ජන මාධ්‍ය පාසල යනු පාසලක් හෝදෙපර්තමේන්තුවක් ‍වන අතර සාමානයෙන් එය පිළිගත් විශ්ව විද්‍යාලයක කොටසක් වේ. ජනමාධ්‍යකරුවන් පුහුණකරුවන්ය. ජනමාධ්‍ය දෙපාර්තමේන්තුවක පාසල හෝ උසස් විද්‍යාලයක ජේ. පාසල යන කෙටි නමින් ජනමාධ්‍ය පාසල හඳුන්වයි. අතීතයේ සහ වර්තමානයේ සිටින බොහෝ ප්‍රසිද්ධ සහ පිළිගත් ජනමාධ්‍යකරුවන් ජනමාධ්‍යය පිළිබඳ විධිමත් පුහුනවක් නොමැති නමුත් ඔවුන්ගේ වෘත්තියේ හැකියාව ඉගෙන ගනු ලබන්නේ බොහෝ විට පිටපත් රචිත/ රචිකාවක් ලෙසිනි. නුතන ලෝකයේ බොහෝ පෙදස්වල ජනමාධ්‍යකරැවන් විශ්වවිද්‍යාල මට්ටමේ පුහුණුවක්, පර්යේෂණ හැකියාවන්, සම්මුඛ සාකච්ඡා ක්‍රම හා ලඝු ලේඛණය ආදී තාක්ෂණික හැකියාවන්ද මාධ්‍ය න්‍යායන්ද, සංස්කෘතික අධ්‍යයනය වවන, ආචාර ධර්ම පැති අධ්‍යන කටයුතු පිළිබඳවද හැකියාන් ලබා ගනී.

අතිතයේ එක්සත් රාජාධානියේ අපේක්ෂකයන් ප්‍රථමයෙන් රාජ්‍ය නොවන උපාධියක් හදාරා පසුව පශ්චාත් උපධි මට්ටමේ දී මාධ්‍ය හැදෑරීය. එහෙත් පසුගිය දශකය තුළ මෙය වෙනස්වී ඇති අතර ජනමාධ්‍ය දැනුම හා පුහුණුව උසස් අධ්‍යාපන ආයතන තළද දැන් ලබා දේ. ජනමාධ්‍යවේදය පිළිබදව ශාස්ත්‍රෙවදය උපාධි පිරිනමන විශ්වවිද්‍යාල 60 කට වැඩි ගණනක් ද එ.රාජ්‍යය තුළ ඇත. ජනමාධ‍ය පශ්චාත් උපාධි මට්ටම දක්වා වර්ධනය වී ඇති අතර ජාතික පත්‍රකලාවේදීන්ගේ සංගමය, පත්‍රකලාවේදීන් පුහුණුව සදහා වන ජාතික මණ්ඩලය මගින් මේවා බොහෝ විට පිළිගැනේ.

"https://si.wikipedia.org/w/index.php?title=ජනමාධ්‍ය_පාසල&oldid=272212" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි