චීනයේ න්‍යෂ්ටික බලශක්තිය

(චීනයේ න්‍යෂ්ටික බල ශක්තිය වෙතින් යළි-යොමු කරන ලදි)

2014 දෙසැම්බර් වන විට, මහජන චීන සමූහාණ්ඩුව සතුව, 19 GW (ගිගා වොට් 19) ක ධාරිතාවයක් නිපදවිය හැකි න්‍යෂ්ටික බලාගාර 23ක් ඇත. එමෙන්ම 25.7 GW (ගිගා වොට් 25.7) ක ධාරිතාවයකින් යුත් න්‍යෂ්ටික බලාගාර 26ක් ඉදිකරමින් පවතී.[1][2][3] වර්ෂ 2020 වනවිට අතිරේක බලාගාර හරහා එම ධාරිතාව 58 GWe (ගිගා වොට් ඉලෙක්ට්‍රිකල් 58) දක්වා වැඩිකර සැපයීමට සැලසුම් කර ඇත.[4] චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පවසන ආකාරයට ඔවුන්ගේ අරමුණ වන්නේ 2020 වන විට න්‍යෂ්ටික බලය විසින් නිෂ්පාදනය කරන චීනයේ විදුලි ප්‍රතිශතය වත්මන් 2% සිට 6% ක් දක්වා ඉහළ නැංවීමයි. (ඇමරිකා එක්සත් ජනපදයේ 20% සහ ප්‍රංශයේ 74% හා සසඳන විට)[5] න්‍යෂ්ටික බල ශක්තිය, 2014 දී මුළු නිෂ්පාදනයෙන් 2.4% කට දායකවී ඇත. එය බිලියන 123.8 kWh (කිලෝ වොට් පැය බිලියන 123.8)[6] කෙසේ වෙතත්, න්‍යෂ්ටික බලය පුළුල් කිරීම මන්දගාමී වීමට තුඩුදී ඇති හේතු වන්නේ ඉන්ධන හිඟය, උපකරණ, සුදුසුකම් ලත් බලාගාර කම්කරුවන්, සහ ආරක්ෂා-පරීක්ෂක නිලධාරීන්ය.[7][8]

චීනයේ ෂේජියෑංහි පිහිටා ඇති සන්මෙන් න්‍යෂ්ටික විදුලි බලාගාරය
චීනයේ ෂේජියෑංහි පිහිටා ඇති කුයින්ෂන් න්‍යෂ්ටික විදුලි බලාගාරය

වායුගෝලයේ ගුණාත්මක බාවය, දේශගුණික විපර්යාස සහ පොසිල ඉන්ධන හිඟකම් වැනි ගැටලු ගැන අවධානයට ලක්කර න්‍යෂ්ටික බලය චීනයේ ගල් අඟුරු බලාගාර වලට විකල්පයක් ලෙස පරීක්ෂාවට ලක් කර ඇත.[9][10] චීනයේ ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික බලය ආශ්‍රිතව කටයුතු කරන සමාගම් 2ක් ඇත, උතුරු-නැගෙනහිර චීනයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන චීනයේ ජාතික න්‍යෂ්ටික සංස්ථාව හා චීන ප්‍රධාන න්‍යෂ්ටික බලශක්ති සමූහය - කලින් චීන ඩුවාංග්ඩොන් න්‍යෂ්ටික බලශක්ති සමූහය ලෙස හඳුන්වන ලදී - දකුණු දිග චීනයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වේ.[11] මහජන චීන සමූහාණ්ඩුව විසින් ITER ව්‍යාපෘතිය හරහා න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා හරහා විදුලිය නිශ්පාදනය කිරීම සංවර්ධනය කරමින් පවතී, මේ සදහා හෙෆෙයි වල EAST ලෙස හැඳින්වෙන පර්යේෂණාත්මක [[[න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරක]] බලාගාරය ඉදි කරන ලදී,[12] එමෙන්ම න්‍යෂ්ටික විඛණ්ඩනය සදහා විකල්ප මාධ්‍යයක් ලෙස තෝරියම් ඉන්ධන චක්‍රය භාවිතා කිරීමට පර්යේෂණ හා සංවර්ධන කටයුතු කෙරෙමින් පවතී.[13]

චීනය අන්තර් ජාතික සහයෝගය සහ තාක්ෂණය හුවමාරු කිරීමද ධෛර්යමත් කරනු ලැබේ, නමුත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියක නිෂ්පාදන හා සැලසුම් මත ස්වයං-විශ්වාසය උපරිම කිරීමට අවශ්‍යය. ACPR1000 සහ AP1000 වැනි අධි පීඩිත ජල ප්‍රතික්‍රියාකාරක නුදුරු අනාගතයේ දී ප්‍රධාන තාක්ෂණය වේ. මේ සියවසේ මැද භාගය වන විට වේග නියුට්‍රෝන ප්‍රතික්‍රියාකාරක ප්‍රධාන තාක්ෂණය වන බව පෙනෙන්නට ඇත. දිගු කාලීන සැලසුම් අනුව 2030 වනවිට 200 GW (ගිගා වොට් 200) හා 2050 වන විට 400 GW (ගිගා වොට් 400) නිපදවීමට අරමුණු කර ඇත. වේග නියුට්‍රෝන ප්‍රතික්‍රියාකාරක හරහා 2100 වන විට 1400 GW (ගිගා වොට් 1400) නිපදවීමට සැලසුම් කර ඇත.[14] චීනය, CPR-1000 අධි පීඩිත ජල ප්‍රතික්‍රියාකාරකය සංවර්ධනය හරහා ප්‍රතික්‍රියාකාරක අපනයන කරන්නන් බවට පත්වී ඇත.

ඉතිහාසය

සංස්කරණය

1970 පෙබරවාරි 8 දින, චීනය තම පළමු න්‍යෂ්ටික විදුලි බලාගාරය, හා 728 ඉන්ස්ටිටියුට් (දැන් ෂැංහයි න්‍යෂ්ටික ඉංජිනේරු පර්යේෂණ හා නිර්මාණ ආයතනය ලෙස හදුන්වයි)[15] ආරම්භ කරන ලදි. 1991 දෙසැම්බර් 15 දින චීනයේ පලමු න්‍යෂ්ටික බලශක්ති ප්‍රතික්‍රියාකාරකය වන කුයින්ෂන් න්‍යෂ්ටික විදුලි බලාගාරයේ ඇති 228 MWe අධි පීඩිත ජල ප්‍රතික්‍රියාකාරකය විදුලි බල පද්ධතියට සම්බන්ධ කරන ලදී.[16]

භූ ගෝලීය පිහිටුම්

සංස්කරණය
 
 
ලිං ආඕ
 
දයා බේ
 
කුයින්ෂන්
 
ෆැන්ග්ජියාෂන්
 
ටියාන්වන්
 
HTTR
 
හයියන්ග්
 
නින්ජ්ඩේ
 
සන්මෙන්
 
යන්ජියාන්ග්
 
හොන්ග්යාන්හේ
 

ෆුයුකිං
 

ටායිෂන්
 
ෆැන්චෙන්ගැන්ග්
 
හොංෂිඩිං
 
පෙංග්සේ
 

ෂිඩාඔවන්
 
තෝහුවාජියංග්
 
සියාංනිංග්
 
සියාමොෂන්
 
වූහු
 
චැංග්ජියංග්
චීනයේ න්‍යෂ්ටික බලාගාර
  ක්‍රියාකාරී බලාගාර
  ඉඳිකරමින් පවතින බලාගාර
  ස්ථිර ලෙස සැලසුම් කල බලාගාර

චීනයේ බොහෝ න්‍යෂ්ටික බලාගාර මුහුදු තීරයේ ඇති අතර සාමාන්‍යයෙන් සිසිලනය සඳහා සෘජු-එක්-වරක්-චක්‍රය හරහා මුහුදු ජලය භාවිතා වේ. නිව්යෝක් ටයිම්ස් පුවත්පත චීනයේ විශාල නගර අසල සිය න්‍යෂ්ටික බලාගාර තැබීමෙන්, මිලියන ගණනාවක් මිනිසුන් කිසියම් අනතුරක දී විකිරණ වලට නිරාවරණය විය හැකි බව අවධානයට ලක්කර ඇත.[11] චීනයේ අසල්වැසි ගුවාංග්ඩොංග් හා ලින්ගාඕ න්‍යෂ්ටික බලාගාර හොංකොං ආවරණය වන කිලෝමීටර් 75 අරයක් තුළ මිලියන 28 ක් මිනිසුන් ජීවත් වේ.[17]

චීනය high level waste (HLW) නිධිය ගෝබි කාන්තාරයේ ඉදිකිරීම ඇගයීමට ලක් විය. බොහෝ විට 2041 දී පමණ බේයිෂන් අසල ඉදිකිරීම් ආරම්භ කරනු ඇත.[18]

න්‍යෂ්ටික බලය ආශ්‍රිතව කටයුතු කරන සමාගම්

සංස්කරණය

අනාගත ව්‍යාපෘති

සංස්කරණය

නව ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීම ෆුකුෂිමා අනතුරත් සමග බෙහෙවින් අඩුමට්ටමකට පත්වුනි, 2012 ඔක්තෝබර් මාසයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් සම්මත ඉලක්කය ලෙස ඉදිකිරීම් යටතේ පවතින 30 GWe ද සමග 2020 වසර වන විට 60 GWe බවට පත් විය. 2015 තිබූ ඉලක්ක අනුව 2030 වනවිට 150 GWe නිපදවා විදුලි අවශ්‍යතාවයෙන් 10% ක් සැපයීමත්, 2050 වන විට 240 GWe නිපදවමින් විදුලි අවශ්‍යතාවයෙන් 15% ක් සැපයීමත් අරමුණු කර ඇත. කෙසේ වෙතත්, පශ්චාත් ෆුකුෂිමා මන්දගාමිත්වය නිසා 2030 වන විට 120 GWe පමණක් නිපදවිය හැකි වෙතැයිද පවසා තිබේ.[19]

ඉදිකරමින් පවතින න්‍යෂ්ටික බලාගාර

සංස්කරණය
නම උපරිම ධාරිතාව වත්මන් අදියර ධාරිතාව ඉදිකිරීම ආරම්භය ක්‍රියාකාරී ධාරිතාව අවසන් කිරීමට නියමිත වර්ශය ප්‍රතික්‍රියාකාරක වර්ග
ටියාන්වන් 8,380 MW 4,080 MW 1999-10-20 1999 ඔක්තොබර් 20 1,980 MW 2018/2019 4 × VVER-1000
2 × CNP-1000
2 × VVER-1200
නින්ග්ඩේ 6,108 MW 4,072 MW 2008-02-18 2008 පෙබරවාරි 18 3,060 MW 2015/2016 CPR-1000 6 × CPR-1000[9]
හොංග්යාන්හි 6,122 MW 4,122 MW 2007-08-27 2007 අගෝස්තු 27 3,072 MW 2015/2016 CPR-1000 4 × CPR-1000[20]
යැංග්ජියැංග් 6,000 MW 4,000 MW 2008-12-16 2008 දෙසැම්බර් 16 2,042 MW 2014/5/7/8 CPR-1000 4 × CPR-1000[20][21]
2 × ACPR-1000
කුයින්ෂන් 6,838 MW 5,438 MW 1985-03-20 1985 මාර්තු 20 4,038 MW 2014/2015 PWR, PHWR
ෆැන්ග්ජියාෂන් 2,000 MW 2,000 MW 2008-12-26 2008 දෙසැම්බර් 26 2,040 MW 2014/2015 CPR-1000 2 × CPR-1000[22]
ෆියුකිං 6,000 MW 4,000 MW 2008-11-21 2008 නොවැම්බර් 21 1,020 MW 2014/5/6/7 CPR-1000 4 × CPR-1000[23]
2 × ACP-1000
සන්මෙන් 6,600 MW 2,200 MW 2009-04-19 2009 අප්‍රියල් 19 0 MW 2016 AP1000 6 × AP1000[24][25]
හයියංග් 8,800 MW 2,200 MW 2009-09-24 2009 සැප්තැම්බර් 24 0 MW 2016 AP1000 8 × AP1000[24][25]
ටයිෂන් 6,800 MW 3,400 MW 2009-10-28 2009 ඔක්තෝම්බර් 28 0 MW 2015/2016 EPR 4 × EPR[26][27]
සියාංනිංග් 4,400 MW 2,200 MW 2011 0 MW 2015/2016 4 × AP1000[28]
ෆැන්චෙන්ගැන්ග් 6,000 MW 2,000 MW 2010-07-30 2010 ජූලි 30 0 MW 2015/17/19 6 × CPR-1000
චැංග්ජියංග් 2,440 MW 1,220 MW 2010-04-25 2010 අප්‍රියල් 25 0 MW 2015/2016 4 × CNP-650
එකතුව 76,328 MW 40,932 MW 17,252 MW
  • MW = මෙගා වොට්

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ http://www-pub.iaea.org/MTCD/Publications/PDF/rds2-35web-85937611.pdf
  2. ^ International Atomic Energy Agency (2011). "Power Reactor Information System: China, People's Republic of". IAEA.
  3. ^ "World Nuclear Power Reactors & Uranium Requirements". World Nuclear Association (WNA). 6 February 2011. සම්ප්‍රවේශය 15 February 2011.
  4. ^ "Start-up nearing for Chinese units". World Nuclear News. 25 March 2014. සම්ප්‍රවේශය 31 March 2014.
  5. ^ Suga, Masumi; Shunichi Ozasa (7 September 2009). "China to Build More Nuclear Plants, Japan Steel Says". Bloomberg.com. සම්ප්‍රවේශය 15 February 2011.
  6. ^ සංරක්ෂිත පිටපත, http://world-nuclear.org/info/Country-Profiles/Countries-A-F/China--Nuclear-Power/, ප්‍රතිෂ්ඨාපනය 2015-11-14 
  7. ^ "China Should Control Pace of Reactor Construction, Outlook Says". Bloomberg News. 11 January 2011.
  8. ^ Jonathan Watts (25 August 2011). "WikiLeaks cables reveal fears over China's nuclear safety". The Guardian. London.
  9. ^ a b "Nuclear Power in China". World Nuclear Association. 2 July 2010. සම්ප්‍රවේශය 18 July 2010.
  10. ^ "[宁德] 宁德核电站在福鼎开工-图 - 福建之窗 66163.com". Fjnews.66163.com. 2008-03-07. සම්ප්‍රවේශය 2013-09-24.
  11. ^ a b Keith Bradsher (15 December 2009). "Nuclear Power Expansion in China Stirs Concerns". New York Times. සම්ප්‍රවේශය 21 January 2010.
  12. ^ "China to build world's first "artificial sun" experimental device". People's Daily Online. 21 January 2006.
  13. ^ Ambrose Evans-Pritchard, 20 March 2011, Safe nuclear does exist, and China is leading the way with thorium, Telegraph UK
  14. ^ "Nuclear Power in China, Updated March 2012, World Nuclear Association". World-nuclear.org. සම්ප්‍රවේශය 2013-09-24.
  15. ^ සංරක්ෂිත පිටපත, http://www.snerdi.com.cn/en/, ප්‍රතිෂ්ඨාපනය 2015-11-14 
  16. ^ Daogang Lu (North China Electric Power University) (May 2010). "The Current Status of Chinese Nuclear Power Industry and Its Future". E-Journal of Advanced Maintenance. 2 (1). Japan Society of Maintenology. සම්ප්‍රවේශය 14 August 2010.
  17. ^ Declan Butler (21 April 2011). "Reactors, residents and risk". Nature.
  18. ^ Tony Vince (8 March 2013). "Rock solid ambitions". Nuclear Engineering International. 26 January 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 March 2013.
  19. ^ සංරක්ෂිත පිටපත, http://world-nuclear.org/info/Country-Profiles/Countries-A-F/China--Nuclear-Power/, ප්‍රතිෂ්ඨාපනය 2015-11-14 
  20. ^ a b "Hongyanhe Nuclear Power Plant in Liaoning officially started" (Chinese බසින්). 18 August 2007. සම්ප්‍රවේශය 15 February 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link) (Google translation into English.)
  21. ^ "China Guangdong Nuclear Power: third generation technology is useless to accelerate nuclear power construction for Yangjiang Nuclear Power Station" (Chinese බසින්). 29 January 2008. සම්ප්‍රවේශය 15 February 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link) (Google translation into English.)
  22. ^ "Nuclear Power Station expansion project started excavation for the nuclear island" (Chinese බසින්). 7 April 2008. සම්ප්‍රවේශය 15 February 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link) (Google translation into English.)
  23. ^ http://www1.cfi.net.cn/newspage.aspx?id=20080619001112&AspxAutoDetectCookieSupport=1
  24. ^ a b "Fuqing nuclear power plants through the environmental assessment" (Chinese බසින්). 9 March 2008. සම්ප්‍රවේශය 15 February 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link) (Google translation into English.)
  25. ^ a b "Zhejiang Sanmen Nuclear Power Plant nuclear island excavation has been completed" (Chinese බසින්). 12 August 2008. සම්ප්‍රවේශය 15 February 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link) (Google translation into English.)
  26. ^ "Taishan nuclear power project in the second half to three generations of EPR nuclear island foundation with negative digging conditions" (Chinese බසින්). 12 August 2008. සම්ප්‍රවේශය 15 February 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link) (Google translation into English.)
  27. ^ "Guangdong Taishan Nuclear Power Station was officially launched a project to dig the nuclear island negative" (Chinese බසින්). 27 August 2008. සම්ප්‍රවේශය 15 February 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link) (Google translation into English.)
  28. ^ "China's first inland nuclear power project - Xianning nuclear power plant - enters construction phase" (Chinese බසින්). 15 August 2008. සම්ප්‍රවේශය 15 February 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link) (Google translation into English.)

බාහිර සබැඳි

සංස්කරණය