ජනවාර්ගික භාෂණය යනු යම්කිසි ජන වර්ගයක භාෂාව පිළිබඳ කෙරෙන මානව විද්‍යාත්මක අධ්‍යයනයකි. උදාහරණයක් ලෙස ආදි අමෙරිකානුවන්ගේ භාෂාව හෝ සංක්‍රමණිකයන්ගේ භාෂාව හෝ හැඳින්විය හැකිය. ජනවාර්ගික භාෂණ අධ්‍යයනකදී ප්‍රධාන ජන වර්ගය විසින් ඉහත කී උප-ජන වර්ගයන්ගේ භාෂණය පිළිබඳව දක්වනු ලබන අදහස් විමර්ශනය කෙරේ.

කෙටියෙන් කියතොත්, ජනවාර්ගික භාෂණ අධ්‍යයනයකදී කෙරෙන්නේ වෙනස් ජන වර්ග ලෝකය දකින ආකාරයත්, භාෂාණයේ විවිධත්වයත් හැදෑරීමයි. එක් ප්‍රසිද්ධ (නමුත් මතභේදාත්මක) මතයක් වන්නේ "සාෆිර්-වොෆ් යාන්ත්‍රණය” යි. මෙයින් කියැවෙන්නේ යමෙකුගේ දෘෂ්ටි කෝණය ඔහුගේ භාෂාවෙන් ඔහුට විස්තර කළ හැකි ප්‍රමාණයට සීමා වන බවයි.

ජනවාර්ගික භාෂණ පර්යේෂකයෝ පවසන්නේ මිනිසුන්ගේ දෘෂ්ටි කෝණය සහ නිර්මාණශීලී බව භාෂාවට බලපෑම් කරන බවය. උදාහරණයක් ලෙස විශ්වයේ බිහිවීම ගැන විවිධ සංස්කෘතීන්ට අයත් ජනයා තුළ පවතින විශ්වාසයන් දැක්විය හැකිය. (බර්න්ඩ් පොයීන් 1997- යී-ෆූ-තුවාන් 1974) බොහෝ භාෂාවල ‘නැගෙනහිර’ හා ‘බටහිර’ දැක්වෙන්නේ ඉර නැගෙන හා බසින දිශාව අනුවයි. නමුත් ග්‍රීන්ලන්තයේ එස්කිමෝවරුන් දිශාව දක්වන්නේ ඔවුන් දන්නා යම්කිසි තැනකට (උදා:- ගංගාවකට) සාපේක්ෂවය. එලෙසම ‘යුරෝක්’ වරුන් ද දිශාව දක්වන්නේ ඔවුන් දන්නා ප්‍රධාන භූගෝලීය සාධකය වන ක්ලාමත් ගංගාවට සාපේක්ෂවය.

"https://si.wikipedia.org/w/index.php?title=ජනවාර්ගික_භාෂණය&oldid=471504" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි