ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිල කාලයකට පෙර ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් කිරීම ඇති ව්‍යවස්ථාමය විදි විධානය වන්නේ දෝෂාභියෝගයයි. ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ[1] 38(02) වගන්ති අනුව දෝෂාභියෝගයක් ගෙන ඒමට නම්

  1. ජනාධිපතිවරයාට මානසික් හෝ ශාරීරික අබලතාව හේතුවෙන් ඔහුගේ ධූර කාර්යය ඉටු  කිරීමට නියත වශයෙන් නොහැකි බව.
  2. චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.
  3. රාජ්‍ය ද්‍රෝහී වීම.
  4. අල්ලස් සම්බන්ධ වැරදි.
  5. බලතල අයුතු අයුරෙන් පාවිච්චි කිරීම හා සම්බන්ධ විෂමාචාර හෝ දූෂණ හා සම්බන්ධ වරද
  6. චරිතය දූෂණය කිරිම සම්බන්ධ වරදක් කිරිම.

දෝෂාභියෝගයක් ගෙන එන පිළිවෙල සංස්කරණය

ඉහතින් සඳහන් කළ කරුණු එකක් හෝ කීපයක් කඩ කිරීම් මත ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපක් කල හැක.එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආකාර දෙකකි. එනම්,

  1. මන්ත්‍රීවරුගෙන් දෙකෙන් එකක බහුතරය මගින් කථානායක භාරදීම.
  2. පාර්ලිමේන්තු මන්ත්‍රී වරු තුනෙන් දෙකක බහුතරයෙන් කථානායකට බාර දීම.

මන්ත්‍රීවරු දෙකෙන් එකක් අත්සන් කර කථානායකට භාර දෙන චෝදනාවක් භාර දීමේ දි එය ප්‍ර‍තික්ෂේප කිරිමට හෝ භාරගැනීමට කථානායකට හැකියාවක් ඇත. නමුත් තුනෙන් දෙකක් අස්සන් කර භාර දෙන අවස්ථාව එය අනිවාර්යෙන්ම කථානායක භාරගත යුතුය. අනතුරුව කතානායක එය න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතුය නොපැමිණි මන්ත්‍රීන් ඇතුළුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙහි සම්මත විය යුතුය.

එසේ සම්මත වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරනු ලබයි. ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජනාධිපතිවරයාට පෞද්ගලික නීතිඥයෙකු මාර්ගයෙන් නිර්දෝෂිභාවය කරුණු දැක්විය හැකිය. එහිදී යෝජනාව සම්මත වුවහොත් එය නැවත පාර්ලිමේන්තුවට එවනු ලබයි. නැවත එය නොපැමිණි මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකින් සම්මත විය යුතුය.

මෙය රටක නීතියේ ආධිපත්‍ය ආරක්ෂා වන එක් අවස්ථාවකි. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් සිදු කළ අවස්ථාවකදී දෝෂාභියෝගයක් ගැනීම තුළින් රටේ මහජනතාව අපේක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක තත්වයක් උදා වේ. දෝෂාභියෝගයක් කොතෙක් දුරට සාර්ථකවනවාද යන්න තීරණය වන්නේ පාර්ලිමේන්තුවේ සිටින නියෝජිත මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලා ක්‍රියාකලාපය තුළිනි. යම් අවස්ථාවක දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ විට තුනෙන් දෙක බලය රැක ගැනීම සඳහා දේශපාලන ලෝකයේදී විවිධ බලයේ සිටින පාර්ශ්වයන් විසින් විරුද්ධ පාර්ශ්වයන් තමා පාර්ශ්වයට නම්මවා ගැනීම සඳහා විවිධ දූෂණ ක්‍රියා ම වල නියැලුන බව අප රටේ දේශපාලන අතීතය දෙස හැරි බැලුව විට දැක ගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස 1991 දි රණසිංහ ප්‍රේමදාස මහතාට විරුද්ධව එම පක්ෂය තුලින්ම දෝෂාභියෝගයක් ගෙන එන ලදි. නමුත් විවිධ බලපෑම් සිදු කර එම දෝෂාභියෝගයට මුහුණ දීමට එවකට ජනාධිපතිට හැකිවිය. ඔහු විසින් තමාට විරුද්ධව සිටි පිරිස යම් යම් වරප්‍රසාද ලබා දී එයින් ජය ලබා ගත්හ.

බාහිර සබැදි සංස්කරණය

[1] 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව