ඡායාරූප මුද්‍රණය-සැකසීම් උපකරණ

සැකසීම් උපකරණ


සැකසීමට පෙර පටලය ආලෝකයෙන් තොර කාමරයක් හෝ බහාලුමක් තුළ දී කැමරාවෙන් හා එහි කැසට්ටුවෙන්, ඔතනයෙන් හෝ දාරකයෙන් ඉවත් කර ගත යුතුය.

කුඩා පරිමාණ සැකසීම

ආධුනික සැකසීමේ දී පටලය කැමරාවෙන් ඉවත් කර ගන්නා අතර සම්පූර්ණ අඳුරේදී (සාමාන‍්‍යයෙන් අඳුරු කුටියක් තුළ (ආරක්ෂක විදුලි පහන ක්‍රියා විරහිත කර) හෝ අත් සිදුරු ඇති පාරාන්ධ බෑගයක් තුළ) රීලයකට ‍ඔතනු ලැබේ. රීලය පටලය දඟර හැඩයකින් දරා සිටින අතර එක් එක් පුඩු අතර හිඩැස් ද ඇත. මේ නිසා පටල මතුපිට හරහා රසායන ද්‍රව්‍ය නිදහසේ ගලා යා හැක. ඉන්පසු රීල විශේෂයෙන් නිර්මාණය කරන ලද පාරාන්ධ ටැංකියක් තුළ (දවල් ආලෝක සැකසුම් ටැංකි ලෙස හඳුන්වන) බහාලන අතර අවසාන සේදුම සම්පූර්ණ වන තුරු එය එහි පවතී.

තහඩු පටලවලදි ඒවා ට්‍රේ, එල්වුම් (ගැඹුරු ටැංකි තුළ දී භාවිතා වන හෝ චක්‍රීය සැකසුම් සිංගාරා තුළ දී සැකසිය හැක.

වානිජමය සැකසීම

වානිජමය සැකසීමේ දී පටලය ස්වයංක්‍රීයව හෝ ක්‍රියාකරවන්නෙකු විසින් ඉවත් කරන අතර පාරාන්ධ බෑගයක් තුළ එය බහාලනු ලැබේ. සැකසුම් යන්ත්‍රය තුළට ඇතුල් කරන්නේ එයයි. සැකසුම් යාන්ත්‍රණය, අඛණ්ඩ රේඛාවක පටල එකට පුරුද්දා ක්‍රියාත්මක වන අඛණ්ඩ පදනමක් මත ධාවනය වේ. සියළු සැකසුම් පියවර තනි සැකසුම් යන්ත්‍රයක් තුළදී ස්වයංක්‍රීයව පාලනය කරන ලද කාල, උෂ්ණත්ව හා ප්‍රතිකාරක නැවත පිරවුම් සීඝ්‍රතා සමඟ සිදු කෙරේ. පටලය හෝ මුද්‍රණ එලියට මතු වන්නේ සේදී හා වියළී වන අතර අතින් කැපීමට සූදානම් වීය. සමහරක් නූතනයන්ට පටල හා මුද්‍රණ ස්වයංක්‍රීයව කැපීම සිදු කරයි. නමුත් ඉන් සමහරක දී රාමුවේ මධ්‍යයෙන් දළ සේයා පටල කැපී යයි. මෙය හේතුව ලෙස දැක්විය හැක්කේ පටල අතර හිඩැස ඉතා පටු වීම හෝ ඡායාරූපය අඩු ආලෝකයේ දී ගැනීම හේතුවෙන් පටල කෙළවර තියුණු නොවීමයි.



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Film_developing#Processing_apparatuses