ඡායාරූපකරණයේ දී පෙරහනක් යනුවෙන් හැඳින්වෙන්නේ කැමරාවේ ප්‍රකාශ පෙත හරහා යෙදිය හැකි ප්‍රකාශ පෙරහනකින් යුත් කැමරා උපාංගයකි. රඳවනයකට සම්බන්ධ කර ඇති මෙවන් පෙරහනක් සමචතුරස්‍රාකාර හෝ සෘජුකෝණාස්‍ර ව්‍යුහයක් විය හැකිය. පොදුවේ මේවා ප්ලාස්ටික් හෝ ලෝහ වලයක් (මෙය කාචය හා සම්බන්ධ කළ හැක.) හා සම්බන්ධ කර ඇති වීදුරු හෝ ප්ලාස්ටික් තැටියක ස්වභාවය ගනී.


පෙරහන් මඟින් ඡායාරූපකරුවාට, ඡායාරූප නිර්මාණය සම්බන්ධයෙන් අමතර පාලන හැකියාවක් ලබා දෙයි. ඇතැම් විටෙක ඒවා ඡායාරූපයකට ඉතා සියුම් වෙනස් කම් සිදු කිරීමට භාවිතා වන අතර ඇතැම් අවස්ථාවලදී ලබා ගන්නා ඡායාරූප පෙරහනක් යොදා නොගෙන ලබා ගත නොහැකි වන තරමට පෙරහන මඟින් ඡායාරූපය වෙත එල්ල කරන බලපෑම ප්‍රබල විය හැකිය.

පෙරහන් භාවිතය නිසා ඇති වන සෘණාත්මක ප්‍රතිඵලයන් නොසළකා හැරිය හැකි තරම්ය. එවන් ප්‍රතිඵලයයන් අතරට සීරුනු හෝ අපිරිසිදු පෙරහන් භාවිතා කළ විට ඡායාරූපයේ පැහැදිලි බවට හානි සිදු වීම සහ පෙරහන හරහා ප්‍රචාරණය වන ආලෝක ප්‍රමාණය අඩු වීම නිසා අනාවරණය ඉහළ නැංවීමට සිදු වීම යන ඒවා අයත් වේ. මේ ගැටලු අතරින් පළමු වැන්න ප්‍රවේශමෙන් පෙරහන් භාවිතය සහ ඒවා නිසි අයුරින් රැක බලා ගැනීම මඟින් වළකාගත හැකි වේ. දෙවැනි ගැටලුව බොහෝ විට භාවිතා කරන ක්‍රමවේදය හේතුවෙන් හට ගන්නක් වන අතර නිසි ලෙස සැලසුම්කරණය සිදු කළහොත් ගැටලුවක් බවට පත් නොවේ. කෙසේ නමුත් ඉහත දෙවන කරුණ හේතුවෙන් ඇතැම් තත්ත්ව යටතේ පෙරහන් භාවිතය ප්‍රයෝගික නොවේ.

බොහෝ පෙරහන් ඒවායේ රැටන් (Wratten) අංකය මඟින් හඳුනාගැනේ.


පාරජම්බුල, ධ්‍රැවන සහ ප්‍රතිදීප්තක වර්ගයට අයත් 62 mm කාච පෙරහන් මෙහි දැක්වේ.

ඡායාරූපකරණය අමුද්‍රව්‍ය සහ නිපදවීම සංස්කරණය

ඡායාරූප පෙරහන සෑදීම සඳහා බොහෝ විට වීදුරු භාවිත වේ.ඒ හැර ඇස් කණ්නාඩි සෑදීමට ගන්නා රෙසින් ප්ලාස්ටික්, පොලිඑස්ටර සහ පොලිකාබනේට් ද ඇතැම් විට ඇසිටේට් ද ඊට භාවිතා කෙරේ. අතීතයේ දී මෙම පෙරහන සෑදීම සඳහා ජෙලටින් හෝ ජෙල් භාවිතා කරන ලදි.

ඇතැම් විට පෙරහනයේ වර්ණය එය සෑදු අමුද්‍රව්‍ය සමග මිශ්‍රකොට ඇති අතර, තවත් විටෙක එය පිරිසිදු වීදුරු හෝ ප්ලාස්ටික් අතර තුනී පටලයක් ලෙස අන්තර්ගත කර ඇත..

විවිධ වර්ග වල පෙරහන් වීදුරු දෙක අතර විවිධ සංයෝග භාවිතා කරයි. උදාහරණයක් ලෙස ධ්‍රැවීකරණ පෙරහන විශේෂ පටල භාවිතා කරයි.

පෙරහන් වල භාවිතා වන මුදු බොහෝ විට ඇළුමිනියම් වලින් ‍සාදා ඇත. ඉතා වටිනා කාච වලනම් මේවා තඹ වලින් සාදා ඇත. ඇළුමිනියම් පෙරහන් මුදු, අඩු බරින් යුක්ත වුවද ඒවා ඉස්කුරුප්පු වලින් ඉවත් කිරීමට පෙරහන අඩුවක් අවශ්‍ය වේ.

පරාවර්තනය අඩු කිරීමට සහ පෙරහනය තුළට වැඩි ආලෝකයක් ඇතුළු වීම සඳහා උසස් තත්ත්වයේ පෙරහන වල ප්‍රකාශ ආලේපන කිහිපයක්ම ගල්වා ඇත. මෙසේ ආලේප කර නැති පෙරහනවලින් 9% ප්‍රතිශතයකින් ආලෝකයේ ගමන වළක්වාලන අතර ප්‍රකාශ ආලේපන කිහිපයක් ගල්වා ඇති පෙරහන මගින් 99.7% ක ප්‍රතිශතයකින්,ආලෝකය ඇතුලු වීමට සලස්වයි. ප්‍රකාශ ආලේපන නිපදවන්නන් මෙම පෙරහන විවිධ නම් වලින් අලෙවි කරයි.

  • Hoya: HMC (Hoya Multi Coating)
  • B+W: MRC (Multi Resistant Coating)

පරාවර්තනය හේතුවෙන් ඡායාරූපලව පිළිස්සුම් ඇතිවන අතර ආලෝකය අඩුවේ. මෙම සංසිද්ධිය ඉවත් කිරීමට බහු ආ‍ලේපන පෙරහන යොදා ගැනීම වැදගත් වේ. මීට වෙනත් විසඳුමක් ලෙස අධෝරක්ත හෝ පාරජම්බුල ඡායාරූපකරණය යොදාගත හැකිය

"https://si.wikipedia.org/w/index.php?title=ඡායාරූපී_පෙරහන&oldid=471914" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි