චිත‍්‍රපට වර්ගීකරණය

කථාව, ආකෘතිය, තාක්‍ෂණික වැඩකටයුතු, රූපගත කරන ප්‍රදේශය ආදිය අනුව චිත්‍රපට වර්ගීකරණය සිදුකරනු ලබයි.

Western films are those "set in the American West that embod[y] the spirit, the struggle and the demise of the new frontier".[1] සේයාරුව: Clint Eastwood in the Spaghetti Western film A Fistful of Dollars (1964).

චිත්‍රපටයේ භාවිතා කරන ප්‍රදේශය, ස්ථානය, පසුතලය අනුව කරනු ලබන වර්ගීකරණයන් මෙසේ දැක්විය හැක. සංස්කරණය

  • අපරාධමය - මෙහිදී අපරාධ සිදුවන ස්ථාන, ඒවාට එරෙහිව ක්‍රියාත්මක වන ආයතන, ප්‍රදේශ ස්ථාන භාවිතා කෙරේ.
  • පෙරදිග - මෙහි චිත්‍රපටයේ සම්පුර්ණ කථාව පෙරදිග රටවලට අයත් ඒවාය.
  • අධියාථාර්ථවාදී - මෙහිදී භාවිතා වනුයේ යථාර්ථයට ඔබ්බෙන් පිහිටි පසුතලයන්ය.
  • අඳුරු සිනමාව - ප්‍රංශයේ බිහිවූ මෙය පසුව හොලිවුඩයට ව්‍යාප්ත විය.
  • ඓතිහාසිකමය - ඓතිහාසිකමය කථා නිරූපණය කිරිම සඳහා මෙහිදී ඊට අනුරුප පසුතලයක් නිර්මාණය කරයි.
  • සංගීතය පිළිබඳ - මෙම චිත්‍රපටවල සංගීතඥයින්ගේ චරිතාපදානයන්, සංගීත උපකරණ ආදිය පිළිබඳ කරුණු අඩංගු වේ.
  • බන්ධනාගාර - මෙම චිත්‍රපටවල ප්‍රධාන චරිතය හෝ සුළු චරිත සමාජ විරෝධි පුද්ගලයින් වන අතර, එම නිසා ඔවුන්ගේ ජිවීතයෙන් කොටසක් බන්ධනාගාර තුළ ජීවත්වේ. මේ සඳහා බන්ධනාගාර පසුතල නිර්මාණය කළ යුතුවෙයි.
  • විද්‍යා ප්‍රබන්ධ - විද්‍යාව සහ තාක්‍ෂණය පිළිබඳ විවිධ ප්‍රබන්ධයන් මෙයට ඇතුළත් වෙයි.
  • ක්‍රිඩාමය - ක්‍රීඩා භුමි, ක්‍රීඩාගාර ආදිය චිත්‍රපටයේ ක්‍රීඩාමය ස්වරූපය ඉස්මතු කරලීම සඳහා භාවිතා කෙරෙයි.
  • රහස්පරීක්‍ෂක - අපරාධයන්ට සම්බන්ධ රහස් සොයායන වීර චරිත ආශ්‍රයෙන් මෙම චරිත ගොඩනගා ඇති අතර ඒ සඳහා සුදුසු පසුතලයක් නිර්මාණය කෙරේ.
  • යුධමය - මෙහිදී යුධමය වාතාවරණයට අනූරූප ප්‍රදේශ, පසුතල තෝරා ගැනේ.
  • අපරදිග - අපරදිග රටවල ශිෂ්ඨාචාරය ඉස්මතු වන ලෙස ප්‍රදේශ භාවිතා කරයි.

චිත්‍රපට ඒවායේ භාවිතා වන ක්‍රියා විධික්‍රම අනුව පහත පරිදි වර්ග කරයි. සංස්කරණය

  • ක්‍රියාදාම - මෙම චිත්‍රපට ‘සුදු‘,‘කළු’ පැතලි වර්ණ භාවිතා වන හොඳ සහ නරක පිළිබඳ ආදර්ශාත්මක කථා ඇතුළත් ඒවාය.
  • වීර ක්‍රියා - ත්‍රාසය, භිතිය ඇතුළත් චිත්‍රපටයන්ය.
  • හාස්‍යෝත්පාදක - සිනහව උපදවා ප්‍රේක්‍ෂකයා රසවත් කිරීම සඳහා නිපදවෙයි.
  • කලාත්මක - ජීවිතය පිළිබඳ ගැඹුරු අර්ථ සම්පාදනය සඳහා මෙම චිත්‍රපට නිපදවේ.
  • භීතිය මුසු - ප්‍රේක්‍ෂකයා භීතියට පත්කොට රස නිෂ්පත්තිය සඳහා මෙම චිත‍්‍රපට නිපදවේ.
  • විශ්මිත - කථාවේ අවසාන වන තෙක් ප්‍රේක්‍ෂකයා ගෙන් කථා සන්දර්භය සඟවා තබාගන්න චිත්‍රපට වේ.
  • ආදර - ආදරය, ප්‍රේමය පිළිබඳ කතාවන්ය.
  • ත්‍රාසය සපිරි - මෙහිදි චිත්‍රපටය පුරා ප්‍රේක්‍ෂකයා ත්‍රාසයෙන් කුල්මත් කරවයි.


චිත්‍රපටයේ ආකෘතිය අනුව චිත්‍රපට පහත සඳහන් ආකාරයට වර්ග කෙරේ. සංස්කරණය

  • සජීවී - නළු නිළියන් යොදා ඔවුන්ගේ සජීවී රංගනය හරහා චිත්‍රපටය ධාවනය වේ.
  • සජීවීකරණය කළ - පරිගණක ආශ්‍රයෙන් ද්විමාන හෝ ත්‍රිමාණ සජීවීකරණ රූප නිර්මාණය කර චිත්‍රපට ඇතුළත් කෙරේ.
  • චරිතාපදාන - ඉතිහාසය තුළ ජීවත් වූ සත්‍ය චරිත ආශ්‍රයෙන් නිපදවූ චිත්‍රපටය.
  • වාර්තාමය - සමාජයේ සත්‍ය සිදුවීමක් ඒ ආකාරයෙන්ම රූගත කිරීම මෙහිදී සිදුවේ.
  • සංගීතමය - මෙහි චිත්‍රපටය තුළ ගීත අඩංගු අතර සමහර අවස්ථා වලදී චරිත විසින්ද ගීත ගායනය කෙරේ.


මෙම වර්ග වලට අමතරව ඉලක්කගත ප්‍රේක්‍ෂක වර්ගය අනුවද චිත්‍රපට වර්ග කළ හැක. ඒවා මෙසේය. සංස්කරණය

  • ළමා චිත්‍රපට - ප්‍රමුඛ ලෙස ළමුන් කේන්ද්‍රකරගත් චිත්‍රපට වේ.
  • පවුලේ චිත්‍රපට - සියළු වයස් කාණ්ඩයන් කේන්ද්‍රකරගත් චිත්‍රපට වේ.
  • වැඩිහිටි චිත්‍රපට - වැඩිහිටියන් සඳහා පමණක්ම වෙන්වූ චිත්‍රපට මේ ගණයේ ලා සලකයි. ඒවායේ බිහිසුණු , ප්‍රචණ්ඩ ජවනිකා මෙන්ම ලිංගික ජවනිකාද අඩංගු වේ.

අමතර අවධානයට සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "America's 10 Greatest Films in 10 Classic Genres". American Film Institute. සම්ප්‍රවේශය 2010-06-06. AFI defines 'western' as a genre of films set in the American West that embodies the spirit, the struggle and the demise of the new frontier.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=චිත‍්‍රපට_වර්ගීකරණය&oldid=615906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි