බොහෝ දෙනා සිතා සිටිනුයේ වර්තමානයේ ඇති විවිධ ජංගම දුරකථන වලට මූලාරම්භය වී ඇත්තේ අප සාමාන්‍යයෙන් පවසන ගඩොල් බාග දුරකථන හෙවත් පළමු පරම්පරාවේ අති විශාල දුරකථන කියාය.නමුත් මෙම ගඩොල් බාග දුරකථන ජංගම දුරකථන ඉතිහාසයේ එක් පියවරක් පමණයි.සත්‍ය ලෙසම ජංගම දුරකථනයේ ඉතිහාසය 1800 දක්වා දිව යන්නකි. 1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්, ශබ්දය ඉලෙක්ට්‍රෝන ධාරාවක් ලෙස ජලය හා වාතය තුලින් ගමන් කරන බව සොයගෙන, එම පදනම මත මිනිස් කටහඬ ඉලෙක්ට්‍රෝන ධාරාවක් බවට පත් කර තඹ කම්බියක් මගින් වෙනත් ස්ථානයකට යැවිය හැකි යන්ත්‍රයක් හෙවත් දුරකථනය නිපදවන ලදී.දුරකථනයේ ප්‍රධානතම වාසිය වූයේ පණිවිඩය තේරෙන භාෂාවකින්, බාධාවකින් හා ප්‍රමාදවීමකින් තොරව ඉතාමත් පහසුවෙන් ලබා ගත හැකි වීමයි.

ජංගම දුරකතනයේ විකාශය

දුරකථනය කල එලි බැසීමත් සමගම ටෙලිග්‍රාෆ් යන්ත්‍ර එකවරම අභාවයට පත් වූයේ නැත.නමුත් දුරකථනය ද පළමුව රාජ්‍ය ආයතනත් පසුකාලීනව ව්‍යාපාර ආයතනත් එකිනෙක සම්බන්ධ කිරීමට යොදාගන්නා ලදී.ඉක්මනින්ම ටෙලිග්‍රාෆ් කම්බි වලට අමතරව දුරකථන රුහැන් ද මෙම රුහැන් ජාලය හා එකට පැටලී ගියේය.මුල් කාලයේදී පරිගණක හා ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය එතරම් දියුණු නොවූ නිසා ඇමතුම් Manually 'අතින්' සම්බන්ධ කිරීමට සිදුවිය.මෙම ක්‍රමවේදය Switchboard ලෙස හදුන්වයි. Switchboard එකක් යනු සාමාන්‍යයෙන් කුඩා ගමක නිවෙස් 20ක් හෝ 30ක් තුල ඇති දුරකථන එකිනෙක සම්බන්ධ වන මධ්‍යස්ථානයක් වැනිය.මෙම ක්‍රමයේ අවාසිය වූයේ ඔබ වෙනත් රටකට ඇමතුමක් ලබා ගන්නා විට ඔබේ ප්‍රදේශයේ Switchboard ක්‍රියාකරු හා සම්බන්ධ වී,එතැනින් ඔබේ පලාතේ Switchboard මධ්‍යස්ථානයට සම්බන්ධ වී,එතැනින් ඔබේ රටේ Switchboard මධ්‍යස්ථානයට සම්බන්ධ වී යනාදී වශයෙන් මධ්‍යස්ථාන ගණනාවක් හරහා ඇමතුම සම්බන්ධ කිරීමට සිදුවීමයි.මෙහිදී සම්බන්ධ වීමට මිනිත්තු ගණනාවක්ද ගත්වීය. මාර්කෝනිගේ රේඩියෝව සැබැවින්ම අනභිබවනීය යන්ත්‍රයක් විය.මෙමගින් එක් තැනක සිට තවත් තැනකට අපහසුවකින් තොරව හා රැහැන් රහිතව පණිවිඩක් දීමට හැකිවිය. පසුකාලීනව දියුනු වූ සංඛ්‍යාත මූර්ජනය [FM] හා මුල් කාලින විස්තාර මූර්ජනය [AM]  මගින් නිසි සංඛ්‍යාතයක් ඔස්සේ පණිවිඩයක් දීමට හා ලබා ගැනීමට හැකි රේඩියෝ උපාංග නිපදවන ලද අතර මේවා තව තවත් වැඩි දියුණු කිරීමට මාර්කෝනි, මාර්කෝනි සමාගම නමින් රේඩියෝ උපාංග සමාගමක් ඇරඹුවේය. 1912 දී ටයිටැනික් නෞකාව ගිලීයාමත් සමග සංඛ්‍යාත කිහිපයකට එකවර සවන් දිය හැකි රේඩියෝ උපකරණ සියලුම නෞකා පාලක මධ්‍යස්ථාන හා වරාය වල තැබිය යුතු යැයි නීතියක් සම්පාදනය වීම , 1940 වන විට සංගීතය,ප්‍රවෘත්ති, ක්‍රීඩා හා බොහෝ වැඩසටහන් ලොව පුරා විකාෂය වන ගුවන් විදුලි තරංග ජාලයක් ලොව බිහි කිරීමට පාදකවූ ප්‍රධානම හේතුව ලෙස සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=ජංගම_දුරකථනයේ_උපත&oldid=536479" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි