ජනවාර්ගික අධ්‍යයනයන්

ජනවාර්ගිකත්වය පිළිබඳව අධ්‍යයනය කිරීම ජනවාර්ගික අධ්‍යයනය නමින් හඳුන්වයි. මානව විද්‍යාව, ඉතිහාසය, ඉංග්‍රීසි, ආසියානු අධ්‍යයනයන් සහ ප්‍රාචීන විද්‍යාවන් වැනි සම්ප්‍රදායික විෂයන්හි ඇති ඉහළ වියදම් නිසා 20 වැනි සියවසේ දෙවෙනි අර්ධයේ දී ජනවාර්ගික අධ්‍යයනය බිහිවිණි. මෙම අධ්‍යයනයේ දි සුළු ජාතීන්ගේ සංස්කෘතිය පිළිබඳව ඔවුන්ගේම ව්‍යවහාරයෙන්, ඔවුන්ගේම භාෂවෙන්, ඔවුන්ගේ වටිනාකම් පිළිගෙන අධ්‍යයනය කරයි.

ඉතිහාසය

ජනවාර්ගික අධ්‍යයනය, 1960 සහ 1970 මුල්භාගයේ දී එක්සත් ජනපදයේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය මඟින් ඇති කරන ලදි. එයට හේතුව වුයේ එවකට අප්‍රිකානු ඇමරිකානුවන් තුළ, ආසියානු ඇමරිකානුවන් තුළ, ස්පාඤ්ඤ ඇමරිකානුවන් තුළ සහ ඇමරිකානු ඉන්දියානුවන් තුළ ස්වයං සම්ප්‍රජානනයක් වර්ධනය වීමයි. අප්‍රිකාණු ඇමරිකානු අධ්‍යයනය, ආසියානු ඇමරිකානු අධ්‍යයනය, ලතින් අධ්‍යයනය, චිකාගෝ අධ්‍යයනය, සහි දේශිය ඇමරිකානු අධ්‍යයනය යන අධ්‍යයනයන් වලට සාපේක්ෂව ජනවාර්ගික අධ්‍යයනය දෙපාර්තමේන්තු විශ්වවිද්‍යාල තුළ බිහි කරන ලදි. ජනවාර්ගික අධ්‍යයනයේ මුලාරම්භය 1968 දී සිදුවිණි. (එය 3 වැනි ලෝකයේ නිදහස් පෙරමුණෙන් මෙහෙයවන ලද අතර, Afro - ඇමරිකානු ශිෂ්‍ය සංගමයේත්, මෙක්සිකානු ඇමරිකානු ශිෂ්‍ය සංගමයේත්, ආසියානු ඇමරිකානු දේශපාලන මිතුරු සන්ධානයේත්, පිලිපීන, ඇමරිකානු ජ්‍යෙෂ්ඨ වෑයම මඟිනුත් සහ (ෆ්‍රැන්සිස්කො ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ දේශිය ශිෂ්‍ය සංගමයේත් සාමුහික වෑයමකි) ශිෂ්‍ය විරෝධතාවයක් මඟින් පළමු ජනවාර්ගික අධ්‍යයන පාසල බිහිවූ අතර, ජනාධිපති එස්. අයි. හයකාවා මහතා විසින් එහි පීඨාධිපති වශයෙන් ආචාර්ය ජේම්ස් හිරා බායාෂී (James Hirabayashi) මහතා පත් කරන ලදි. විරෝධතා වැඩි වනවාත් සමඟම ජාතිභේදයකින් තොරව එයට ළමුන් ඇතුලත් කරන ලදි. ජනවාර්ගිකත්වයේ ජාතික හා අන්තර්ජාතික මාන ගැන, උගතුන්ට අන්තර් ක්ෂේත්‍ර අධ්‍යයනයේ යෙදවීමට ජනවාර්ගික අධ්‍යයන සංගමය පිහිටුවන ලදි.

බර්ක්ලි(Berkley) විසින් පිළිගත් ජනවාර්ගික අධ්‍යයන දෙපාර්ත‍මේන්තුව සඳහා හිට්ච් (Hitch) ජනාධිපතිතුමා 1969 දී අවසර දෙන ලදි.

මුදලට නැඹුරුවීම නිසා ඇමරිකානු ඉතිහාසයේ ආසියානු ඇමරිකානුවන්ගේ, කළු ලතින් ජාතිකයන්ගේ සහ දේශිය ඇමරිකානුවන්ගේ ක්‍රියාවන් අවතක්සේරු කළ අතර එය පිළිබඳ විචාරය කිරීමට ජනවාර්ගික අධ්‍යයනය බිහි විය. ස්ත්‍රී පුරුෂ භාවය, පංති සහ ලිංගිකත්වය මුලික කොට ‍ගෙන බොහෝ විට ජනවාර්ගික අධ්‍යයනය සිදු කරයි. වර්තමානයේ දී ඇමරිකාවේ අප්‍රිකා‍නු ඇමරිකානු, ආසියානු ඇමරිකානු, ලතින් අධ්‍යයන දෙපාර්තමේන්තු සියගණන් ඇති අතර, දේශිය ඇමරිකානු අධ්‍යයන දෙපාර්තමේන්තු 50 ක් ද, ජනවාර්ගික අධ්‍යයනය වැඩ සටහන් සුළු වශයෙන් ද, ආරම්භ කොට ඇත. මෙම අධ්‍යයනය කරන ආකාරය ස්ථානය අනුව වෙනස් වන අතර උදාහරණයක් වශයෙන් UC බර්ක්ලි හි පිහිටි ජනාවාර්ගික අධ්‍යයන දෙපාර්තමේන්තුව උප කොටස් වලට වෙන් කර ඇති අතර, UC සැන් ඩියොගෝ දෙපාර්තමේන්තුව ‍එසේ කර නොමැත. පෙර ජනවාර්ගික අධ්‍යයනට අදාල ශිෂ්‍යත්ව, ඉතිහාස සහ ජාතිවාද කණ්ඩායම් වල අනන්‍යතාවයන් මත රඳා පැවති අතර, ජාතිවාදයෙන් ඔබ්බට ගිය අධ්‍යයනයක් සිදු කිරීමට තරම් වර්තමානයේ එය පුළුල් වී ඇත. සමාජ විද්‍යාවේ, ඉතිහාසයේ , සාහිත්‍යයේ සහ සිනමාවේ එන නොයෙකුත් න්‍යායන් සහ ක්‍රම උපායන් මත ජනවාර්ගික අධ්‍යයනය රාමු වී පැවතුණි. වර්තමානයේ ඒ සඳහා ජාතික මෙන්ම අන්තර්ජාතික සම්බන්ධතාවයන් වෙනස් දෘෂ්ඨිකෝණ වලින් නිරීක්ෂණය කොට උගතුන් විසින් අධ්‍යයනය කරනු ලබයි. වර්තමානයේ දී ජාතිය ගොඩනැගීම ගැන සහ සමාජ පැහැයන් ගැන සාම්ප්‍රදායික ශ්‍රාස්ත්‍රීය අධ්‍යයනයට ‘සුදු ගතිය’ ගැන අධ්‍යයනය එකතු කර ඇත. මෙම සුදු ගතිය ජනවාර්ගික අධ්‍යයනයේ එක් අංගයක් ලෙස ඇතුලත් නොකරයි. අනෙකුත් ජාතිවාදීන් සමඟ සම්බන්ධකම් පවත්වමින් දේශපාලනික සහ නෛතික අංශ කෙසේ ගොඩනැගුවේද යන්න ගැන සුදු ගතිය ගැන අධ්‍යයනයේදී සිදුකෙරේ. උගතුන් පවසන පරිදි වර්ගවාදය කේන්ද්‍රිය විෂයකි. ඒ සඳහා ජාතිය ගොඩනැගීමට මුලික වු සමාජ, දේශපාලනික හා ආර්ථික තත්ත්වයන් ගැන අවධානය යොමු කළ යුතුයි. අද වනවිට ජනවාර්ගික අධ්‍යයනය ඉතා පහසු විෂයක් බවට පත්ව ඇත. මක් නිසාද උගතුන් ජාතිය සහ ජනවාර්ගිකත්වය ගැන අධ්‍යයනය, මානව විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳව තොරතුරු එකතු කරගෙන ඇති බැවිනි. ජනවාර්ගික අධ්‍යයනය, විවිධ කණ්ඩායම් ගැන අධ්‍යයනය ලෙස පොදුව අර්ථකතනය කළ හැකිය.


සටහන් සංස්කරණය

Ethnic_studies
"https://si.wikipedia.org/w/index.php?title=ජනවාර්ගික_අධ්‍යයනයන්&oldid=472298" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි