999.08.25 – 2004.01.03)
  • ජේ.ඩබ්.එස්.සිරිවර්දන මහතා(2004.01.22 – 2009.09.31)
  • Captain ඩබ්.වසන්ත කුමාර මහතා( වත්මන් විදුහල්පති)