චිත්‍රාගාරයක් යනු චිත්‍රපට නිර්මාණය සඳහා සකස් කළ පාලිත පරිසරයකි. මෙම පරිසරයට අභ්‍යන්තර (ශබ්ද වේදිකාව), බාහිර (පසුපස ප්‍රදේශය) හෝ එම ද්විත්වයම අයත් විය හැකිය. සාමාන්‍ය ව්‍යවහාරයේදී චිත්‍රාගාරය යන යෙදුම චිත්‍රපට නිෂ්පාදක ආයතන හැඳින්වීමට ද භාවිතා කෙරෙයි. මීට ප්‍රධාන හේතුව වුයේ හොලිවුඩයේ ස්වර්ණමය අවධියේදී (1920 දශකයේ අග භාගයේ සිට 1940 දශකයේ අගභාගය දක්වා) ප්‍රමුඛ පෙළේ චිත්‍රපට නිෂ්පාදන ආයතන සතුව ඔවුන්ගේම චිත්‍රාගාර පැවතීමයි. වර්තමානයේද ඇතැම් නිෂ්පාදන ආයතන සතුව චිත්‍රාගාර පවතී. කෙසේ නමුත් සමස්තයක් ලෙස ලෝකය සම්බන්ධයෙන් ගත් කල (එක්සත් ජනපදයේ පවා) බොහෝ චිත්‍රපට නිෂ්පාදක ආයතන කිසිදිනෙක තමන්ට අයත් චිත්‍රාගාර පවත්වාගෙන ගොස් නැත. ඒ වෙනුවට ඔවුහු ස්වාධීන අයිතිය සහිත ස්ථාන කුලියට ගෙන සිය නිර්මාණ සිදු කර ඇත. බොහෝ විට මෙම ස්ථාන අයත් පුද්ගලයින්ම විසින් තමන්ගේම චිත්‍රපට නිපදවීම සිදු නොකරති.


සටහන් සංස්කරණය

Film_studio
"https://si.wikipedia.org/w/index.php?title=චිත්‍රාගාරය&oldid=464154" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි