ජනපද කල්‍යාණිය නන්ද කුමරු හා විවාහ ගිවිස ගැනීමට සිටි කුමරියයි.ඇය නන්ද කුමරුගේම සොහොයුරිය විය.ජනපද කල්‍යාණියගේ මුල් නම වූයේ සුන්දරී නන්දා ය. නන්දා කුමරිය ඉතා රූමත් තරුණියක් වූ හෙයින් ඇය ජනපද කල්‍යාණි ලෙසත් විටෙක රූප නන්දා නමිනුත් බෞද්ධ පොත්පත් වල සදහන් වේ . බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු ප්‍රථම වරට සිය නෑයන්ට ධර්ම දේශනා කිරීමට පෑමිණි දිනයේ නන්ද කුමරුන්ගේ විවාහ මංගල්‍යත්, රාජ්‍යය අභිෂේක මංගල්‍යයත් යන මංගල්‍යය ත්‍රිත්වයම පැවැත් වීමට සූදානම් කර තිබුණි.බුදුන් ධර්ම දේශනාව අවසානයේ දන් වළදා පාත්‍රය නන්ද කුමරු හට දී තමා සමග එන්නැයි කීවෝය.විවාහයට සූදානම් වෙමින් සිටි ජනපද කල්‍යාණි කුමරිය වහා දුවවිත් "ආර්ය කුල පුත්‍රය ගිය සැනින් ඉක්මනින් එන්න"යැයි කීවාය.නමුත් බුදුන් වහන්සේ නන්ද කුමරු මහණ කලෝය. නන්දා ජනපද කල්‍යාණි කුමරියද පසු කලක මහණ වී රහත් බව ලැබූහ.

"https://si.wikipedia.org/w/index.php?title=ජනපද_කල්‍යාණි&oldid=498363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි