චිත්‍රපට විචාරය - මාධ්‍යවේදීන් විසින් සිදුකරන විචාරයන්

මාධ්‍යවේදීන් විසින් සිදුකරන විචාරයන් සංස්කරණය

ප්‍රවෘත්ති පත්‍ර, සඟරා, විකාශක මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ පළවන ප්‍රකාශ වෙනුවෙන් ක්‍රියාකරන චිත්‍රපට විචාරකයින් බොහෝ විට විචාරය කරනු ලබන්නේ අලුතින් නිකුත් කළ චිත්‍රපටය. සාමාන්‍යයෙන් ඔවුන් දෙන ලද චිත්‍රපටයක් නරඹනුයේ එක්වරක් පමණක් වන අතර මත වාදයන් නිර්මාණය කිරීම සඳහා ඔවුන්ට ලැබෙනුයේ දිනක හෝ දින දෙකක පමණ කාලයකි. කෙසේ නමුත් විචාරකයන් චිත්‍රපට වෙත වැදගත් බලපෑමක් එල්ල කරන අතර මෙම තත්ත්වය ඇතැම් කාණ්ඩවල චිත්‍රපට සඳහා විශේෂ වේ. විශාල ජනකායක් වෙත ප්‍රදර්ශනය කෙරෙන ක්‍රියාදාම චිත්‍රපට, භීතිය දනවන චිත්‍රපට සහ විනෝදාත්මක චිත්‍රපට වෙත විචාරකයෙකුගේ මතවාදයන් නිසා දැඩි බලපෑමක් එල්ල නොවේ. චිත්‍රපටයක විචාරයෙහි බහුතර කොටසක් අයත්කර ගන්නා සාරාංශ ගත කතා සැලසුම සහ විස්තරය එම චිත්‍රපටය නැරඹීම සඳහා පුද්ගලයකු තීරණය කරයිද නොකරයිද යන්න වෙත දැඩි බලපෑමක් එල්ල කරයි. සීමිත ලෙස නිකුත් කෙරුණු ස්වාධීන නාට්‍ය වැනි කීර්තිය සඳහා වන චිත්‍රපට මත විචාරයන් මගින් ඇති කරන බලපෑම අතිශය වැදගත් වෙයි. අසතුටු දායක විචාරයක් හේතුවෙන් බොහෝවිට චිත්‍රපටයක් කොන්වී යාම සහ ඒ හේතුවෙන් එය ආර්ථික වශයෙන් අවාසි සහගත වීම සිදුවිය හැකිය.


සටහන් සංස්කරණය

Film_criticism Journalistic_criticism